ජනපති පැරදුනොත් පැරදුන මොහොතෙම දොට්ට

Published in පුවත්
Thursday, 18 December 2014 10:55

ජනමතය මගින් ප‍්‍රතිවාදී අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණයට පත්වුවහොත්, ජනාධිපතිධුරයේ තවදුරටත් කටයුතු කිරීමට සදාචාරාත්මක හෝ නීතිමය වශයෙන් අවකාශයක් නොමැති බව ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා ඊයේ (17) පොදු අපෙක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රකාශ කළේය.

මෙරට ව්‍යවස්ථාවේ 31 (4) (ආ) වගන්තියේ සඳහන් පරිදි වර්තමාන බලයේ සිටින ජනාධිපතිවරයා ජනධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් එහි ප‍්‍රතිපලය ලැබෙන මොහොත දක්වා පමණක් ධුරය කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ප‍්‍රතිඵලය ලැබුණු පසු ක්‍ෂණිව ඉවත්ව ජයග‍්‍රහණය කල පුද්ගලයා ජනාධිපති ලෙස දිවුරුම් දිය යුතු බව සඳහන් වේ. නමුත් කිසිදු ජන පදනමක් නැති කුඩා කණ්ඩායමක් විසින් වැරදි ප‍්‍රචාර ජනතාව අතරට ගෙනයමින් සිටි. එම ප‍්‍රකාශයන් තුළින්ම ආණ්ඩුව පරාජය පිළිගෙන ඇති බව තහවුරු වේ.

රාජ්‍ය මාධ්‍ය ජනතා මුදල් වලින් පවත්වගෙන යයි. ඔවුන්ගේ කාර්යය අපක්‍ෂපාතීව සාධාරණව සිදුකළ යුතු බව මූලික අයිතිවාසිකම් වල සඳහන් ව තිබේ. නමුත් ජාතික රූපවාහිනිය, ස්වධීන රූපවහිනිය, ගුවන් විදුලි සංස්ථාව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය ආයතන තමන්ගේ ප‍්‍රචාරණයන් ඉතාමත් අශිෂ්ඨ ආකාරයට සිදු කරමින් සිටි. ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 107 වගන්තියට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වු අපේක්‍ෂකයෙකුට රාජ්‍ය විද්‍යූත් මාධ්‍ය ආයතන වලින් විනාඩි 90 කාලයක් ලබා දිය යුතුය. ඊට වඩා කිසිම අයුරකින් ඍජුව හෝ වක‍්‍රව සහය ලබා දිය නොහැකිය. නමුත් අද නීති උල්ලංගනය කරමින් එය සිදු කරනු ලබයි. පෞද්ගලික මාධ්‍ය පවා, රාජපක්‍ෂ පාලනය විසින් බියට පත් කර තිබේ. මෙලෙස අවනීතිය තුළින් තම ප‍්‍රචාරණ කටයුතු සිදු කරයි, ජනවාරි 8 වනදායින් පසු මෛත‍්‍රී පාලනයක් තුළ නීතිය කාටත් සමාන බව ඔහු ප‍්‍රකාශ කරයි.

මෙහිදි අදහස් දැක්වූ නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා :
විධායක හස්තය භවිතා කරමින් ත‍්‍රිවිද හමුදාව හා පොලීසිය ඉතා අශිෂ්ඨ ලෙස තම මැතිවරණ කටයුතු වලට යොදා ගෙන සිටියි. ගම්, නගර පුරා තොරණ් සහ කටවුට් අශෝබන ලෙස පළ කරයි. නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා පවසන්නෙ එය ඔවුනට අදාළ දෙයක් නොවන බවයි . අදවන විට ඉන් තහවුරු වන්නෙ පොලීසියේ බොහෝ දෙනෙක් දේශපාලන ගැති කම් වලට නතුව ඇති බවයි. මෙ තුළින් සාධාරණ මැතිවරණයක් අපේක්‍ෂා කළ නොහැක. පවතින අශීලාචාර සංස්කෘතිය වෙනස් කර ශිෂ්ට සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනයක් ඇති ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ජනතාව පෙළගැසී හමාරය. නමුත් ආණ්ඩුව සධාරණ මැතිවරණයක් පැවත්වීමට ඇති ඉඩ ප‍්‍රස්තාව අහිමි කරමින් සිටි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us