ඇමරිකාවේ සහාය ඇතිව ඉස්ලාමීය සටන්කරුවන්ට ප්‍රහාර

Published in විදෙස්
Monday, 18 August 2014 10:04

ඉස්ලාමීය සටන්කරුවන් අත පවතින මෝසුල් වේල්ල දෙසට සටන් මෙහෙයවන කුර්දි හමුදා සාර්ථකව ඉදිරියට ඇදෙන බව ඉරාක කුර්දිස්ථානයේ ආරංචි මාර්ග පවසයි. 

මෝසුල් වේල්ල යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.

ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවල සහාය ඇතිව කුර්දි හමුදා මෙහෙයුම් දියත් කරයි.

ඇමරිකානු හමුදාවට අයත් නියමුවන් රහිත යානා සහ ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් දිනක් පුරා එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව කුර්දි සටන්කරුවෝ පහරදීම් ආරම්භ කළහ.


පෙන්ටගනය

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් ප්‍රයෝජනයට ගත් රථ දාහතරක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය පවසයි.

ඒ අතරට ඉරාක හමුදා අත තිබී ඉස්ලාමීය සටන්කරුවන් අතට පත් වූ ඇමරිකානු යුධ උපකරණද ඇතුළත්වේ.

ජලාශයට නැගෙනහිර දෙසින් ඉදිරියට එමින් ඒ අසල පිහිටි කුඩා කිතුනු ගම්මානයක බලය තහවුරු කර ගැනීමට කුර්දි හමුදා සමත් වූහ.

පසුගිය සතියේදී ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ උතුරු දිග ඉරාකයට විදුලි බලය සපයන ටයිග්‍රීස් නදියේ පිහිටි බලාගාරවල පාලනය සියතට ගත්හ.

 

ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවල සහාය ඇතිව සටන් වදින කුර්දි හමුදා

 

මෝසුල් වේල්ල, යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us