රාජපක්ෂට, ජනතාව හැමදාම ගොනාට ඇන්ද විය නොහැක.

Monday, 05 January 2015 14:56

පසුගිය දෙසැම්බර් 31 වන දින ප්‍රකාශයට පත් කළ් the economist සඟරාවේ පලවූ ලිපියක සංශිප්ත අදහස මෙලෙස ඉදිරිපත් කරමු.the economist සඟරාව යනු ලොකයේ වැඩිම අලෙවියක් ඇති සමාජ, දේශපාලන, ආර්ථික කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලොව පිළිගත් සඟරාවකි.

"පර්සි මහින්ද රාජපක්ෂ තමන්ගේ ධුර කාලය අවුරුදු 2ක් ඉතිරිව තිබියදීත් ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනකොට තමන්ගෙ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයකින් සිටියේය. ඒත් පැවැති පළාත් පාලන මැතිවරණ මගින්ද ඔහුගේ ජනප්‍රසාදය පිරිහෙමින් පවතින බව පෙනෙන්නට තිබිණි.


නමුත් විපක්ෂය තුල බෙදීම් රැසක් වූ අතර ආර්ථිකයේ කෙටිකාලීන මෙන්ම දිගු කාලීන ප්‍රගතියක ලකුණු දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් පහලවූ ශ්‍රේෂ්ඨ රජෙක් යන මිථ්‍යාව පතිරවිමේනුත් ඔහු අපේක්ෂා කරන්නෙ නැවත බලයට පත්වීම බව පෙනේ. 2010 වර්ෂයේ වගේම සියට 57 ක් තරම් ප්‍රතිශතයකින් බලය තහවුරුකර ගැනීම කර ගත හැකි ඉලක්ක්කයක් සේ රාජපක්ෂ කල්පනා කළා විය හැකිය.

නමුත් දැන් පවතින තත්ත්වය අනුව ඡන්ද දුෂණයක් සිදු නොකලොත් එය පුදුමයක් වනු ඇත. මහින්ද රාජපක්ෂ තවමත් ජනප්‍රසාදය සහිතයි. නමුත් මෙම මැතිවරණය ඉතා තරඟකාරීය. මහින්දගේ ජනප්‍රසාදය රඳා පවතින්නේ ඔහු 2009 වසරේ කුරිරු සංවිධානයක් ලෙස සැළකෙන බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ අසාධාරණයට ලක්වූ හින්දු දෙමළ සුළු ජාතික නියෝජනයක් සහිත දෙමළ කොටි සංවිධානය සමග වසර 26ක් පුර පැවති සිවිල් යුද්ධය අවසන් කිරීමේ භූමිකාව මතය.

එය අනුකම්පා විරහිත කුරිරු සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත බිළිගත් ජයග්‍රහණයක් විය. හමුදාවද කොටි සංවිධානය වගේම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණත් එය රජය මගින් නොපිළිගත් අතර සිංහල ඡන්ද දායකයින්ටත් එය ප්‍රශ්නයක් වූයේ නැත. ඒ වගේම බටහිර බලපෑම් වලට මුහුණ දිය හැකි දේශප්‍රේමියෙක් ලෙස පෙනී සිටීම තුල රාජපක්ෂට ජනප්‍රියවීමට ඉඩක් ලැබිණි. ඔහු මුස්ලිම් විරෝධය වර්ධනය වීමට සහය දුන්නේය.

බලය තමන්ගේ පවුලේ පිරිස් විශේෂයෙන්ම සහෝදරයන් හා පුතුන් හා පවුලේ පිරිස අතර ගොඩගසා ගත්තේය. දුෂණ වංචා වර්ධනය විය. මහින්ද රාජපක්ෂ තමන්ගේ පාර්ලිමේන්තු බහුතර බලය හා ව්‍යවස්ථාදායක බලතල පාවිච්චි කරමින් අධිකරණයේ ස්වාධිනත්වයට හා හානි කිරීම. විධායක බලතල තවත් ශක්තිමත් කිරීම, දෙමළ ජනතාවට ව්‍යවස්ථාවෙන් පොරොන්දු වී පරිදි ස්වයං පාලන අයිතීන් ලබා නොදීම, මාධ්‍යවේදීන්ට හා සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව කටයුතු කිරීම, වුවමනාවට වඩා චීනයට ලංවීම අහිතකර පරිදි බලපා තිබේ.

එහෙත් මහින්ද පරාජය වීම, ලොකු පෙරලියක් නොවන්නේ බදු මිල ඉහල දැමීම, වංචා දුෂණ පවුල් පාලනය සහ අපැහැදිලි දේශපාලන උපක්‍රමට එරෙහිව පවතින වෛරය හේතුවෙනි. මහින්දගේ ප්‍රතිවාදිය වන ඔහුට අනුව තමන් පවා දුන් ජුදාස් කෙනෙකු ලෙස සලකන නොවැම්බර් මාසය වන තුරුත් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන පවුල් පාලනයේ ප්‍රමුඛ පෙලේ නායකයෙක් විය. විපක්ෂයේ බොහෝ දෙනා ඔහු වටේ රොක් වෙන්නෙ ඒකාධිපති පවුල් පාලනය අවසන් කිරීමේ හොඳම විසඳුම ලෙස කල්පනා කරය..

මෛත්‍රිපාල සිරිසේන දෙමල ජනතාවගේ පහන් ටැඹක් විදියට සැලකුවත් ඔහු යුද්ධයේ අවසන් සති දෙකක කාලය තුල ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේය. ඔහු මහින්ද වෙනුවට පත් වූනත් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳීමට පළමු පියවර තැබිය යුතුයි. මෛත්‍රී පත්කරගැනීම ලංකාවේ ප්‍රජාතන්තරවාදය සුරැකීමේ එකම මාර්ගය බවට පත් වේවි. ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රකාශය පරිදි රාජපක්ෂට හැමදාමත් මිනිසුන් ගොනාට අන්දවිය නොහැකි බව සනාථ වේවි.

the economist සඟරාවේ ලිපියට මෙතනින් පිවිසෙන්න

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us