මල්ලිකාට ලං වු වියපත් බඹරා

Published in අනං මනං
Tuesday, 15 July 2014 14:16

එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ වෙන කොට කැඩිලා ඇත් ද?

රට මොකක් වුනත්, සිනමාකර්මාන්තය මොක වුනත් බොහෝ සිනමාතාරුවල ප්‍රේම හුටපට වලට වැඩි ආයුෂ නැතිතරම්. මේවා පටන් ගන්නේ, ඉවර වෙන්නේ පත්තරවල, ගොසිප් අඩවිවල පුවත් මවල විතරක් නෙවෙයි ඊට එහා ගිය ලොකු ලොකු විනාසත් කරලයි.

අපි කියන්න යන කතාවේ කතා නායිකාව මල්ලිකා ෂෙරාවත් නම් ඉන්දියානු සුරුපිණියයි.බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් සිනමාවටත් අවතීර්ණ වුණු ඇය ප්‍රංශයේ පැවැත්වෙන ලෝකප්‍රකට කාන්ස් සිනමා උලෙළට සහභාගිවීමටත් වරම් ලැබුවා.ලෝක සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනකු සමඟ කතාබහ කර ඔවුන් සමඟ හිතවත්කම් ගොඩනඟාගන්නට මල්ලිකාට හැකි වුණේ ඉන්පසුවයි. ඒ අතර සිටි ස්පාඤ්ඤ සිනමාවෙන් ලොවට එක්වූ ඇන්ටෝනියෝ බැන්ඩරොස් නම් වූ ප්‍රවීණ නළුවා මල්ලිකා සමඟ පැවැත්වූයේ හුදු හිතවත්කමක්ම නොවෙයි. ඊට එහා ගිය සමීප සබඳකමක්. නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු වන ඇන්ටෝනියෝ, මල්ලිකා සමඟ සමීප සබඳකමකට මුලපුරා ඇත්තේ 2012 දී. මෙය, තහනම් ප්‍රේමයක්. පනස්තුන් වියැති ඇන්ටෝනියෝ විවාහකයෙක්. ඔහු‍ෙග් බිරිය, මෙලනී ග්‍රිෆිත්. ඇය, හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්.

මීට වසර කිහිපයකට ඉහත ඇන්ටෝනියෝට මල්ලිකා මුණගැහිලා තියෙන්නේ ඇමරිකාවේ හෝටලයක පැවති සුපිරි පන්නයේ සාදයකදීයි.එහිදි මල්ලිකාගේ අනඟ රුඟුම් වලට වශී වු මේ වියපත් බඹරා තමන් සමඟ ආලිංගන නැටුමකට එක්වන ලෙස ඇයට ඇරයුම් කළා. ඒ ඇරයුම නොපැකිළව පිළිගත් ඇය, ඔහු සමඟ අනුරාගය වෑහෙන රැඟුමක් ඉදිරිපත් කළේ අවට සිටි අය විස්මයට පත් කරවමින්. මේ රංගනය වීඩියෝ ගත කෙරුණු බව මේ කිසිවකු දැන සිටියේ නැහැ. කාටත් හොරෙන් මේ රංගනය වීඩියෝ ගත කළේ මල්ලිකාගේ වේෂ නිරූපණ ශිල්පියකු වන අයිවන් බිටන්. 2012 මැයි 25 දා ඇන්ටෝනියෝ සහ මල්ලිකා නැටූ මේ නැටුම වීඩියෝ ගතවී වසර දෙකක්ම සැඟවී තිබුණා.

මෙය, එක්තරා වෙබ් අඩවියකින් එළියට ආවේ මෑතකදී මේ අතර තුර කාලයේ දී ඇන්ටෝනියෝ සහ මල්ලිකා ඉතා සමීපව ඇසුරු කර තිබෙනවා. මේ බව ඇන්ටෝනියෝ ‍ගේ බිරිය කිසිවක් දැන සිටියේ නැහැ. මේ කාරණා කටයුතු ඇන්ටෝනියෝගේ බිරියට දැනගන්නට ලැබී ඇත්තේ මෑතකදී. ඒ ගැන බෙහෙවින් කම්පාවට පත්වූ ඇය පසුගිය ජූනි 6 දා තීරණයක් ගෙන තිබෙනවා. ඒ ඇන්ටෝනියෝගෙන් වෙන්වීමටයි. මේ ගැන ඇන්ටෝනියෝ මල්ලිකාටවත් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. කොහොම වෙතත්, බොලිවුඩයේ ගිනිසිළුවක් වූ මල්ලිකා ෂෙරවට් මේ වන විට පවුල් ගිනි තබන ගිනි දැල්ලක් වී ඇති බවයි සමහරු පවසන්නේ.

(cinema.lk)

Mallika-Sherawat-1

 

Mallika-Sherawat-2

Mallika-Sherawat-3

Mallika-Sherawat-5

Mallika-Sherawat-4

Mallika-Sherawat-6

Mallika-Sherawat-7

Mallika-Sherawat-8

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us