ගාසා තීරයේ බෙහෙත් හිඟයක් !

Published in විදෙස්
Thursday, 30 November 2023 10:56

ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි පිරිස බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිසට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ගාසා තීරයේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් යථා තත්ත්වයට පත් නොකළහොත් බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබා මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ.

මේ වන විට මිලියන 1.1ක සරණාගතයන් පිරිසක් නවාතැන් ගෙන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජනාකීර්ණ කඳවුරුවල දරුවන් අතර පාචනය සහ ශ්වසන ආසාදන පැතිරී ගොස් ඇති බවත් පිළිකාව වැනි නිදන්ගත රෝගීන්ට ද කිසිදු ප්‍රතිකාරයක් නොලැබී ඇති බවත්  විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන මාග්‍රට් හැරිස් පසුගිය දා ජිනීවා නුවර පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ රෝහල්වල ඖෂධ, එන්නත්, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂාව බරපතළ ගැටලුවක් වී ඇති බවය.

මේ අතර ගාසා තීරයෙන් මුදා හැරීමෙන් පසු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තායි පුරවැසියන් හතර දෙනෙකු නැවතත් තම භූමියට පැමිණ ඇති බව ඊශ්‍රායලය පවසා ඇති අතර  තවත් පලස්තීන සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කළ බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසා තිබේ.

ඊයේ (29) දිනය වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ආරම්භ කළ සටන් විරාමයේ හයවන දිනයවූ අතර එය කල් ඉකුත්වීමට පෙර මෙය දීර්ඝ කිරීමේ උත්සාහයක සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කලේය.

ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 6,000 ක් පමණ ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us