ඉරාන ජනාධිපති මිය ගොස් ඇති බව තහවුරු කරයි

Published in විදෙස්
Monday, 20 May 2024 10:44

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.

ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.

ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දැඩි මතධාරී පූජකයෙකි. ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනී ට ඉතා ලැදි පුද්ගලයෙක් වශයෙන් ප්‍රකට ය.

රයිසි 2021 වසරේදී ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර එතැන් සිට ඉරානයේ සෑම ප්‍රදේශයක් ම දැඩි මතධාරීන්ගේ පාලනයට නතු කර ගත්තේය.

ඔහු 63 හැවිරිදි ය. එසේම එරට අධිකරණයේ ප්‍රධානියා ලෙසද රයිසි කටයුතු කර තිබුණි.

2021 වසරේ පැවති මැතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් වාර්තා කළේ එවක ජනපති ලෙස කටයුතු කළ හසන් රෞහානි ව අභිබවා යමිනි.

නමුත් එම මැතිවරණය සර්ව සාධාරණ නොවූ බව පිළිගත් මතයකි. විශේෂයෙන් ම නිදහස් මතධාරී සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හඬ නැගූ අපේක්ෂකයින් ට එහිදී අවස්ථාවක් නොලැබුණු අතර බොහෝ ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඔහු ඉරානයේ බලය ලබාගන්නා විට එරට විවිධ ප්‍රශ්න වලට මුහුණදී සිටියේය. විශේෂයෙන්ම ආර්ථික ගැටලු, කලාපීය වශයෙන් එල්ලවූ තර්ජන මෙන්ම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡා බිඳ වැටී තිබීම ඒ අතරින් ප්‍රධානය.

ඔහු බලයට පැමිණ වසරක් ගතවෙන්නටත් මත්තෙන්, ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර ගියේය. එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට ඔහු කටයුතු කළේය.

ඊශ්‍රායල - හමාස්, ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් වලදී ඉරානයේ සහාය ලැබෙන්නේ ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයන සඳහා ය. එසේම ලෝක නාවික කටයුතු සඳහා හිසරදයක් වී ඇති හූති කැරළිකරුවන්ගේ ප්‍රධාන සහායකයා ඉරානය වෙයි.

රයිසි එම තත්ත්වය තවත් ප්‍රවර්ධනය කළේය. එබැවින් බටහිර ලෝකය ඔහුට වැඩිය ප්‍රියකළේ නැත.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සෙවනැලි යුද්ධය එළිපිටම සිදුවූයේ ඔහුගේ රාජ්‍ය පාලන සමයේදීය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද රයිසි ට විවිධ චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම 1980 දශකයේදී දේශපාලන සිරකරුවන් ට මරණ දණ්ඩනය ලබාදුන් "විශේෂ කමිටුව" ක සාමාජිකයෙක් ලෙස ඔහු ක්‍රියා කර තිබුණි.

ඊබ්‍රහිම් රයිසි මැෂ්හාඩ් නම් ප්‍රදේශයේදී 1960 දී උපත ලැබීය. එය ඉරානයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම එරට ෂියා මුස්ලිම්වරුන් දැඩි ලෙස පූජ්‍යත්වයෙන් සලකන දේවස්ථානය පිහිටා ඇත්තේ ද එම ප්‍රදේශයේ ය.

ඔහුගේ පියාද පූජකයෙකි. නමුත් රයිසි ට අවුරුදු 5ක් වනවිට ඔහුට පිය සෙනෙහස අහිමි විය. වසර 15ක් පමණ වයසැති වන විට ක්වොම් නම් නගරයේ පිහිටි ආගම උගන්වන මධ්‍යස්ථානයකට රයිසි ඇතුළු වී තිබේ.

ශිෂ්‍යයෙක් වශයෙන් ඔහු ෂා පාලනයට එරෙහිව උද්ඝෝෂණ සඳහා එක්වී ඇති අතර 1979 දී අයතොල්ලා රුහොල්ලා ඛොමෙයිනි නායකත්වය දුන් "ඉස්ලාමීය විප්ලවය" විසින් ෂා පාලනය බිඳ හෙළීය.

ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ඔහු එරට අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කළේය.

2017 දී කිසිවෙක් බලාපොරොතු නොවූ ලෙස ඉරාන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය. නමුත් ඔහුට එහිදී ලැබුණේ 38%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

තවත් පූජකයෙක් වූ එවකට ජනාධිපති ලෙස කටයුතු කළ රෞහානි 57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් සිය දෙවැනි ධුර කාලය සඳහා ඉතා පහසු ජයක් වාර්තා කළේය.

ඉන් අධෛරමත් නොවූ රයිසි 2021 ජනාධිපතිවරණයේදී 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් එරට නායකයා බවට පත්විය.

-P.M

Last modified on Monday, 20 May 2024 10:57

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us