ප්‍රංශ ජනාධිපති ගේ ජයග්‍රහණය මෙහෙට දැනුන හැටි

Monday, 08 May 2017 16:01

ප්‍රංශයේ පැවැති ජනාධිපතිවරණ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් මෙරට සිංහල භාෂා වෙබ් අඩවි හා සමාජ ජාලා වල සටහන් වූ  අදහස් කිහිපයක්........

දක්ෂිණාංශික අපේක්ෂක මරින් ල පෙන් පරදවමින් ප්‍රංශ ජනපතිවරණයේ තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමට වාමාංශික අපේක්ෂක එමෑනුවෙල් මැක්රොන් සමත් විය.

වයස අවුරුදු 39 ක් වූ ඔහු 66.06% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දී ප්‍රංශයේ ලාබාලතම ජනපති වීමට සුදුසුකම් ලැබුවේය.

ප්‍රතිවාදී අපේක්ෂක මරින් ල පෙන් ලබා ගත්තේ 33.94% ක ඡන්ද ප්‍රතිශතයකි.

වර්ෂ 1958 දී ප්‍රංශය ජනරජයක් වීමෙන් අනතුරුව සම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දෙකෙ සහභාගීතත්වයෙන් තොරව පත්වන ප්‍රථම ජනපති ද එමෑනුවෙල් මැක්රොන් වේ.

“බලාපොරොත්තුවේ නව පිටුවක් පෙරලීමට වගේම නව ආරම්භයක් ලබා දීමට මට අවශ්‍යයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

“ජාතියේ එකමුතු බව වෙනුවෙන් මම සහතික වෙමි. එසේම යුරෝපයේ ආරක්ෂාව ද තහවුරු කරමි,” යනුවෙන් වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ.


ඓතිහාසික ලූවර් කෞතුකාගාරය ඉදිරිපිට දහස් ගණනින් රැස්ව ජය සැමරූ සිය ආධාර කරුවන් සමග නව ජනාධිපතිවරයාද පසුව එක්විය.

කෙසේ වෙතත් පැරිස් අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර පොලිසිය විසින් මෙනිල්මොන්තොන් උමං දුම්රිය මාර්ග අසල ධනපති විරෝධී උද්ඝෝෂකයන් ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

කවරකු බලයට පත් වුවත් විරෝධතා පැවැත්වීම ඔවුන්ගේ අරමුණ වූ බව පැරිස් මාධ්‍ය වාර්තා කරයි.

- radiogagana.com

''''''''''''''''''''''''''''''''''''


" යහනයි - රටයි " පටලවා නොගත් ප්‍රංශය.....

ප්‍රංශයේ ජනපති පුටුව මැක්රොන්ට හිමිවුණා. එරට ළාබාලම ජනපති - අවුරුදු 39 යි. ඔහුගේ නිදහස් මත හා ප්‍රතිපත්ති නිසා එරට ජනතාවගෙන් 65.1% කගේ මනාපය ඔහුට හිමිවුණා. ඒ රටේ කවුරුවත් "මැක්රොන් අවුරුදු 64 ක කාන්තාවක් එක්ක විවාහ වී සිටීම" හෝ "ඔහුගේ ආදරය" ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.
හැබැයි මැක්රොන් ලංකාවෙ contest කළානම් පරාදයි. මොකද අපේ අය " අර විවාහයයි, ආදරයයි " තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන දගලනවා මිසක් ඒ මනුස්සයගේ ප්‍රතිපත්ති හා දැක්ම දිහා බලන එකක් නැති නිසා....

- Darshana Eranga


'''''''''''''''''''''''''''''''

 

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වූ විට ලාංකික කොදෙව්වේ බොහො අය කීවේ ජාතිකවාදය රැල්ලක් ලෙස ලොව පුරා හිස ඔසොවන බවයි.බීබීසී සංදේශය මගෙන් විමසූ විට මා කීවේ ට්‍රම්ප් ජාතිවාදී රැල්ලක කොටස්කරුවකු නොව තිගැස්සීමකට ලක්ව සිටින එක්සත් ජනපද පුරවැසියන්ගේ තෝරා ගැනීමක් පමණක් බවයි. ත්‍රම්ප් වර්ගවාදියකුවීම වෙනම කරුණක් බවයි.

මේ අදහසට කිහිපදෙනෙකු මට පහර දුන්නේ ට්‍රම්ප් ලෝකය පුරා යන ජාතිකවාදී රැල්ලක පුරුකක් බවත් ඒය තේරුම් ගැනීමට මට නොහැකි බවත් කියමිනි. එය අසත්‍යයක් බව ඔප්පු කරමින් ප්‍රංශයේ ජාතිකවාදී අපේක්ෂිකාව පරදවමින් සුවිශාල ජයක් ලැබීමට මැක්‍රෝන් සමත්ව සිටී.

- Philip Shantha

''''''''''''''''''''''''''''''''''''

 

ජාතිවාදීන්ගේ " ගෝලීය සිහිනය" ( ද්වෛධයක් නොවේ; මුළු ලොවේම ජාතීන් අර්බුද හමුවේ ජාතිවාදී හෝ ස්වදේශික වාදී ස්ථාවරයන් කරා පසු බැසීම පැතූ සිහිනය ) පුරවැසි ප්‍රජා අයිතීන්හි තිඹිරි ගෙයිදී බොඳ වෙයි......

ප්‍රංශ ජනාධිපති ධුරය එම්මානුවෙල් මැක්‍රෝන් හට.....

39 හැවිරිදි ප්‍රංශයේ තේරී පත් වූ ජනපති දාර්ශණික විෂය ක්ෂේත්‍රයෙහි අධ්‍යාපනය ලබා, පසුව ආයෝජන බැංකුකරණයට පිවිස,

ඉන් ඉක්බිතිව ආර්ථික සහ කර්මාන්ත අමාත්‍ය ධූරයට පත්,

වාමාංශික ආගමිකත්වයෙන් තොර පවුලකට උපත ලබා 12 හැවිරිදි වියේදී සිය කැමැත්තෙන් බෞතීස්මය ලබමින් " ජේසුයිට්" පාසැලක ප්‍රාථමික අධ්‍යාපනය ලද,

සිවුදරු ගුරුවරියකට පෙම්බැඳීම නිසා දෙමාපියන් විසින් පැරීසියට යවන ලද මුත් ඇ‍යම විවාහ කරගත්,

සමාජවාදය පරතෙරට හදාරන ලද නමුදු රොත්ස්චයිල්ඩ් වරුන්ගේ බැංකුවකට සේවයට බැඳුණු,

සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් වුවද ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති සහ නිදහස් වෙළඳපොළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව විශ්ව විද්‍යාල දේශන පවත්වන ලද, අමුතු අපූරු පුද්ගලයෙකි.......

බොහෝ විට බහුවිධ ධ්‍රැවයන් අතර දෝළනය වූ ඔහුගේ චරිතය ප්‍රංශ විප්ලවයේ ස්ඵෝටක සාධක සහ එයට හවුල් වූ පාර්ශව තරමටම සංකීර්ණය.....

මැක්‍රෝන්ගේ ප්‍රංශය කෙබඳු වේදැයි නිරීක්ෂණය අනාගතයට පැවරිය යුතුය.... වඩාත්ම වැදගත් නිරීක්ෂණය වන්නේ ඔහු යුරෝපා සංගමය කෙරෙහි බලපැවැත්වෙන ආකාරයයි...

- සයිබර වරිගෙ උණ්ඩියා

'''''''''''''''''''''''''''''


නැගී ආවා කියපු ලෝක ජාතිකවාදී රැල්ල ප්‍රංශයේ මැක්රෝන් අවසන් කළා.
ඔබට සතුටුයිද දැන්? - Taraka Vipulaguna

''''''''''''''''''''''''''''''


ප්‍රංශයෙන් ද අවුලුවාලන්නට බලා සිටි
ගෝඨලාගේ සිහින
වියැකී ඇත. - Madushanka Lakmal

''''''''''''''''''''''''''''''''


ගොටාගේ සිහිනය ප්‍රංශයේදී බිඳවැටිණ, රනිල් දැන්වත් ගෝටා උඩ දැමීම නතර කර වැරදිකරුවන්ට( රාජපක්‍ෂ) දඬුවම් කිරීමට ඇති මෛත්‍රීගේ කැමැත්තට ඉඩ දෙන්නේ නම් මැනවි - Uvindu Kurukulasuriya

''''''''''''''''''''''''''''''''

ඊයේ ප්‍රංශ ජනාධිපතිවරනයෙන් ලිබරල් අපේක්ෂකයා ජයගැනීමෙන් පසු අද දකුනු කොරියාවේ පැවැත්වෙන මැතිවරණයට අනුව දශකයකට වඩා වැඩි කලක් දක්ෂිනාංශික කන්සර්වෙටිව් පාලනය අවසන් කරමින් ලිබරල් අපේක්ෂකයා නියත ජයක් කරා ලඟා වෙමින් පවතී..
බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් සහ ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් පසු ලෝකයම ජාතිකවාදී populist රැල්ලකට යනු ඇතැයි බොහෝ අය විශ්වාස කලත් එය එසේ නොවන බව මේ මැතිවරණ වලින් පෙන්නුම් කරන්නේද ?
නැතිනම් හුදෙකලා සිද්ධීන්ද ? - Priyantha Jayawardena‎

'''''''''''''''''''''''''''''''''


ආදරය යනු රෑපය ,වයස , ධනය හෝ බලය නොවන බවත් ආදරය යනු බුද්ධිය හා බැදුනු දෙයක් බවත් වයස 64 ක් වු බ්‍රඡටි නමි වු මෙි නාට්‍ය ගුරැවරියත් මෙි මෙහොතේ ප්‍රංශයේ බලසමිපන්නම මිනිහා වන 39 හැවිරිදි එමානුවෙල් මාර්කෝනුත් අපට පහදා දුන්නෝය සත්තකින්ම එය ලෝක ඡනතාව විශ්මය තුලින් ප්‍රඥාව කරා ඔසවා තැබු සුඛාන්තයෙන් කෙළවර කරන ලද නාට්‍යයකි - Upali Jayasinghe

'''''''''''''''''''''''''''''''''

මරීන් ල පෙන් පරාජය වමේ ජයග්‍රහණයක් ද?

“අර දක්ෂිණාංශ අන්තයේ එක්කෙනා දිනුවෙ නැහැ නේද?” ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නරඹමින් සිටිය දී අපේ ගෙදරට ගොඩවැදි ඇමෙරිකන් වමේ හිතවතියක් මගෙන් ඇසීය. එහි දී මගේ මතකයට ආවේ කලකට පෙර මම කැළණිය කැම්පස් සිටි කාලයේ පටන් දන්නා හඳුනන හිතවතෙක් කියූ කතාවකි: “අපි මැද්දට එනකොට ඔයා තවත් දකුණට ගිහින්.”

මම දක්ෂිණාංශ නොවෙමි. එසේ කියද්දී මම වාමාංශිකයෙක් යැයි වරදවා වටහා නොගන්න. මම ලිබටේරියන්. එනම් පරණ වම, අලුත් වම, මධ්‍යස්ථ ක්‍රමය යනාදී වශයෙන් දක්වන වමේ අදහස් සියල්ල ප්‍රතික්ෂේප කරන අයෙක්මි.

වම එක පැත්තක ද, දකුණ අනෙක් පැත්තේ ද දක්වන සරල රේඛීය වූ හැඳින්වීම දේශපාලන පක්ෂ ගැන කියද්දී යොදාගන්නා සාමාන්‍ය භාවිතයයි. මෙහි මධ්‍යස්ථයේ ඉන්නේ සමාජයීය ප්‍රශ්න සඳහා වාමාංශික වූ පිළියම් යොදන, ආර්ථික ප්‍රශ්න සඳහා ධනවාදී පිළියම් යොදන අය හැටියට සැලකේ. මේ හැඳින්වීම නිසාත්, වමේ අඩුපාඩු කියැවෙන අදහස් ඉතා සූක්ෂමව යටපත් කරන්නට විද්වතුන්, සාහිත්‍ය රචකයන්, රාජ්‍ය අංශය කදිම ලෙසින් සමත් නිසාත්, මහජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත්තේ දේශපාලන වමේ විරුද්ධ පැත්ත දේශපාලන දකුණ කියායි.

එහෙත් වම සහ දකුණ කියා දේශපාලනය බෙදුනේ කෙසේදැයි විමසන ලද්දාට එම අවුල පැන නඟින්නේ නැත. දක්ෂිණාංශය යනු ලොව පැවති පරණ සම්ප්‍රදායයි. 16 වැනි ලුවී සහ මාරි ඇන්ටොනෙට් රැජින ඝාතනය කරමින් භීෂණ පාලනයක් පැතිර වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් ද, ට්සාර් පවුල ඝාතනය කළ තවත් භීෂණ සමයක් ගෙනා බොල්ෂෙවික්ස් වාමාංශිකයන් ද, අනුගමනය කළේ පරණ සම්ප්‍රදායෙන් වෙනස් නොවූ මාර්ගයයි. එනම් හූදී ජනතාවගේ තෝරාගැනීම් මොනවාදැයි තීන්දු කරන බලය අල්ලා ගැනීමයි.

එතෙක් වසර දෙසිය ගණනක් පුරා පැවති රජ ක්‍රමයේ රජුට පැවතියාට වැඩි විසල් බලයක් මේ අය තමනට පවරා ගත්හ. පාරම්පරික නීති ක්‍රමවේද අහෝසි කර භීෂණය ඔවුන්ගේ නීතික පිළිවෙත වූහ.

විප්ලවය ගෙනෙන ප්‍රංශයේ වමත්, සෝවියට් වූ රුසියාවේ වමත් පෙනී සිටියේ පෞද්ගලික දේපල අහෝසියටයි. එය අසාර්ථක බව ලොව කිහිප වතාවක්ම පෙනී ගිය බැවින් දැන් වාමාංශිකයන් පෙනී සිටින්නේ රජයේ නියාමනය යටතේ පෞද්ගලික දේපල අයිතියටයි. එමැනුඑල් මැක්‍රෝන් මෙන්ම මරීන් ල පෙන් ද ආර්ථික ගැටළු සඳහා ධනවාදී ක්‍රමය තුලින් විසඳුම් සොයන අය නොවෙති. එසේම සමාජයීය ගැටළු සඳහා ද සියල්ලන්ටම එක හා සමාන පිළිවෙත් යෝජනා කරන අය නොවෙති. දෙදෙනාම රාජ්‍ය මැදිහත්වීම් සඳහා පෙනී සිටින නිසා කවුරු දිනුවත් ප්‍රංශ මැතිවරණයෙන් වෙනසක් සිදු නොවේ. පරාජය වූ ල පෙන් දක්ෂිණාංශ අන්තවාදියෙක් ලෙස හැඳින්වීමෙන් ප්‍රංශ ජනතාව තවත් කාලයක් දක්ෂිණාංශය වමට විරුද්ධ අනිත් කොණ එය යැයි විශ්වාස කරන බොරුවේම මුලාවී සිටීම පමණක් සිද්ධ වෙනු ඇත.

ලංකාවේ දේශපාලන වම හා දකුණ ගැන ‘ස්වදේශිකයෙකුගේ සටහන්’ යන තීරුවේ උදිත දේවප්‍රිය මෙසේ ලියයි: ‘දේශපාලන දකුණ රාජ්‍ය පුළුල් කළ යුතු යැයි විශ්වාස නොකළහ. ඒ හේතුව නිසා, රට කාර්මීකරණය කිරීමේ කාර්යය බොහෝ දුරට වමට පැටවිණ. පරණ වම යැයි කීම වඩාත් උචිතය.”

කාර්මික විප්ලවය ලොව හටගත්තේ සහ කාර්මීකරණයෙන් දියුණුව ලද රටවල් එසේ දියුණු වූයේ රාජ්‍ය හෝ දේශපාලන මැදිහත්වීම් නිසා නොවන බව උදිත දේවප්‍රිය මෙහි දී කිසිත් සැලකිල්ලකට නොගනියි. 1948 ගණන් වල දී ලාංකිකයාට ණය බරක් අත්විඳින්නට ලැබෙන්නේ 1840 ගණන් වල දී ලෙනාඩ් වුල්ෆ් වැනි රාජ්‍ය සේවකයන් ගෙනා කිරීටක භූමි ප්‍රසර්පිත ආඥා පනත වැනි වාමාංශික වූ රාජ්‍ය මැදිහත්වීම් හේතුවෙන් යැයි නොසලකා හැර හේ කතිකාව අරඹයි. 1949 වර්ෂයේ දී සිංගප්පූරුවේ ප්‍රධාන දිවයිනේ පෞද්ගලික ඉඩම් අයිතිය 69% කුත්, කිරීටක ඉඩම් අයිතිය 31% කුත් වූ බව නොසලකා හරියි.

සිංහල රජවරු විසින් සන්නම් වලින් පවරා තිබූ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍යයන් රැජිනගේ ඔටුන්න යටතට පවරා ගත්හ. බ්‍රිතාන්‍යයේ 1925 දේපල පිළිබඳ නීති පනතෙන් සාමාන්‍ය වැසියන්ට සැබෑ පෞද්ගලික ඉඩම් අයිතිය ලැබුණි. පෞද්ගලික නිවාස සඳහා ආයෝජනයට සාමාන්‍ය ලාංකිකයනට අවස්ථාවක් පෑදෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බව දේවප්‍රියගේ ලිපියෙන් කියැවෙයි. නමුත් ලාංකිකයන් ඵලදායී ආයෝජනයක (එනම් කාර්මීකරණයේ) යෙදෙන්නේ නැතැයි කියමින්, ලංකාවේ වාමාංශිකයන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙනෙති. දේවප්‍රිය ඒ 1972 දී ගෙනා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත දේශපාලන සේ ම, ආර්ථික වූ ද අවශ්‍යතාවයක් හැටියට දක්වයි.

මෙහි දී ජේ. කේ. ගැල්බ්‍රෙයිත් නම සඳහන් කරන දේවප්‍රිය ඇමෙරිකානුවාගේ දේශපාලන දැක්ම එන්. එම්. පෙරේරා වෙතින් වෙනස් වූවක් හැටියට සලකයි. ජෝන් කෙනත් ගැල්බ්‍රෙයිත් ඇමරිකන් ලිබරල්වාදියෙක් හෙවත් වාමාංශිකයෙකි. ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් වෙනුවට ලෙනාඩ් වුල්ෆ් වැන්නන් ලැබුණු ලංකාවට 1960 ගණන් වල දී ආර්ථික උපදේශකයෙක් හැටියට ජනාධිපති කෙනඩි යවන්නේ කේන්සියානු අදහස් කරපින්නා ගත් මෙයාව.

පෞද්ගලික දේපල අයිතිය, ඒකීයපුද්ගල නිදහස සහ නීතියේ රීතිය වෙනස්කළ නොහැකි ලෙසින් සියල්ලන්ම සඳහා පිහිටවන ලද්දේ ඇමෙරිකන් ව්‍යවස්ථාවයි. දුප්පත් සංක්‍රමණිකයන් ලෙසින් රටට ගොඩවැදි අය තුරුණු වියේ දී ම ධනකුවේරයන් වෙන්නට සමත් වූ බව ජනතාව දුටුවහ. ඒ නිසා, ගැල්බ්‍රෙයිත් වැනි මාක්ස්වාදීන්ට ‘බුර්ජුවා’ සමාජයක් ගැන කතා කරන්නට හැකියාවක් නැති විය. ඇමෙරිකාවේ පෞද්ගලික දේපල අයිතිය විවේචනයට ඉඩක් නොතිබිණ. ඉතින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ අනවරතයෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵලය යැයි දක්වා ‘පරිභෝජනවාදය’ ඉදිරිපත් කළහ.

මේ පරිභෝජන සංස්කෘතිය රට විනාශ කරනවා යැයි පරණ වාමාංශිකයන් කියද්දී, කේන්සියන් අදහස් කරපින්නා ගත් අර්ථ ශාස්ත්‍ර විද්වතුන් සහ දේශපාලනඥයන් ලැජ්ජා බිය නැතිව පරිභෝජන සංස්කෘතිය දිරිගැන්වූහ. ඉන්පසු එය අනවතරයෙන් එන්නක් සේ හඳුන්වා එය මර්ධනයට රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍ය යැයි කියූහ.

දියුණු රටවල් එසේ දියුණු වූයේ තරඟකාරී වෙළඳපොල නිසා වුවද, ඊට ඉඩදෙන සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය ‘නව කාර්මික රාජ්‍යයක්’ ගොඩනඟන්නට යොදාගත නොහැකි යැයි ගැල්බ්‍රෙයිත් කීය. ‘නව කාර්මික රාජ්‍යය’ යන්නෙන් ගැල්බ්‍රෙයිත් අදහස් කළේ බටහිර පැවති ‘ධනවාදී ආර්ථිකය’ සහ සෝවියට් අධිරාජ්‍යයේ පැවති ‘සමාජවාදී ආර්ථිකයයි’.

මධ්‍යගත සැලසුම් ක්‍රමය, ක්‍රමානුකූලව ලාබ අරමුණ මකා දැමීම, තරඟකාරීත්වයේ කාර්යක්ෂම බව අඩු කිරීම ගැන ලියන පොත් ගණනාවකින් කාර්මික නිෂ්පාදනය සඳහා සමාජීය-ආර්ථික ක්‍රමයක් ගැල්බ්‍රෙයිත් ගෙනෙන ලදි. එයින් කාර්මික සමාජයක් යනු ‘තාක්ෂණික ව්‍යුහයකින්’ පාලනය වෙන පෞද්ගලිකත්වයකින් නොයුතු පද්ධතියක් හැටියට නූගතුන්ට ගිල්ලවන ලදි.

තීරු ලිපිය ලියූ දේවප්‍රිය මේ ඇමෙරිකානුවාගේ දේශපාලන දැක්ම, එන්. එම්. පෙරේරාගේ දැක්මෙන් කොයිතරම් වෙනස් විදියකට දැක ඇත්දැයි පැහැදිලි කර නැත. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ ද, එමැනුඑල් මැක්‍රෝන් සහ මරීන් ල පෙන් අතර ඇති සමානකම් වෙති. එනම් ඒ දෙදෙනා මෙන් මේ දෙදෙනා ද රාජ්‍ය මැදිහත්වීම් තුලින් ආර්ථිකය ගොඩනඟන්නට හැකි යැයි කියන වාමාංශික මුලාවම ගිල සිටිති.

-arunishapiro.wordpress.com

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us