ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සදහා යළි සාකච්ඡා - ඊශ්‍රායල අගමැති

Published in විදෙස්
Friday, 22 August 2025 09:22

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සදහා යළි සාකච්ඡා ආරම්භ කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.


ඒ ගාසා තීරයේ රඳවා සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ අරමුණ ඇතිවයි.

නමුත් ඊශ්‍රායලයට පිළිගත හැකි කොන්දේසි මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසයි.

පසුගියදා ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය විසින් සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කළ අතර ඊට හමාස් සංවිධානය එකඟ විය.

කෙසේ වෙතත් ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ඊශ්‍රායලය ඊයේ(21) ආරම්භ කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පලස්තීනුවන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us