ඉතාලියේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 ක් අතුරුදන්

Published in විදෙස්
Thursday, 05 September 2024 11:49

ඉතාලියේ, ලම්පදූසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 21 දෙනෙකු අතුරුදන් වී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාවේ සිටි තවත් 7 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

එලෙස බේරාගෙන ඇත්තේ, සිරියානු ජාතිකයින් පිරිසක් වන අතර ඔවුන් ලම්පදූසා වෙත රැගෙන ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අතුරුදන් වී සිටින අය අතර ළමුන් තුන්දෙනෙක් ද සිටින බවයි.

අදාළ බෝට්ටුව පසුගිය ඉරිදා ලිබියාවේ සිට පිටත් වූ බව සඳහන් විය.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම මුහුදු ප්‍රදේශයේදී අනතුරුවලට ළක්වී මේ වනවිට සංක්‍රමණිකයන් 2,500කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.

කෙසේ වෙතත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us