ජංගම දුරකතන ගැන අනතුරු ඇඟවීීමක්

Published in විදෙස්
Monday, 26 August 2024 12:57

වයස අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට එරට සන්නිවේදන නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, වයස අවුරුදු පහේ සිට හත දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන බවටයි, ඔවුන් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ.

ඔවුන් නිර්දේශ කර ඇත්තේ, දරුවන්ට කෙටි පණිවිඩ යැවීමට සහ ඇමතුම් ලබාගැනීමට පමණක් සීමිත හැකියාවන් සහිත උපාංග සහිත දුරකථන පමණක් ලබා දිය යුතු බවටයි.

එය වයස අවුරුදු 16 ට අඩු යොවුන් පිරිසට මාපිය පාලන විශේෂාංග සහ වයස අවුරුදු 13 ට අඩු අය සඳහා සමාජ මාධ්‍යවල සීමා කිරීම් සහිත දුරකථන ලබාදෙන ලෙසටද දැනුම්දී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us