මන්කි පොක්ස් ආසදනයෙන් 548 ක් ජීවිතක්ෂයට

Published in විදෙස්
Tuesday, 20 August 2024 09:47

වඳුරු උණ හෙවත් 'එම් පොක්ස්' වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වන විට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින 'එම් පොක්ස්' වයිරසය, මේ වනවිට ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති කිරීමට ද සමත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

අප්‍රිකා රට වලින් හමුවුණු වඳුරු උණ ආසාදිතයන් ගණන 15,664 ක් බව ද පැවැසෙයි.

අප්‍රිකා රටවල ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල් වලට නොගෙස් රෝගය සුව කර ගැනීමේ අරමුනින් පල්ලිවල යාඥා සඳහා සහභාගී වී ඇති අතර එය රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට හේතුවක් වී ඇත. අප්‍රිකා රටවල, මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ 'එම් පොක්ස්' වයිරසයේ නව ප්‍රභේදයකි. එම නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදු වන්නේ කොංගෝ ජනරජයේය. වඳුරු උණ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුව වීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදු වන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය ඉතාමත් බරපතළ තත්වයට පත් වෙනු ඇති බවද පවසයි. උණ වයිරස ව්‍යාප්තිය බහුලව සිදු වන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ද තහවුරු වී තිබේ. 

වඳුරු උණ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. වඳුරු උණ වයිරසය පැපොල (චිකන් පොක්ස්) වයිරසයට සමානය. මේ වන විට යුරෝපා රටක් වන ස්වීඩනයෙන්, පාකිස්තානයෙන් සහ පිලපීනයෙන් වඳුරු උණ ආසාදිතයන් වාර්තා වී ඇත. ඉන්දීය සෞඛ්‍ය අංශ ද වඳුරු උණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් පාකිස්තානයෙන් හමුවී ඇත්තේ වඳුරු උණ වයිරසයේ නව ප්‍රභේදය නොවන බව ද තහවුරු වී ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us