බස් රථයක් ගිණිගනී ! 25 ක් මරුට

Published in විදෙස්
Friday, 24 October 2025 08:38

අද (24) අළුයම ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත.

බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවී ඇත.

කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන තිබේ.

තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us