එක්ස් ෆයිල්ස් නළුවා ආන්දෝලනයකට මැදිවේ.

Published in අනං මනං
Monday, 01 September 2014 11:29
නාඩි දෙකකුත් තත්පර තිහක කාලයක් පුරා දිව යන මෙම වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ ඩක්හොව්නි තමා ඇමරිකාවේ නොව රුසියාවේ උපත ලැබුවේ නම් තම ජීවිතය කෙබඳු වනු ඇත්දැයි පවසමිනි. 
 තමා ඇමරිකාවේ ඉපිද එහි හැදී වැඩුනද තමාගේ සමීපතම මුතුන්මිත්තන් රුසියානු, යුක්රේන හා ‍පෝලන්ත සම්භවයකින් යුතු වූවන් වීම නිසා තමන් එම සංස්කෘතියන්ටද ගරු කරන බව කියා සිටින ඩක්හොව්නි දැන්වීම පුරා රුසියානු සංස්කෘතික අනන්‍යතාව කියා පාන්නා වූ විවිධ ක්‍රියාකාරකම්වල නිරතවෙනු දැක ගත හැකියි.
 
 ගගනගාමියෙකු ලෙසත්, බැ‍ලේ නර්තන  පුහුණුකරුවෙකු ලෙසත්, අයිස් හොකී ක්‍රීඩකයෙකු ලෙසත් ඩක්හොව්නි විවිධ චරිත රඟ දක්වන මෙම වෙළෙඳ දැන්වීම නිකුත්වූ සැනින් අන්තර්ජාල රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබූ අතර පළමු තෙදින තුළදී පමණක් එය නැරඹූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.6 ඉක්මවා  තිබිණි.

එවන් ජනප්‍රියත්වයක් හිමි කර ගත්තද එය දැවැන්ත ආන්දෝලනයකටද තුඩු දී තිබුණේ මේ දිනවලදි මිසයිල ප්‍රහාරයක ලක්ව විනාශයට ලක්වූ මැ‍ලේසියානු ගුවන් යානය සම්බන්ධ සිද්ධිය අරබයා ඇමරිකාව හා රුසියාව අතර හටගෙන ඇති අර්බුදය නිසායි.
 
  යානය බිම හෙළීමට වගකිව යුතු  බවට සැලකෙන යුක්රේන කැරළිකරුවන්ට සහය පළ කරන රුසියාවට ඩක්හොව්නි දක්වන පක්ෂපාතීත්වය මින් මැනවින් තහවුරු වන බවට එල්ලව ඇති චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් ඔහු තරයේම කියා සිටින්නේ යමෙකු තමාගේ පෙළපත පිළිබඳව දක්වන ගෞරවය මගින් කිසිදු ආකාරයක දේශපාලනික පක්ෂපාතීත්වයක් නියෝජනය නොකරන බවයි.
 
(ලක්බිම)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us