ඇමෙරිකාවේ දැවැන්තම පරිගනක දෘඩාංග නිෂ්පාදන සමාගමක් වන ඉන්ටෙල් සමාගම එම සමාගමේ සේවකයින්ගෙන් 15%ක ප්‍රමාණයක් රැකියා කප්පාදුව යටතේ ඉවත් කිරීමට සුදානම් වන බව එම නිවේදන වල සදහන්ය.
ඒ යටතේ 15000ක පිරිසකට තම රැකියා අහිමි වනු ඇති.
ඒ හරහා 2025 වසරේ දී ඉන්ටෙල් සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන 10ක මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කර සිටියි.
මෙම වසරේ අප්‍රේල්, ජුනි කාර්තුව තුළදී ඉන්ටෙල් සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම 6ක අලාභයක් ලැබීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එමෙන්ම මෙම වසර තුළදී එම සමාගමේ ආදායම 1%කින් එනම් ඇමෙරිකා ඩොලර් බිලියන 12යි දශම 8කින් අඩු වී තිබේ.