ස්කයි ලයින් ඒවිඒෂන් දැවැන්ත බදු වංචාවක ?

Published in පුවත්
Thursday, 28 August 2014 20:16

නොම්බර 104/3, නව ගුවන් තොටුපල පාර, රත්මලාන (104/3, New Airport Road, Ratmalana) යන ස්ථානයේ මූලස්ථානය කරගනිමින් පවත්වාගෙන යනු ලබන ස්කයිලයින් ඒවිඒෂන් නැමැති සමාගම වසර ගණනක සිට බදුවංචාවක නිරතවන බවට තොරතුරු ලැබී තිබේ.

අදාල සමාගම ආරම්භකර ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ව්‍යවසාය 300 වැඩසටහන (300 Enterprises Programme) යටතේ  2006 වසරේදීය.

එතෙක් මෙතෙක් ආයෝජන මණ්ඩලය විසින් ලබාදී ඇති සියළු බදු සහන ලබාගෙන ඇති මේ සමාගම එම සහන ලබාගෙන ඇත්තේ ආයෝජන මණ්ඩල කොන්දේසි උල්ලංඝනය කරමින් බව වාර්තා වේ.

අදාල සමාගම විසින් මූලික වශයෙන්  ආයෝජන මණ්ඩලය සමඟ එකඟවී ඇති කොන්දේසි අනුව සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට එකඟවී ඇත්තේ වීරවිල සිටය.

ඔවුන් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අයැදුම්පත්‍රය අනුව එහි යෝජිත ස්ථානය ලෙස දක්වා ඇත්තේ (Proposed Location - Weerawila) වීරවිල ලෙසය.

කෙසේවුවද එහි මෙහෙයුම් අදාල බලපත්‍රය ලබාගත් දින සිට ක්‍රියත්මකව ඇත්තේ රත්මලාන ගුවන් තොටුපල ආසන්නයේ සිටය.

අදාල අයදුම්පත්‍ර යේ 2.2 යන අනුඡේදයේ මේ බව දැක්වේ. (එහි පිටපතක් පහත දැක් වේ)

ආයෝජන මණ්ඩලයේ බලපත්‍රය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් විසින් බදු සහන සහිතව 2006 වසරේදී තනි එන්ජිමේ ගුවන් යානා 3ක (Single Engine Aircraft), ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානා 01ක් (Twin Engine Aircraft) හා ද්විත්ව එංජින් සහිත බ්‍රමණක යාත්‍රවක් (හෙලිකොප්ටරයක්) (Twin Engine Rotorcraft) මෙරටට ගෙන්වා තිබේ.

අදාල යානා ගෙන්වීමට ආයෝජන මණ්ඩලය අවසර දී ඇත්තේ වීරවිලට වුවද මෙම යානා මේවන විට ඇත්තේ කටුකුරුන්දේ බවද පැවසේ.

(එම ගුවන් යානා ලබා ගැනීමට ආයෝජන මණ්ඩලයෙන් ලබාදුන් ලිපිය පහත දැක්වේ.)

ස්කයිලයින් සමාගමේ හිමිකරු ලෙස කටයුතු කරනු බලන්නේ කුරුකුලසූරිය ඇන්ටනි රොමේෂ් ප්‍රනාන්දු නැමැති අයෙකි.

ඔහුගේ මුල් ව්‍යාපාරය වී ඇත්තේ ඇඟළුම් කර්මාන්තය බවද වාර්තා වේ.

අදාල ආයතනයෙන් වානිජ ගුවන් නියමුවකු වීම සඳහා එම ආයතනයට රුපියල් ලක්ෂ 55ක මුදලක් එක් අයෙකු ගෙවිය යුතුවේ.

එය එකවර නොගෙවා කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව සලසා ඇති අතර එලෙස මේ දක්වා ඉන් ගුවන් නියමු බලපත්‍ර ලබාගත් ගණන 250ක් බව එම ආයතනයේ ප්‍රකාශිකාවක් අප කළ විමසීමකදී කියා සිටියේය.

(srilankamirror.com)

ජායාරූප
01- මෙම ව්‍යාපෘතිය ලබාගැනීමට ඉල්ලුම් කළ අයැදුම්පත්‍රය

1782031 843719262314011 7256036364270517188 n

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us