රට තුල නව කොවිඩ් ප්‍රභේදයක් ! රට ලොක් ඩවුන් කරයිද ? තීරණය කුමක්ද ?

Published in පුවත්
Friday, 23 April 2021 16:19

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබේ.

මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බවයි ඇය සදහන් කර සිටියේ.

කෙසේවෙතත් එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බවයි ඇය සදහන් කරන්නේ.

මේ පිලිබදව අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ ,

“මේ අවස්ථාවේ අපට දක්නට ලැබෙනවා සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ. තරුණ අයටත් තරමක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය ටිකක් වැඩිවෙනවා. ඉන්දියාවේ සහ අපේ ජාන රටාව වෙනස්. ඉන්දියාවේ තරුණ අය ආසාදිතයින් බවට පත්වීම හා මියයන ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. මේ නව ප්‍රභේදය එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.වාතයෙන් බෝවෙන හින්දා වෙනදාටත් වඩා මාස්ක් එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමිය යුතුයි. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට වාතයේ තියෙන වෛරස ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තමන් රෝගීයෙක් වීමේ හැකියාව වැඩියි. අවාසනාවකට අපිට ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒකට මුහුණදීමට නම් සාමුහිකව කටයුතු කිරීම වැදගත්“යනුවෙන් සදහන් කර ඇත.

මේ අතර පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 64ක් හමුවු බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

පීසිආර් පරීක්ෂණ 82කින් එම ආසාදිතයින් හඳුනාගත් බවයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ.

මේ අතර වන්දනා කටයුතු සඳහා අනුරාධපුර පුජා නගරයට පැමිණීමෙන් වළකින්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ඉල්ලීමක් කර තිබෙන බවත් වාර්තා වේ.

එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් -19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්න ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර රට තුල පවතින අවධානම් තත්වය පිළිබවද අදහස් දක්වමින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ඇත්තේ දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දී සිටී.

කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයිද යුධ හමුදාපතිවරයා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us