තායිවාන නැගෙනහිර වෙරළට ඔබ්බෙනුයි එය හට ගත්තේ.
රිච්ටර් පරිමාන ඒකක 7.4 ක ප්‍රබලත්වයක් එහි සටහන් වුණා.
භූමිකම්පාවත් සමඟ අසල්වැසි රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි පියවර ගැනුණේ.
ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව තායිවානයේ හුආලීන් නගරයට දකුණින් කිලෝමීටර් 18ක් පමණ දුරින් භුකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබෙනවා.
තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවෙන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා.
මේ වන විට තායිවානයේ ප්‍රදේශ රැසක විදුලිය හා අන්තර්ජාල විසන්ධිවීම් වාර්තා වනවා.
-P.M