1989 දී ඉන්දීය විදේශ සේවයේ (IFS) කණ්ඩායමේ නිලධාරියෙකු ලෙස සම්බන්ධ වූ වන වික්‍රම් මිස්රි, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකුගේ පුද්ගලික ලේකම්වරයා ලෙස සේවය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිකම් කිව් රාජ්‍ය නිලධාරියෙකි. ඔහු 2022 ජනවාරි මාසයේදී ජාතික ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ විය. ඔහු එළැඹෙන ජූලි 15 වන දින සිය නව තනතුරේ වැඩ භාර ගනී.
වත්මන් විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ගේ සේවය ජූලි 14 දක්වා පවතින අතර ඔහු එක්සත් ජනපදයේ මීළඟ ඉන්දීය තානාපතිවරයා ලෙස නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.