කොවිඩ් පාලනය සදහා දැඩි තීරණයන් ගැනීමට ජනපතිගේ උපදෙස් මත විශේෂ කමිටුවක් !

Published in පුවත්
Thursday, 22 April 2021 09:18

කොවිඩ් 19 වෛරසය රට තුළ සීඝ්‍රයෙන් පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි තීරණයන් ගැනීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේනවා.

ඒ අනුව දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට කමිටුව තීරණය කර තිබේ.

දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු.සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීමට කමිටුව තීරණය කර ඇත.

එමෙන්ම නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව ගත් තීරණ අතර වෙයි.

(මිට අදාළ නිවේදනය පහත දැක්වේ)

මේ අතර ගත වූ දින හතර ඇතුළත කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 141 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ඊයේ (21 වැනිදා) පස්වරුව වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ​රෝගීන් 8 දෙනකු ප්‍රතිකාර ලබන බවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

දිවයිනේ දිස්ත්‍රික්ක විස්සකින් ගත වූ පැය 24 තුළදී කොවිඩ් ආසාදිතයන් 516දෙනකු වාර්තා වී තිබේ.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වෙසක් උත්සවය ආගමික කටයුතුවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර ඇත.

ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් කොවිඩ් පාලනය කිරීමේදී ගැටලු මතුවන බවත් එය කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට බාධාවක් බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටි.

පසුගිය අවුරුදු සමයේ ජනතාව සෞඛ්‍ය උපදේශ අනුගමනය නොකිරීම සමග කොවිඩ් ව්‍යාප්ත වී ඇති බවයි ඔහු පවසන්නේ.

-පංචාලි අබේසේකර

note

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us