තර්ජන ගැන මහකොමසාරිස් 'කම්පනයට'

Published in පුවත්
Wednesday, 24 September 2014 07:58

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.



ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට සහාය දැක්වීමට ඉඩ තිබෙන ක්‍රියාධරයන්ට පවා තර්ජන එල්ල වෙමින් පවතින බව මහකොමසාරිස්වරයා විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත්කරන ලද වාචික වාර්තාවේ දැක්වේ.


විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාධරයන් අත්අඩංගුවට ගතයුතු බවට ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි අතර, ඉන් අනතුරුව ඇතැම් ජනමාධ්‍ය පවා ඔවුන්ට විරුද්ධව වෛරී ප්‍රචාරයක් ගෙන ගිය බවත් වාර්තාවේ සඳහන් වේ.

මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙසේ බියවැද්දීමේ වාතාවරණයක් නිර්මාණය කෙරුනේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පැවැත්වෙමින් තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණයේ කටයුතු වඩාත් දුෂ්කර කිරීමේ අරමුණින් බව පෙනීයන බවත් මහකොමසාරිස්වරයා පවසයි.

වැලිවේරිය වාර්තාව


අතුරුදහන්වීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම් විභාගය පිළිබඳව සඳහන් කරන මහකොමසාරිස්වරයාගේ වාර්තාව, කොමසාරිස්වරුන් සහ කොමිසමේ නීතිවේදීන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය, උපදේශන සේවාවක් නොමැතිවීම සහ භාෂා පරිවර්තනයේ ප්‍රමිතිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ස්වාධීන නිරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව ප්‍රකාශ කරයි.

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු වැලිවේරියේ ජනතාවට හමුදාව එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ හමුදා පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත් කරන මෙන් මානව හිමිකම් මණ්ඩලය ඉල්ලීමක් කළත් එම වාර්තාව හෝ වවුනියාව සහ වැලිකඩ බන්ධනාගාරවලදී සිරකරුවන් මියයාම සම්බන්ධ පරීක්ෂණ වාර්තා තවමත් ප්‍රසිද්ධියට පත් කොට නැති බවත් වාර්තාවේ සඳහන් වේ.

මේ තත්වය යටතේ අතීතයේදී සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස සහ ජාතීන් අතර සංහිඳියාව උදෙසා 'මූලික සහ පුළුල්' වගවීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව තමන් තරයේ විශ්වාස කරන බව, මහකොමසාරිස් සයීඩ් අල්-හුසේන් පවසයි.

මානව හිමිකම් මණ්ඩලය පවත්වන පරීක්ෂණය මාර්ගයෙන් එම අරමුණ සාක්ෂාත් කරගැනීම් වස් ප්‍රබල දායකත්වයක් සැපයීම සිය අරමුණ බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන උන්නතිය උදෙසා එම පරීක්ෂණයට සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට සහාය පළ කරන මෙන් මහකොමසාරිස්වරයා යලිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us