ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් පානය කිරීමෙන් දරුවන් 14ක් ජීවිතක්ෂයට

Published in විදෙස්
Tuesday, 07 October 2025 08:02

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා (Sresan Pharma) විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි.

එම කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් සාම්පලවල අවසර ලත් සීමාව ඉක්මවා DEG හෙවත් ඩයිඑතිලීන් ග්ලයිකෝල් (diethylene glycol) අඩංගු බව හෙළි වී තිබෙනවා.

DEG යනු කාර්මික නිෂ්පාදන සඳහා භාවිත කරන විෂ සහිත ද්‍රවයක් වන අතර එය කුඩා ප්‍රමාණයක් හෝ ශරීරගතවීම මාරාන්තික වනවා.

මෙම තත්ත්වය හේතුවෙන් එම සිරප් වර්ගය ප්‍රාන්ත කිහිපයක අලෙවිය තහනම් කර තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් හේතුවෙන් 2022 වසරේදී ගැම්බියාවේ ළමුන් 70 කට වැඩි පිරිසක්ද මරණයට පත්වුණා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us