කොරෝනා ගැන හදිසි බියක්.. ආණ්ඩුවත් සලිතවේ !

Published in පුවත්
Friday, 23 April 2021 15:09

කොරොනා වෛරසය සිංහල අලුත් අවුරුදු ලැබීමට පෙර යම් පාලිත තත්වයක යටතේ තිබුණු බවක් පෙනෙන්නට තිබුණද මේ වනවිට රට පුරා යළි සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.

මෙම තත්වය සිංහල අවුරුදු උත්සව සමයේදී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය නීති නොසලකා හැරීම නිසා සිදුවූවක් බවට රජයේ බලධාරීන් වෙතින්ද චෝදනා නැගෙමින් තිබේ.

කෙසේ නමුත් එම කාල සීමාව් තුළදී සෞඛ්‍ය නීති ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් රජය ද සැලකිල්ලක් නොදැක් වූ බවද පැහැදිලිය. අවම වශයෙන් සංවරණ සීමාවන් පමුණුවා ජනතාව වෙළඳපොළ තුළ රැස්වීම අවම කිරීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. එසේම කොරෝනා එන්නත්කරණය සාර්ථකව සිදුවෙන බවත් එම එන්නත්කරන වැඩ පිළිවෙලෙන් ලෝකයේ අංක එකට පැමිණීම ඉලක්කය බවටත් කළ වහසිබස් දෙඩවීම සහ වෛරසය පාලනය කිරීමට සමත්වී ඇති බවට ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන ගිය ප්‍රචාරයන්ද පොදු මහ ජනතාව මේ කොරෝනා අනතුර නොතකා හැරීමට හේතු වී තිබූ බවත් පිළිගත යුතුය.

මේ වන විට රට පුරා කොරෝනා පොකුරු රැසක් නිර්මාණය වෙමින් තිබේ. රජයේ සෞඛ්‍ය අංශ විසින් මේ නව තත්වයට මුහුණදීම සඳහා සුදානම් වන ආකාරය ගැන සැලකිල්ලක් දැක්වීමේදී තත්වයෙහි ඇති බරපතලකම ගැන අදහසක් ගත හැකිය.
පසුගිය කාලයෙහී දිනකට ආසාදිතයන් 900 ක පමණ ඉහළ තත්වයක් වාර්තා වී තිබියදී රජය එයට සාර්ථකව මුහුණ දීමට සමත්ව සිටියද මේවන විට නුදුරේදී ඇති විය හැකි තත්වයට මුහුණ දීමට එදා පැවැති පහසුකම් ප්‍රමාණවත් නොමැති බව සෞඛ්‍ය අංශවල සූදානම අනුව පෙනෙන්නට තිබේ.

මේ තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් පසුවන්නේ ආසාදිතයන් ප්‍රමාණය රටට දරා ගැනීමට නොහැකි තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට සිදුවීම ගැන බියකින් බවද පැහැදිලිය. අවශ්‍ය ඇඳන් ප්‍රමාණය සූදානම් කරගැනීම පවා මේ මොහොතේදී සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති ගැටලුවක් බව පෙනී යයි.

මේ වෙනුවෙන් වන පහසුකම් සලසා ගැනීමට රජයක් ලෙස අසමත් වුවහොත් මේ මොහොතේ ඉන්දියාව මුහුණ දීමට සිදුව තිබෙන අතිශය ඛේදනීය තත්වයට මෙරටටද පත් වෙනු ඇත. බෞද්ධ සාහිත්‍යයේ එන විසාලා මහනුවර තුන්බිය අද ඉන්දියාවව මුහුණ දි ඇති තත්වයට සමානය. මළ සිරුරු පවා සමූහ වශයෙන් මහමඟ පුළුස්සන පුවත් වාර්ථා වී ඇත.

ඒ කෙසේ වෙතත් රජයට මේ වෙනුවෙන් පමණක් සියලු බර දැමිය නොහැකි බවත් පිළිගැනීමට සිදුවේ. ඒ විසඳා ගැනීමට තවත් ප්‍රශ්න දහස් ගනනින් ඉතිරිව තිබෙන බැවිනි.

රාජ්‍ය පාලනයේදී ආණ්ඩුවක් මුහුන දෙන ගැටලු අතිශය සංකීර්ණය. ඒවා විසඳා ගැනීම සමාජමාධ්‍යවල අදහස් පළ කරන්නන් අපේක්ෂාකරන ලෙස සිදු කළ නොහැක. විපක්ෂ කොටස් මේ තත්වයන් දන්නා නමුදු එම තත්වයන් සිය පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් යොදා ගනිමින් තවදුරටත් ආණ්ඩුවව අපහසුතාවයට පත්කරමින්ද සිටී. මේ තත්වයන් මත ජනතාවද නොමඟ යමින් අනවශ්‍ය පීඩනයකට ලක්ව වෙමින්ද සිටී.

වත්මන් ශ්‍රී ලංකාව යනු අර්බුද රැසක් සමඟ බංකොලොත්භාවය අභියස සිට ගොඩඒමට මාරාන්තික සටනක යෙදී සිටින රටක් වීමත් තුළ මේ ගැටලුවල සංකීර්ණභාවය කිහිප ගුණයකින් විශාලය. මේ නිසා අප කැමැති වූවත් නැතත් ඇතැම් තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ පවතින තත්වයන්ට යටත්ව එම තත්වයට අනුකූලවය.

විශේෂයෙන්ම කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම වෙනුවෙන් ගන්නා පියවරයන් රටේ ආර්ථිකයට වන බලපෑමෙන් නිදහස් කරගැනීම සිදුනොවුණහොත් කොරෝනා නිසා ජනතාවට වන පීඩාවට වඩා බරපතල පීඩනයකට රට ලක්වීම සිදුවිය හැකිය.

පසුගිය වසර පුරාම ආර්ථිකය නොවැටී පවත්වාගෙන යෑමට ගත් පියවරයන් බොහොමයක් ආණ්ඩුව බලපොරොත්තු වූ තරම් සාර්ථක නොවීමේ තත්වයන් තුළ අලුත් පියවරයන් වෙත යෑමට සිදු විය එහිදී කොරොනා මර්දනය ගැන දැක්වූ දැඩි ප්‍රතිපත්තීන් යම් ලිහිල් කිරීමටක ලක්කිරීමට සිදුව තිබුණු බව පෙනෙන්නට ද තිබිණි.

කොරෝනා තත්වය නිසා සුපුරුදු ආර්ථික ක්‍රියාකාරකම් අත්හටුවීමට සිදුවීම මත රටේ ආර්ථිකය එක තැන පල්වෙවී අඩපණවීම, මුදල් සංසරණය සිදුනොවීම වලක්වා ගැනීම වෙනුවෙන් නව ආර්ථික ක්‍රමවේදයකට ආණ්ඩුව මාරු විය. ආණ්ඩුව මුදල් මුද්‍රණය කරමින් දිගින් දිගටම අඩු පොලියට විවිධ ණය ලාබාදීම සිදුකළේ ජනතාව ආර්ථික ක්‍රියාකාරකම්වලට යොමුකර මෙය සක්‍රීය කර ගැනීමටය. එහෙත් ආණ්ඩුව උපකල්පනය කළ පරිදි ඒ මුදල් ආයෝජනය කිරීම සිදුව තිබුණේ නැත..ව්‍යාපාර අලුත් ජවයකින් මතු වෙනු ඇතැයි සිතුවද. ඒවා එම තරමින් සිදු වුයේ නැත. බැංකු ණය ගත් පිරිස් එම මුදල්වලින් පරණ ණය ගෙවීම් සිදුකළා හෝ අනාගත අවිනිශ්චිතභාවය නිසා ඒ ඉතිරි කරගැනීම් ආදිය සිදුකළා විනා ආයෝජනයට යොමුකළේ නැත.

මෙය ආණ්ඩුව මුහුණ දුන් අනපේක්ෂිත ගැටලුවක් වන විට හදිස්සියේම අලුත් අවුරුද්දට රු 5000 ගන්නේ වඩා පීඩිත ජනතාව වෙත බෙදාදුන්නේත් එම පිරිස් වෙළඳපොළට ගෙන්වා ගෙන වියදම් කිරීමට පෙළඹවීමක් බලපොරොත්තුවෙනි. එමඟින් අඩපණව තිබෙන වෙළඳපොළ යළි සක්‍රීය කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු විය. එය බොහෝදුරට සාර්ථක වී තිබිණි. ජනතාව සතු ඉතුරුම් පවා වියදම් කිරීමට පෙළඹී තිබිණි. මෙවර උත්සව සමයේ වෙනදා නැතිකරමේ උද්යෝගයක් ඇති බව පෙනෙන්නට තිබෙන බව මාධ්‍ය වාර්ථා කළේය. මේ අනුව ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ආදායම් ඉහළ යෑම් වාර්ථා විය. අධිවේග මාර්ගයේ ආදායම් ඉහළ යෑම ගැන පවා ඇතැමුන් පුරසාරම් දොඩා තිබිණි. මේ තත්වය ළගාකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව එම උත්සව සමයේදී කොරෝනා මර්දන නීති දැනුවත්ව ලිහිල් කළ බව පැහැදිලිව කරුණකි.

එහෙත් මේ වන විට කොරෝනා මර්දන නීති ලිහිල් කිරීමේ ප්‍රතිපලය ලෙස වසංගතය සීග්‍ර පැතිරීමකට ලක්ව තිබේ. මේ තත්වය ආණ්ඩුව බලාපොරොත්තු වූවක් නොවේ. මන්ද වසංගතය ගැන ඔවුන්ට තිබූ තක්සේරුව එතරම්ම සුලුකොට තැකීමක් වීම නිසාය. ඇතැම් විට වසංගතය ජයගත්තාය යනුවෙන් ආණ්ඩුව විසින්ම පතුරණු ලැබු මිත්‍යාවට ආණ්ඩුවම ගොදුරු වූවා විය හැකිය.

කොහොම නමුත් දැන් රටම බරපතල අනතුරක් අභිමුව සිටී. එය බිය විය යුතු කරුණකි. ජනතාව ඉතා වගකීම් සහගතව මේ තත්වයට මුහුණදීමට සිදුවීම අනිවාර්ය තත්වයකි. රජයට ඒ වෙනුවෙන් වගවිය හැකි ප්‍රමාණය ඉතා සීමාසහිත බවත් අවධාරණයට ගතයුතුව තිබේ.

- සුජය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us