ගැටුම්වලට හසු වූ සිවිල් වැසියන් විශාල පිරිසක් නගරයේ සිටින බව වාර්තා වේ. නගරයේ තිබූ පොලිස් ස්ථාන මෙන්ම තවත් ගොඩනැගිලි අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක්ව විනාශ වී ඇති බව පැවසේ.
අයි.එස්. සටන්කාමීන්ගේ බලය තහවුරු කළ රාමාදි නගරයේ බලය යළි අත්පත් කර ගැනීම සඳහා ඉරාකය ඉකුත් දා සටන් ආරම්භ කළා.ඒ සඳහා ඔවුන් ෂියා සටන්කාමීන්ගේ සහාය ලබාගෙන ඇත.
මේ අතර ඉරාක ආණ්ඩුව අයි එස් සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ජනතාවගෙන් ඉල්ලා තිබේ.