කැළණිය ගුවන් පාලම අනතුරේ. මහමාර්ග බලධාරීන් වවාගෙන කයි. ඇමැතිටත් කුට්ටියක් Featured

Published in පුවත්
Monday, 18 February 2019 12:32

කැළණියේ ජෙයරාජ් ප්‍රනානන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම දැන් වසර කිහිපයක සිට අනතුරුදායක තත්වයකට පත්ව තිබුණද එය අලුත් වැඩියා කටයුතු තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මඟ නැගුම යන්ත්‍රොපකරණ හා ඉදිකිරීම සමාගමේ ඉහළ බලධාරීන් කිහිප දෙනෙකුගේ කොමිස් ගනුදෙනුවක් නිරාකරණය කර ගැනීමට නොහැකිවීම නිසා බවට දැන ගැනීමට තිබේ.

පාළම ඉදිකිරීමේදී යොදා ගත් යකඩ බීම් සහ ඩෙක් පැලට් සම්බන්ධ වන තැන් වල ඇණ බුරුල් වීම නිසා දැන් කාලයක පටන් වාහන ගමන් කිරීමේදී විශාල ශබ්ධයක් නිකුත් වෙමින් තිබූ අතර ඒ තව දුරටත් එලෙසම පැවැතිය හොත් පාලමට අනතුරක් සිදු වී බරපතල තත්වයක් ඇති විය හැකිව තිබිණි.

මෙය වහා අලුත් වැඩියා කළ යුතුව තිබිණි. මෙම පාලම 2008 වසරේදී ඉදිකිරීම සිදු කළේ Mabey Bridge Ltd ආයතනය ප්‍රධාන කොන්ත්‍රාත් කරු ලෙස හා Access Engineering සමාගම උපකොන්ත්‍රාත් කරුවා ලෙසයි.  පාලම අලුත් වැඩියාව සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතු අතර ඒ අනුව එම කටයුතු මග නැගුම ආයතනයට පැවැරිනි.

මග නැගුම සමාගම යනු දුෂණ වංචාවල ප්‍රමුඛතම ආයතයක් වන තර මෙම පාලමේ අලුත් වැඩියා කටයුතුද සුපුරුදු පරිදි වංචා සහගතව තෝර ගත් එක් කොන්ත්‍රාත් කරුවෙකු වෙත පවරා දෙනු ලැබීය. විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙම පැවැරීම සිදු කරන ලදී . එය ලබා දුන්නේ මෙම පාලම ඉදිකළ මෙරට ගුවන් පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතම හා ප්‍රවීනම ආයතනය වන Access Engineering සමාගමට නොවේ.

පසුගිය 2017 වසරේ ජුනි 22 වන දින මේ අලුත් වැඩිය කටයුතු හිතවත් කොන්ත්‍රාත් කරුවෙකු වෙත පැවැරීමට මග නැගුමේ එවකට නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) උදය විදානගමආච්චි ( වත්මන් සාමන්‍යධිකාරී) සහ මර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි ,අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් හිතුමතේ තීන්දු කරන ලදී. මෙම කොන්ත්‍රාත් කරුවා Unique Construction නමින් හඳුන්වන ආයතනයක් වන තර මීට පෙර කිසිදා ගුවන් පාලම් ඉදි කිරීම හෝ අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් හෝ කිසිදු පළ පුරුද්දක් නොමැති ආයතයක් වීම විශේෂත්වයකි.

මග නැගුමේ දුෂිත නිලධාරීන්ගෙ සුපුරුදු පිලිවෙත අනුව කොන්ත්‍රාත් ආයතන ‍තෝරා ගන්නෙ තමන්ගේ සාක්කුවට වැටෙන ගාන අනුවය. මෙම ආයතනයට කොන්ත්‍රාත්තුව පිරි නැමීම එහෙම අල්ලසකට මිසක් වෙන ලැබෙනා කිසිදු හේතුවක් නැත.

කොහොම නමුත් මේ ලබා දුන් කොන්ත්‍රාත්තුව හෝ නියමාකාරයේන් සිදු වේ නම් කමක් නැත..එහෙත් එය එසේ සිදුව නොමැත. 2017 අගෝස්තු 21 වන දින වැඩ ආරම්බ වූ මෙම අලුත් වැඩියා කටයුතු අදාල කොන්ත්‍රාත් ගිවිසුම අනුව 2018 මැයි 14 වෙනි දින අවසන් කර බාර දිය යුතුව තිබිණි. එහෙත් මේ දක්වාම වැඩ අවසන් නැත. මෙම කැළණිය ගුවන් පාලම ඉදිකිරීමට ගත වූයේත් දින 60ක කාලයකි. අලුත්වැඩියාවට දැන් දින 600 කි.

මග නැගුම මීට පෙර සිටි සාමාන්‍යාධිකාරිවරයාගේ වාර්තාව අනුව වැඩ අවසන් කළ යුතු දිනය වන විට වැඩ අවසන් කර තිබුනේ සියයට 53 - 55 අතර ප්‍රමාණයකි. එහෙත් ඒ වෙන කොට අදාල ව්‍යාපෘතියේ මුලු මුදල වන මිලියන 64 ක ප්‍රමාණයෙන් මිලියන 40 කට ආසන්න මුදලක් එම සමාගමට මේ වන විට ගෙවා අවසන් කර ඇත.

එම කොන්ත්‍රාත්තුව එම සමාගමට පිරිනැමීමේදීද කොන්ත්‍රාත් මුදලින් සියයට 20 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීමටද කටයුතු කර තිබුණු අතර එයද නීති විරෝධී ගනු දෙනුවකි. නීතියට එපිටින් ගොස මෙලෙස කොන්ත්‍රාත් කරුවාට වාසිදායක ලෙස රහස් එකඟ තාවයන්ට එළඹෙමින් බලධාරීන් කටයුතු කරන්නෙ මේ සෑම අවස්ථාවකදිම කොන්ත්‍රාත් කරුවාගෙන කොමිස් මුදල ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසාය.

මේ වන විට මෙම දුෂිත ගනුදෙනුවේ ඉතිරි මුදලද කොන්ත්‍රාත් කරුවා වෙත ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපත් වරයා සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා දැඩි උත්සාහයක නිරතව සිටී. හිටපු මග නැගුම සාමන්‍යාධිකාරියා එම වැඩ අවසන් කිරීමකින් තොරව එම මුදල් ලබා දිමට එකඟ නොවූ නමුත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා මගනැගුම සමාගමට ලිඛිතවම දන්වා ඇත්තේ එම මුදල් කොන්ත්‍රාත් සමාගමට ලබා දෙන ලෙසය. කෙසේ නමුත් දුෂිතයකු වන වත්මන් සාමාන්‍යාධිකාරි උදය විදනගමාච්චි ඊට සූදානම්ය.

මෙම පාලමේ වැඩ කොන්ත්‍රත් කරුවාට මුලුමනින්ම පැවැරුවද මග නැගුමේ සේවකයන් පෙන්වා දෙන්නේ මග නැගුමේ යන්ත්‍ර සූත්‍ර , මිනිස් ශ්‍රමය මේ වෙනුවෙන් යෙදවූ බවය. කිසිදා පාලම් සම්බන්ධයෙන් කටයුතු කර නොමැති මෙම කොන්ත්‍රාත්කාර සමාගම වැඩ කටයුතු වලදී පෙන්වූ ප්‍රමාදයන් දුර්වලතාවයන් නිවැරදි කරන්නට සිදු වුයේ මග නැගුමේ සේවකයන්ටය. පුරුද්දක ලෙසම මග නැගුමේ කොන්ත්‍රාත් පිරි නැමෙන්නේ මෙවැනි ජාරා ගනුදෙනුවලට සූදානම් සමාගම් වලටය.. අනෙක් හේතුව නම් මෙම සමාගම ශ්‍රීලනීපයට සම්බන්ධ දේශපාලන ප්‍රබලයෙකු හා ගනුදෙනුවක් තිබෙන ආයතනයක් වීමය. ඒ සම්බන්ධය නිසා මේ වන විට මෙම සමාගමට තවත් ව්‍යාපෘති 6ක් පමණ පවරා දී ඇත.

පාලමේ වැඩ අවසන් නොකර නියමිත කාලයත් පසුවී ඇති නමුත් මෙම කොන්ත්‍රාත්කරුවා වෙත සම්පුර්ණ මුදල ගෙවීමට මෙම නිලධාරීන් කටයුතු කරන්නෙ වෙන කවර කාරනයක් නිසාවත් නොව එම මුදල් ලබා දීම හරහා කොන්ත්‍රාත් කරුවාගෙන ජරාවක් කැමට ඇති හැකියාව නිසාය. එය ඉතා පැහැදිලිය.

ලංකාවේ මාර්ග සංවර්ධනය යනු තනිකරම දූෂිත ගනු දෙනුවකි. මග නගුම ආයතනය නිර්මාණය කරමින් එය මහා ජාවාරම්කාර ආයතයක් බවට පත් කිරීම සඳහා මුලික අඩිතාලම දැම්මේ මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිව සිටි සමයේදීය. පසුව ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව මෙම ආයතනය හරහා බිලියන් ගනනින් කොල්ල කෑවේය. එවකට මෙම ආයතනයේ මුල්‍ය කටයුතු විගනකාධිපතිවරයාටද තහනම් විය. මෙම ආයතනයේ දූෂිත ක්‍රමවේදයන් වත්මන් පාලනය විසින්ද දිගටම පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.. මාර්ග සංවර්ධන ඇමැතිධුරයට පත් වූයේ කවරෙකු වූවත් මග නැගුම ඔවුන්ට මුදල් ඉල්ලමක් විය. මේ මොහොතේදී ද ඇමැතිවරයාත් බලධාරීනුත් සිදු කරමින් සිටින්නෙ මාර්ග සංවර්ධනය නාමයෙන් මේ ආයතනය හරහා ගසා කෑමය. එය එසේ නොවේ යැයි කිසිවකුට කිව නොහැක. මේ බිලියන් ගනනින් ගසා කන්නේ ජනතාව තලා පෙළා සූරා ගන්නා බදු මුදල්ය.

 

https://www.lankadaily.com

ලංකාවේ දූෂිතම ආයතනය මගනැගුම..! දෙතුන් පැත්තෙම අය වවාගෙන කනවා.

Last modified on Monday, 18 February 2019 12:39

Leave a comment

ld add copy

Gossip

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ න...

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.   

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුව...

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන   

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශ...

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ව...

Connet With Us