යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31 කට වෙන්දේසියේ

Published in විදෙස්
Thursday, 20 November 2014 11:00

19වන සියවසේ ලෝප‍්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප‍්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කල බොහෝ පෞරාණික පාලම් නැපෝලියන් පාලනය තුල ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කි:මී: 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහනවූ අතර අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කල සියලූම දැ අද එහි ප‍්‍රදර්ශනයට තබා ඇත්තේය. 

පසුගිය නොවැම්බර් 16 වෙනිදා ඉහත මාලිගාවේදි නැෆෝලියන් බොනපාර්ට් භාවිතා කල සමහරක් සිහිවටන ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබුවේය. එහිදී ඔහු පැළඳි හමුදාා හිස් වැසුමක් (තොප්පියක්) යුරෝ 18 ලක්ෂ අසුහතර දාහකට (1.884000)තුන් ඈවරවූ අතර පැරණි කෞතුක භාන්ඩ එකතු කරන්නෙකු වූ දකුණු කොරියානු ජාතික ධනපතියෙක් විසින් එය මිලදී ගත්තේය. දකුණු දිග ප‍්‍රංශයේ මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ නම් කුඩා රාජ්‍යයේ ඇල්බර්ට් කුමරු විසින් මොනාකෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබු මෙම හිස්වැසුම එදින වෙන්දේසි පොළේ ගරු ගාම්භීර ලෙස තැන්පත් කර තිබුනි.

වර්ෂ 1870 හා 1949 අතර මොනාකෝ රාජ්‍යයේ දෙවන ලූවී රජු හෙවත් වර්තමාන ඇල්බර්ට් කුමරුගේ මුත්තා විසින් මිලදී ගෙන එම රජ මාලිගාවේ තැන්පත් කර තැබීය. මෙවැනි හිස් වැසුම් 19ක් විවිධ රටවල කෞතුකාගාර වල ඇත්තේය. විවිධ හැඩැති හිස් වැසුම් 120ක් පමණ ඔහු භාවිතා කර ඇති අතර එම සියල්ල හිස්වැසුම් සදහා ලෝසුපතල ප‍්‍රංශයේ මෙයිසොන් පූෆාර්ඞ් ආයතනයේ නිපැයුම් වේ.
වර්ෂ 1769 අගෝස්තු 15 වෙනිදා ගිණිකොන දිග ප‍්‍රංශයේ පිහිටි කෝස් දුපතේ ඇජැක්ෂියෝ ග‍්‍රාමයේ උපත ලද නැපෝලියන් බොනපාර්ට් ප‍්‍රංශ හමුදාාවේ ජෙනරාල් වරයෙකි.

1804 දෙසැම්බර් මස 02 වෙනි දින පැරීසියේ සුප‍්‍රසිද්ධ නෝත‍්‍ර ඩාම් කතෝලික දේවස්ථානයේදී හත්වන පියේ පාප් වහන්සේ විසින් නැපෝලියන්ට ඔටුනු පළඳවා රාජ්‍ය ප‍්‍රධානියා ලෙස අභිෂේක කළේය. ඉක්බිතිව වසර 9යි මාස10 දින 19ක් යුරෝපය හෙල්ලූ රණකාමි නැපෝලියන් 1821 මැයි මස 05 වෙනිදා සාන්ත හෙලේනා දුපතේදි අවසන් හුස්ම හෙළීය.


සුනිල් ආනන්ද පැරීසියේ සිට

napoleon1

Napoleon un bicorne 01

PDG Harim Group Mr Kim

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us