කපු‍ටු පණ්ඩිතකම හා ගම්මන්පිලගේ කාලකණ්නිකම

Wednesday, 02 September 2015 11:46

සිංහල ජාතිවාදී ප්‍රකාශකයකු හා ඒක පුද්ගල පක්ෂ නායකයකුද වන කොළඹ දිස්ත්‍රික එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේදී සිය මංගල පාර්ලිමේන්තු කතාව සිදු කර තිබේ. කතාව අතර තුරදී ඊට එල්ල වූ විරෝධය නිසා ගම්මන්පිලට කතාව අවසන් නොකරම වාඩිවීමට සිදුවිය.කතාවේ ඇතැම් කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමටද කතානායකවරාවයා නියෝග කළේය.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවැත්වූ මංගල කතාවේකොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබු අවසථාවක් තිබුණේ නැත. මේ මහ කාලකණ්නි සහගත සිදුවීමකි.

පාර්ලිමේන්තුවට පැමිණෙන නවක මන්ත්‍රීවරුන්ට තමන්ගේ පලමු කතාව පැවැත් වීම ඉතා වැදගත් අවස්ථාවක් මෙන්ම එම අවස්ථාවට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඉහළ ගරුත්වයක් ලබා දෙනු ලැබේ. විශේෂයෙන් එම කතාවට බාධා නොකර සිටීම ප්‍රධානය. නවක මන්ත්‍රීවරයා කවර දේශපාලන අදහස් උදහස් දැරූවත් ඒ සාවධානව අසා සිටීම සියළු මන්ත්‍රීවරු විසින් සිදු කරනු ලබන අතර අවසන මේසයට තට්‍ටු කර ඊට ප්‍රතිචාර දැක්වීමද සිදු කරයි


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එවැනි එක සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි සිදුවීමක් 2000 වසරේදී සිදුවිය. ඒ ජනතා විමුක්ති පෙරමුණ ආසන 10 ක් දිනා පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී එහි කණ්ඩායම් නායක වූ විමල් වීරවංශ මහතා පැවැත්වූ වේගවත් හරබර කතාවය. උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව දැවැත විරොධතා ගෙන ගිය පක්ෂයක කණ්ඩායම් නායකයා ඒ පැවැත්වූ කතාවට විරුද්ධව මත පළ කිරීමට අනෙක් පක්ෂවලට හේතු තිබුණද කිසිවකු ඊට බධා කළේ නැත. එම කතාවට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඉහල ප්‍රතිචාරයක්ද හිමිවිය.

එහෙත් උදය ගම්මන්පිල ඇදගෙන නෑවේය. තමන්ව පාර්ලිමේන්තුවට පත කර එව් ජනතාවට ස්තූතිවන්ත වීම එමෙන්ම තමන් මහජන නියෝජිතයකු ලෙස ඉ‍ටු කිරීමට බලාපොරොත්තුව වන මහජන සේවාව ගැන තමන්ගේ පක්ෂයේ හෝ පෞද්ගලික දේශපාලන ප්‍රතිපත්ති ගැන හෝ වන කාතාවක් කර වාඩිවනවා වෙනුවට අනෙක් පක්ෂයකට අභුත චෝදනා නගමින් සභාවේ ගරුත්වය හා එහි සම්ප්‍රදායන් විනාශ කරමින් කළේ තකතීරු කතාවකි.

යම් පක්ෂයක ප්‍රතිපත්ති හෝ වුවමනාව පාර්ලිමේන්තුව තුල කතා කළ යුත්තේ ඒ 'සභාව'විසින් ආරක්ෂා කරනු ලබන නීති රීති අනුව යමිනි. ගම්මන්පිලලාගේ පූර්වවයකු වන වාසුදේව නානායක්කාරලා 'අගමැතිවරයාට 'පකයා'යැයි කියමින් හැසිරුණ ආකරය ගම්මන්පිල ට පූර්වාදර්ශයක් වූවාද යන්න ගැන ප්‍රශ්නයක් තිබුණද මහජනතාවගේ ඡන්දයෙන් තොරාපත් කර එවූ රට පිලිගත් තවත් දෙශපාලන පක්ෂයක මතයක් ආයුධ අතට ගෙන හෝ මර්දනය කළ යුතු යැයි ප්‍රජාතන්ත්‍රවදයේ මුදුන් මල්කඩ වන පාර්ලිමේන්තුවේදී යෝජනාකිරීම පිලිගත නොහැක.ෆෙඩරල් විසඳුම දෙමල ජාතික සංධානයේ යෝජනාවය. ඇතැම් විට එය මේ ප්‍රශ්නයට ඇති සැබෑම විසඳුමද විය හැකිය. ඒ දේශපාලන සාකච්ඡාවකින් අනතුරුව පිලිගැනීම හෝ නොපිලිගැනීම සිදුවියයුතුව තිබෙන්නෙකි.

එහෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධී වර්ගවාදී පහත් මානසිකත්වයකින් පෙලෙන ගම්මන්පිලලා වගේ සිංහල ජාතිවාදීන් මෙවැනි කතා කීම අරුමයක්ද නොවේ. සාමාන්‍යයෙන් මැතිවරණ වේදිකාවලදි ජනතාව ඉදිරියේදී මොන මොන දේ කතා කලත් පාර්ලිමේන්තුව වැනි තැනකදී ඊට වඩා වැදගත් ලෙස විනයක් ඇතිව බුද්ධිමත්ව ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගැනීම සිදුවිය. කොටින්ම පසුගියදා ජනාධිපතිවරයා හමුවී විමල් වීරවංශ මහතා මැතිවරණ සමයේදී ඔහු විසින් කටෝර ලෙස ජනාධිපතිවරයාව විවේචනය කිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටීම ඉතා අගේ කළ යුතු භාවිතාවකි. ඒ දියුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකුගේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි අතර ගම්මන්පිලලාට ඔහුගෙන් ඉගෙනීමටද බොහෝ දේ ඇත. . වීරව්ංශ සිංහල ජතිවාදය කරපින්නා ගෙන ‍රැවටිලි සහගත දේශපාලනයක නියැලීම වෙනම කතාවකි.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපති මෙරට ව්‍යවස්ථාවට පට හැනිනම් ඒ ගැන පාර්ලිමේන්තුවේදී කතා කල යුතු ස්වරයක් තිබේ. අනෙක් කරුන ගම්මන්පිල මේ ෆෙඩරල් කතාව මතු කරන්නේ පාර්ලිමේන්තුවේ එවැනි සාකච්ඡාවක් හො එවැනි යෝජනා මාත්‍රයක් හෝ නොමැති විටකදීය. මේ ගම්මන්පිලලාගේ නොදන්නා කමය. නීතිඥයකු ලෙස සමාජය හමුවේ පෙනි සිටියද ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය,නීතී රීති ගැන තබා විනයක් ඇතිව කතා කිරීම සම්බන්ධයෙන් හෝ අවබෝධයක් නැති බව පැහැදිලිය. නවක මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවය වෙනුවෙන් පසුගිය දින තුනක් පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළුවක්ද විවෘත කර තිබුණි. එහිදී පාරිමේන්තු නීති රීති, සම්ප්‍රදායන්,ස්ථාවර නියෝග , ඇඳුම පැළඳුම ගැනද දැනුවත් කිරීම සිදුවිය. ගම්මන්පිල ඊට එක්වූවාද යන්න දන ගැනීමට නොමැති නමුත් සියල්ල දත් අති පණ්ඩිතයකු වන ගම්මන්පිලට ඒ කතාවලින් වඩක් නැති වූවාද විය හැකිය.

ගම්මන් පිලටම ගැලපෙන පරණ ජන කතාවක් තිබේ.

මහා බ්‍රහ්මයා ලෝකය මැවීමේදී සියළු කුරුල්ලන් කැඳවා තම තමන්ට නිවාස( කූඩූ) තනා ගැනීම සම්බන්ධව වැඩ මුළුවක් පැවැත්වූවේලූ.

මෙයට කෝහා ආවේම නැත. මුල් දිනයේදී සහභගී වී සිටි කපුටා බ්‍රහ්මයාගේ මූලික කතා බහ අහගෙන වැඩමුලුවෙන් ඉවත් වූයේ කූඩු තැනීම තමන්ට වැඩ නොවේ යැයි කියමිනි. වඩු කුරුල්ලා පමණක් වැඩ මුළුවේ අවසන් දින තෙක් සිටියේලූ. කපුටගේ කූඩුවෙත් වඩු කුරුල්ලාගේ කූඩුවෙත් වෙනස ඒකලු.

ගම්මන්පිලටද සිදුව ඇත්තේ කපුටාට වූ සන්තෑසියමය.

Last modified on Wednesday, 02 September 2015 12:56

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us