වරාය නගරය නතර නොකළොත් ළගදීම නැවතත් උද්ඝෝෂණ

Published in පුවත්
Tuesday, 27 January 2015 15:24

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන චීන වරාය නගරය නතර නොවන්නේ නම් නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට කොළඹ වරාය මුල් කරගනිමින් චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබන බවත් පසුගිය දෙසැමිබර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැාඩි හානියනක් වන චීන වරාය නගරය නවතා දමන බවට මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බවත් ඔවුන් පවසයි.

විශාල හානියක් සිදුකරමින් දැනට ඉදිකරමින් යන වරාය නගරය විනාශය සිදු වූ පසු නවතා දමනවාට වඩා එය දැන්මම නවතා දැමීම ඉතා යෝග්‍ය කරුණක් බවත්, තවමත් සිදුවන්නේ එය දිනෙන් දින කල්යාම හා ව්‍යාපාතිය නිසා සමුද්‍ර විනාශය දිනෙන් දින ඉහල යාමය බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

කෙසේවෙතත් පසුගිය දිනක 'Wall Street Journal' හි (වොල් ස්ට්‍රීටි සගරාව )'GORDON FAIRCLOUGH' (ගෝර්ඩන් ෆෙරික්ලෝග් )විසින් අග්‍රමාත්‍යවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් පල කර තිබුණ අතර එහි අදහස අනුව ඉදිරියට චීනය සමග සම්බන්ධතා වැඩිකර ගැනීමට උත්සහ දරන බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මෙම ව්‍යාපෘතිය පරිසර තක්සේරු වාර්ථාවක් කර හෝ ක්‍රියාත්මක කිරීමට බොහෝවිට ඉඩ ඇති බව ඔවුන් සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය චීනයේ ඇති දූෂිතම සමාගමක්වන චීන කමියුනිකේෂන් කම්පැනි ලිමිටඞ් (China Communication Contraction Co' Ltd) (CCCC) සමාගම විසින් මේවන විට ඉදිකරමින් පවතින අතර මේ සමාගම සූඩානය, ඉතියෝපියාව, උගන්ඩා, ඇන්ගෝලාව, නයිජීරියාව, ගානා, ඉන්දුනීසියාව වැනි රටවල විශාල ධන හානියක් කරමින් දැවැන්ත පරිසර සංහාරයන් රැසකට මුල්වූ සමාගමකි.
කෙසේවෙතත් වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ හෙක්ටයාර් එකසිය විසිපහක අයිතිය ලංකා රජයටත්, හෙක්ටයාර් විස්සක් මූලික අයිතිය මෙම වරාය නගරය ඉදිකරන චීන වරාය ඉංජිනේරු සමාගම යටතේ ක්‍රියාත්මකවන චීන කොමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි ලිමිටඞ් ආයතනයට(CHEC) හිමිවනු ඇත. ඉතිරි සියලූම භූමි ප්‍රමාණය අනූනව අවුරුදු ක්‍රමය යටතේ එම චීන සමාගමට හිමිවන අතර, වරාය නගරය චීන ආධිපත්‍යය මත පාලනයවන මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිකරන බව නොරහසකි.

එම නිසා ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැවැන්ත හානියක් කරන මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලා සිටින බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us