ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 27 ක් මරුට

Published in විදෙස්
Sunday, 28 April 2024 14:17

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත් වූවන් අතරින් දස දෙනෙකු කුඩා දරුවන් බවත්, හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය නව යෝජනා මාලාවක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.

ඊශ්‍රායලය නිවේදනය කරන්නේ, එම යෝජනා සඳහා හමාස් සංවිධානය එකග වන්නේ නම් රෆා ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත යුද මෙහෙයුම් අත්හිටුවන බවයි.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ට එරෙහිව ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක විරෝධතා අතරතුරදී තවත් සිය ගණනක් සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 34,388 ක්.තවත් 78000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us