කොවිඩ් 19 වයිරසයෙන් සතියකට 1700 ක් මරණයට !

Published in විදෙස්
Friday, 12 July 2024 10:06

කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

තවමත් ලොව පුරා එක් සතියකට ‘කොව්ඩ්19’ ආසාදනය වීමෙන් 1,700 ක පිරිසක් මියයන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.

රටවල් බොහොමයක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවත්, දිගටම වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ ‘ෆයිසර්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ යන එන්නත්ය.

ලේ කැටි ගැසීම් සහ තවත් දරුණු ආකාරයේ අතුරු ආබාධ රැසක් ඇතිවන බව අධිරණය හමුවේ තහවුරු වීමත් සමඟ මෙම එන්නත් භාවිතය ගැටලුවක් වී තිබේ. ලොව පුරා බෙදා හරින ලද ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් යළි ගෙන්වීමට ද ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගම තීරණය කර ඇත.

-P.M

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us