ජිනීවා යෝජනාව සංශෝධණයට

Published in පුවත්
Saturday, 06 March 2021 13:34

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සංශෝධණයට ලක්වී තිබෙන බව වාර්තා වෙනවා.

ශ්‍ ලංකා රජය ඉදිරිපත් කළ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව අදාළ සංශෝධිත යෝජනාව ඉදිරිපත් කරන බව මානව හිමිකම් මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඊයේ ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මගින් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන්.
ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි සංශෝධිත යෝජනාවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය යෝජනා කර තිබූ ආකාරයෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීම හෝ සංචාරක තහනම් පැනවීම ඇතුළත් කර නැහැ.
එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමද නව යෝජනාවට ඇතුළත් නොවන බව සඳහන්.
එමගින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය සාක්ෂි එක් රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය අවශ්‍ය වන බවයි.
එමෙන්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අනාගත වගවීම් ක්‍රියාමාර්ග තහවුරු කළ යුතුයි.

දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් තවදුරටත් කොන්වීම සහ ඔවුන් සම්බන්ධයෙන් බලපෑම් සිදුකිරීම වැළැක්වීම මෙන්ම මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය සුරැකීම වැදගත් වනවා. යුද්ධයෙන් පීඩාවට ලක්වූවන්ගේ පොදු සිහිගැන්වීම් සඳහා සීමාවන් පැනවීම සඳහා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන්ද අවධාණය යොමුවී ඇති බවයි නව යෝජනා කෙටුම්පතේ දැක්වෙන්නේ.

කවර ආකාරයෙන් කවරෙකු විසින් සිදුකළද මෙරට සිදුව ඇති සියලු ආකාරයේ ත්‍රස්තවාදී සහ ප්‍රචන්ඩ අන්තවාදී ක්‍රියා අවිවාදයකින් තොරව හෙළා දකින බවද මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියේ නව සංශෝධනවලට ඇතුළත්.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළත්ව තිබූ ප්‍රකාශයද නව කෙටුම්පතේ සංශෝධනය කර තිබෙනවා.

විසිවන සංශෝධනය සඳහා වූ මංපෙත් සහ ක්‍රියාමාර්ග යන්න වෙනුවට එහි දැක්වෙන්නේ විසිවන සංශෝධනය බලගැන්වීම යන වදනයි.

කෙසේ නමුත් ස්වාධීන ආයතනවල ක්‍රියාකාරීත්වය ව්‍යවස්ථා සංශෝධන මගින් තහවුරු විය යුතු බව නව යෝජනාවේද අඩංගු කරුණක්

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us