ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කමේනිගෙ පුත් Mojtaba Khamenei පත්වෙයි Featured

Published in විදෙස්
Monday, 09 March 2026 08:18

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.

ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කමේනිගෙ පුත් Mojtaba Khamenei පත්වෙයි

1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ.

ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද සඳහන්.

ඉරාන මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17දී ඔහු ඉරාන - ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවය.

එමෙන්ම 1999 දී සිය ආගමික අධ්‍යනය කටයුතු සිදුකරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බවත් සඳහන් වේ.

තවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මොජ්තබා කමේනි නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු දරා නොමැති බවත්ය.

එමෙන්ම ඔහු ප්‍රසිද්ධ කථා හෝ සම්මුඛ සාකච්ඡා ලබා දී නොමැති බවත් ඔහුගේ ඡයාරූප සහ වීඩියෝද සීමිත සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් වී ඇතැයිද සඳහන්.

කෙසේ නමුත් වසර ගණනාවක් පුරා ඉරානය තුළ තිරය පිටුපස ඔහු සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇතැයිද කටකතා පැතිර ගිය ගොස් තිබුණි.

පසුගිය 28 වැනි දින ඊශ්‍රායල - අමෙරිකා ප්‍රහාරයකින් ඔහුගේ පියා වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ල අලි කමේනි ඝාතනය කෙරිණි.

එම ප්‍රහාරයෙන් අලි කමේනි පමණක් නොව ඔහුගේ බිරිඳ, දියණිය, බෑණා සහ මුනුපුරාද ඝාතනය වී ඇති බව ඉරාන මාධ්‍ය පසුව වාර්තා කළේය.

ඒ අනුව දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඔහුගේ පුතා වන මොජ්ටාබා කමේනි මින් ඉදිරියට ඉරානය පාලනය කරනු ඇතැයිද සඳහන් වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us