ඉරාන ජනාධිපති පාකිස්ථාන අගමැති හමුවෙයි

Published in විදෙස්
Tuesday, 23 April 2024 09:50

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මතභේද පසෙකලා දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙහිදී නායකයින් එකඟවී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා ද්වීපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගයෙන් සටන් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය.

ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලට විසින් සිදු කරන ප්‍රහාරයන් මෙහිදී නායකයින්ගේ හෙළා දැකීමට ලක්ව තිබේ.

මාධ්‍ය අමතමින් ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ, දෙරට අතර විදේශ වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 10කින් වර්ධනය කිරීමට බලාපොරාත්තු වන බවයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපතිවරයා පකිස්ථානයට පැමිණියේ ඊයේ දිනයේදීය.

දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් අසල්වැසි රටවල් වූ ඉරාන හා පකිස්තාන හමුදා පසුගිය සමයේ එකිනෙකාට මිසයිල ප්‍රහාර එල්ල කර ගත්තේ ය.

මෙම ප්‍රහාරයන් හේතුවෙන් දෙරටේ හොඳහිත පළුදු වූ නමුත් සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය විසඳා ගැනීම සිදුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරාන ජනාධිපති පාකිස්ථානයට පැමිණියේ ඉරාන පකිස්තාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් බවයි.

ඉරාන ධූත පිරිස වෙනුවෙන් පකිස්ථානය පුරා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ද හෙට (24) දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

උමාඔය බහුකාර්යය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිත වේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us