බයිඩන්ගේ සිහිය මදවෙයි

Published in විදෙස්
Friday, 12 July 2024 14:00

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවති 2024 නේටෝ සමුළුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට ඉතා වැදගත් විය.

ඒ මෙම සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති බයිඩන් ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතභේදයක් උද්ගතව ඇති පසුබිමක වීම හේතුවෙනි.

ජනපති බයිඩන් විශ්වාස කළේ එය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන් සුදුසු බවට අනෙකුත් රාජ්‍ය නායකයින් හමුවේ ඔප්පු කර පෙන්වීමට අවස්ථාවක් ලෙසට ය.

කෙසේ වුවත් නේටෝ හමුවක් අතරතුරදී ජනපති බයිඩන්, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ගේ නම පුටින් ලෙස පවසා ඇත.

ඉන් පැය කිහිපයකට පසුව, ජනාධිපති බයිඩන් ගේ ජනාධිපති අපේක්ෂකත්වය කේන්ද්‍ර කරගනිමින් පැවති මාධ්‍ය හමුවකදීත් ජනපති බයිඩන් ට එවැනිම වචන පටලැවිල්ලක් සිදුව තිබේ. 

ඒ උප ජනාධිපති ට්‍රම්ප් යනුවෙන් පැවසීමය.

මෙය ජනපති බයිඩන් ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව උද්ගතව ඇති මතභේද තවත් තීව්‍ර කරන සිදුවීමක් බව විචාරකයෝ පවසති.

 

- අද දෙරණ

Last modified on Friday, 12 July 2024 14:50

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us