අන්තර්ජාලයේ සංසරණයවන ලිපිය ගැන කල්පනාවෙන්. දැවැන්ත දත්ත කොල්ලකෑමක් ? Featured

Published in පුවත්
Monday, 08 July 2024 10:25

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙනි.

මෙය  2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් විසින් නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා තිබේ.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ අතර අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අනාවරණ කරගැනුණේ මෙරට, ප්‍රමුඛ පෙළේ මර්මස්ථාන රැසකට මෙන්ම ඒවායේ ප්‍රධාන නිලධාරීන් රැසකට අදාළ ලිපිය ඒ වන විටත් ඊමේල් මගින් යොමුකර තිබූ බවය.

මෙහි විශේෂත්වය වන්නේ එය මුද්‍රණය කරගැනීම, සඳහා අනිවාර්යයෙන්ම බාගත කරගත යුතුවීමය.

එහෙත් එය මුද්‍රණය කිරීමට ද හැකියාවක් පවතින්නේ නැත.

එය බාගත කළ පසු එය යවන ලද පාර්ශ්වයට එහි ඇති මැල්වෙයා, වෛරස් ආරක්ෂණ පද්ධති තුළට ඇතුළු වී අදාළ පරිගණකවල ඇති දත්ත සොරාගත හැකි බව වාර්තා වේ.

ඉන්පසුව පරිගණකයේ වේගය අඩාළ වීමද සිදුවේ.

පොලීසිය පැවසුවේ, දත්ත සොරකම් කිරීමේ අරමුණින් හෝ ඇතැම් පාර්ශ්වයන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම ලිපිය යොමුකර ඇති බවය.

විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් නොදන්නා පුද්ගලයෙකුගෙන් යම්කිසි ඡායාරූපයක්, ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් හෝ පීඩීඑෆ් පිටුවක් පැමිණියහොත් එය විවෘත නොකරන ලෙසය.

මෙවැනිම ආකාරයකින් හැකර්වරුන් 2016 වසරේදී බංග්ලාදේශයේ මහ බැංකුවෙන් ඩොලර් මිලියන ගණනක කොල්ලයක්ද සිදුකර තිබේ.

බංග්ලාදේශයේදී සිදුව ඇත්තේ, ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පතක් එරට මහ බැංකුවේ ඊමේල් ලිපිනයට ලැබී ඇති අතර එය ඩවුන්ලෝඩ් කර වසර එකහමාරකට පමණ පසුව හැකර්වරුන් විසින් ක්‍රමක්‍රමයෙන් එහි දත්ත සොරකම් කර එම කොල්ලය සිදුකර තිබීමය.

ඒ හේතුවෙන් මෙරට ආරක්ෂක අංශ මෙම ලිපිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us