පකිස්තාන කිතුනු විරෝධතා උග්‍ර අතට

Published in විදෙස්
Wednesday, 18 March 2015 11:08

පාකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාව ලාහෝර් නගරයේ පවත්වන විරෝධතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරි ස්වරූපයකට පෙරළී ඇති අතර ඔවුන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුව තිබේ.

පසුගිය ඉරිදා තලේබාන් සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායමක් ක්‍රිස්තියානි පල්ලි දෙකකට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පෑම සඳහා පැවැත් වූ ‍මේ උද්ඝෝෂණවලදී 17 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ක්‍රිස්තියානි ප්‍රජාව එරට ජනගහනයෙන් 2% ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරය අන්ත දූගී තත්ත්වයේ පසුවේ.

ලාහෝරය තදාසන්න යොහානාබාද්හි ටයර් පුළුස්සමින් වාහනවලට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කරමින් මාර්ග හරස්කිරීමට ඔවුන් පෙළඹී තිබුණු අතර නීතිය අතට ගැනීමෙන් වළකින ලෙස පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති චෞද්‍රි නිසාර් අලි ඛාන් වි‍රෝධතාකරුවන්ගෙන් ඉල්ලා තිබිණ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us