ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න තවත් උග්‍ර අතට

Published in විදෙස්
Thursday, 09 January 2025 10:11

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි.

පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

ලැව් ගිනි පැතිර යන්නේ පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතවයි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පැලිසේඩ් සහ ඊටන් ප්‍රදේශවලටයි.

පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ විය.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස පැලිසේඩ් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න හැඳින්වේ.

හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලි හී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

මේ වනවිට ගිණි නිවන භටයින් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Last modified on Thursday, 09 January 2025 10:13

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us