නමුත් ඊශ්‍රායලය මේ සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව BBC පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරතැයි තමන් බලාපොරොත්තු වන බවය.
අද ප්‍රකාශයට පත්කෙරුණු ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇතිවූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිත බව විදෙස් ආරංචිමාර්ග පෙන්වා දෙයි.