ලෝකයේ ජනප්‍රිය තක්කාලි සටන ක්‍රිඩාව 80 වැනි වරටත්

Published in විදෙස්
Thursday, 28 August 2025 14:33

ලොව විශාලතම කෑම සටන එනම්, ලා ටොමෙන්ටිනා ස්පාඤ්ඤයේ බුඥෝල් හිදී පවත්වා තිබෙනවා.

වාර්ෂිකව අගෝස්තු මාසයේ අවසන් බදාදාවේ පැවැත්වෙන මෙම සටන මෙවර පැවැත්වන්නේ 80 වැනි වරටයි.

ටොන් 120ක පමණ ඉදුණු තක්කාලිවලින් එකිනෙකාට පහරදෙමින් මෙම ක්‍රීඩාව පවත්වනවා.

ලොව වටා විවිධ රටවලින් මෙම නගරයට පැමිණ අදාළ ක්‍රීඩාවට සහභාගි වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය වසරේදී බුඥෝල් නගරයට ‍තක්කා සටන සඳහා 22,000ක පිරිසක් පැමිණ තිබුණා.

1945 දී මුලින්ම මෙම ක්‍රීඩාව ආරම්භ වූවේ පෙළපාලියක් අතරතුර එම නගරයේ සිටි යොවුන් තරුණයින් දෙපාර්ශ්වයක් අතර වූ සිද්ධියකින්.

මෙම ක්‍රීඩාව තුළ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතිරීති කිහිපයක් ද වනවා.

තක්කාලි පහරදීමට පෙර මිරිකා දැමිය යුතුයි.

දැඩි දේවල් කිසිවක් සිරුරේ හෝ ඇඳුමේ තබාගැනීම ද තහනම් වන අතර බෝතල් එම ස්ථානයට ගෙනඒම ද තහනම් වනවා.

ක්‍රීඩාවේදී අනෙකාගේ ඇඳුම් ඉරාදැමීමට කිසිවකුට හැකියාවක් නෑ.

එමෙන්ම ගිනිකෙළි අනතුරු ඇඟවීමේ දෙවැනි සංඥාව ඇසුණු වහාම නැවතීම ද අනිවාර්යයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us