බුදුන් ගිය මඟ ගැන මෝදිගෙන් දේශනයක්

Published in විදෙස්
Thursday, 11 July 2024 09:47

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

ඒ ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය අවස්ථාවක දී ඉන්දීය ‍‍ප්‍රජාව අමතමිනි

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව මෙම 21 වැනි සියවසේ ඉදිරියට යන්නේ සාමයේ පණිවුඩය රැගෙන බවත්, ඉන්දියාව සැමවිටම සාමය වෙනුවෙන් කැපවී සිටින බවත් ය.

එහි දී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ,

‘වසර දහස් ගණනක් තිස්සේ අප (ඉන්දියාව) අපේ දැනුම ලොවට බෙදා දෙනවා. බුද්ධ දර්ශනය අනුව, ඉන්දියාව හැමවිටම ලෝකයට ගෙන යන්නේ සාමයයි. යුද්ධය නොවෙයි.’ යනුවෙනි

අග්‍රාමාත්‍ය මෝදි දෙදින නිල සංචාරයක් සඳහා වියානා බලා පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසුවය.

ඔස්ට්‍රියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොන් ඩර්ලින් සහ චාන්සලර්වරයා වන කාර්ල් නෙහැමර්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි. ඉන්දු ඔස්ට්‍රියා ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු මේ අයුරින් ඔස්ට්‍රියාවට පැමිණියේ වසර 40 කට වඩා වැඩි කාලයකින් පසුවය. මීට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාවට පැමිණියේ ඉන්දිරා ගාන්ධිය. ඒ, 1983 වසරේදීය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us