කැනඩාවේ, ටොරොන්ටෝ ගුවන්තොටුපොළට ගොඩබෑමේදී ගුවන් යානයක් අනතුරට

Published in විදෙස්
Tuesday, 18 February 2025 09:03

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.

අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

අනතුරින් ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් අදාළ යානය කැනඩාවේ මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ - පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව සඳහන්ය.

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us