හඳුන්ගේ යාළුවෝ සහ හර්ෂගේ යාළුවෝ ඔක්කොම එකයි   Featured

Thursday, 04 July 2024 13:22

ආර්ථික අර්බුද ලංකාව ගිලගෙන සිටින විට විපක්ෂයේ මහත්වරු මේ රට බාර ගැනීමට කැමැති වූයේ නැත. අර්බුදය විසඳා ගැනීමට තමන් සතුව විසඳුම් කිසිවක් නොමැති තත්වයන් තුළ මේ විපක්ෂ ගොබිලන් රට බාර ගැනීමට බිය විය.

කොහොම නමුත් මේ අය රට බාර නොගැනීමම රටේ වාසනාවක් විය. එසේ නොවන්න රනිල් වික්‍රමසිංහ මේ රට බේරාගත් ජනාධිපතිවරයා වීම සිදු නොවිය හැකිව තිබිණි. එමෙන්ම රට තවදුරටත් බංකොලොත් වී ජනතාවට අරගල කරන්න තබා පාන් කියා ගැනීමටවත් නොහැකිව හාමත් වී හෙම්බත් වී තැන තැන මැරී වැටෙන තැනකට පත්වෙන්න ඉඩ තිබිණි.

එය කොහොම නමුත් අවසානයේ දී රනිල් රට බාර ගත්තේ මැතිවරණයකින් රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී පැත්තකට දමා සිටියදීය. සමහරුන්ට අනුවව මෙය කොහෙවත් තිබුණු පිනක් රනිල්ගේ කර මත කඩා වැටීමක් විය. නමුත් ඇත්තම කතාව රනිල් තමන්ගේ දේශපාලන ජීවිතයේ අත් විඳි දුෂ්කරම කටුකම කාල පරිච්ඡේදයේ ආරම්භය එ් සමඟ ඇති වීමය.

මේ කාලය තුළ දී රනිල්ට එරෙහිව නැගුනු මඩ අවලාද බාධා කිරීම් මින් පෙර යුගවල මෙතරහ් මහා පරිමාණයෙන් සිදුව තිබුණේ නැත. ඒ අතරම දින පතා පැයෙන් පැයට රනිල්ගේ පාලනයට එරෙහිව විපක්ෂය ක්‍රියාත්මක විය. එයත් බල මුළු රැසක් ලෙස සතර දිශාවෙන්ම ප්‍රහාරයන්ට ලක්විය. තවමත් එය සිදු වෙමින්ද තිබේ.

රනිල් රටේ ආර්ථික අර්බුදය විසඳන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට කටයුතු කරද්දි අයි එම් එෆ් ගිහින් ගොඩගිය රටක් නැති බවත් එම තීරණය කෙසේ හෝ ආපසු හරවන් බවටත් ජවිපෙ සපත කර තිබිණි. සජබයේ ආර්ථික විශේෂඥයන් කියන අය අයි එම් එෆ් යායුතු බව කීවත්, ජනාධිපති රනිල්ට එය සිදු කළ නොහැකි බවත් කීවේය. එසේම ජනාධිපති රනිල්ට ජන වරමක් නැති නිසා ආයි එම් එෆ් සහය ලැබෙන්නේ නැති බවත් කීවේය.

එහෙත් ජනාධිපති රනිල් අයි එම් එෆ් ගියා පමණක් නොවව රට අවශ්‍ය විසඳුම රැගෙන ආවේය. අයි එම් එෆ් ණය සහන පැකේජය අරගත්තේය. රටට් ආර්ථික නැවත ගොඩ දමන්න අවශ්ය ආර්ථික ප්‍රතිසංස්කරණයන් තහවුරු කර ගත්තේය. සෙසු ජාත්‍යන්තර සංවිධාන වලත් රටවලත් සහය අරගත්තේය. මේ ණය වාරික එකින් එක ලැබෙන විට විපක්ෂය වාරිකයෙන් වාරිකයට කීවේ ඊලඟ වාරිකය නොලැබෙන බවය.

විපක්ෂය දවසින් දවස ජෝක් වුණා මිස විපක්ෂය බලාපොරොත්තු වූ කිසිවක් සිදු වූයේ නැත.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් කතාව එහෙමය. අයි එම් එෆ් ප්‍රධාන කොන්දේසිය වූයේ රටේ ණය අර්බුදය විසඳා ගන්නා තෙක් රටට වෙන සංවර්ධන ගමනක් නැති බවය. ණය ගෙවීමේ හැකියාව මුලින් රජය ගොඩනගා ගත යුතු බව කීවේය. ණය ගෙවන්න නොහැකි නිසා ණය ගෙවීම අත් හි‍ටුවමින් රජය ණය ප්‍රතිව්‍යුහගත කරණයට සූදානම් වූයේ ඒ හැර වෙනත් විකල්ප විසඳුම් රටට නැති බවව හරියටම දැන ගෙනය. එමෙන්ම එය සාර්ථක කරගත හැකි බව දැනගෙනය.

එ් අනුව ණය ප්‍රතිව්‍යුහත කරන සාකච්ඡා ආරම්භ කෙරිනි. විපක්ෂය බලාපොරොත්තු වූයේ එයත් කිසි ලෙසකින් සිදු නොවන ඇතැයි කියාය. මෙහිදී සිදු විය හැකිව තිබුණේ ණයෙන් කොටසක් කපා හැරීම පොලියෙන් කොටසක් කපා හැරීම ණය ගෙවීමේ කාලය දීර්ග කිරීමක් හෝ මේ තුන් ආකාරයේම සංයෝගයක් අනුව විසඳුමකි.

මෙහිදි රට වඩාත්ම වාසිදායක ක්ර්මවේදයක් රජය යෝජනා කළ යුතු විය. මෙරට යෝජනාව පිළිගැනීම හෝ නොපිළිගැනීම හෝ අතරමැද තැනකටම හෝ සාකච්ඡා තුළ පැමිණිය යුතු විය. එමෙන්ම මෙහිදී රාජ්‍යයන් සමඟ වු ණය ගනු දෙනු සහ පෞද්ගලික නැති නම් ස්වෛරී බැඳුම්කර ලෙස ලබා ගත් ණය තිබිණි. මේ දෙක ප්‍රතිව්‍යුහගත කිරීම දෙයාකාරව සිදු වීමට නියමිත විය.

මේ අනුව රජය, රාජ්‍යයන් සමඟ නැතිනම් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහත කිරීම් සාකච්ඡා මුලින්ම සාර්ථක කර ගෙන තිබිණි.

imf

එ් අනුව වන ණය ගෙවීමේ කාලය සහ පොලිය අඩු කරගෙන තිබිණි. ඉන් පසුව පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවන්ද සාර්ථක කර ගෙන තිබිණි. එ් පිළිබදව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ සියයට 28 ක ණය කපා හැරීමකට එකඟ වී ඇති බවය.

ඒ අනුව බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ. එසේම
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල්‍ය අරමුදලේ පුරෝකතනවලට වඩා අඩු වුවහොත් ණය කප්පාදුව සියයට 40 ක් ඉක්මවා වැඩි කිරීමට ද එකඟ වී ඇතැයි කියති.
එමෙන් ම හොඳින් ණය ගෙවිය හැකි ලෙස ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධනයක් ලබන්නේ නම් ණය කැපීම අඩු කිරීමට එකඟ වී ඇති අතර එහි අවම අගය සියයට 15 ක් වෙයි.
එකතු වූ ණය පොලිය සඳහා ද සියයට 11 ක කපා හැරීමක් හිමිවන අතර ඒ සඳහා සියයට 4 පොලියකට නව බැඳුම්කර නිකුත් කරනු ඇත. එමෙන්ම බැඳුම්කර කල් පිරීම 2033 සිට 2038 දක්වා දීර්ඝ කර ඇති බව ද වාර්තා වෙයි.

එය එසේ නම් ඒ රට බලාපොරොත්තු නොවු සහනයකි.

මන්ද මේ සියයට 28 කතාව අල්ලාගෙන විපක්ෂය කීවේ කිසිසෙත්ම එය සිදු කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් එය සියයට 7 කට අඩු වෙන බවත් නිසාය.

මේ මතය වැඩිපුරම සමාජගත කළේ සජබයේ හර්ෂදි සිල්වා කියන ආර්ථික ඔස්තාර්ය. මෙම පුද්ගලික ණය හිමියන් තමන්ගේ යාලුවන් බවත් එ් නිතර කතා කරමින් දේවල් කියන බවත් ඒ අයගෙන් ලබුණු තොරතුරු අනුව යැයි කියමින් මහ හෑලි ගොඩක් පසුගිය දිනවල හර්ෂ දෙසා බා තිබිණි. ඒ අනුව හර්ශගේ යාළුවො ඔහුට කියා ඇත්තෙ බොරුය. හර්ෂ යාළුවන්ගේ ලනු ගිලමින් තමන් මහා ආර්ථික විශේෂඥයකු බව මවා පෑමට ගත් උත්සාහයත් මේ අනුව සුනු විසුනු වී තිබේ.

හරිෂගේ යාලුවන්ට අමතරව ජවිපෙ හඳුන්නෙත්තිගේ යාලුවො ද සිටිති. හඳුන්නෙත්ති කීවේ ඒ අයට එක්ක අනේ මචං අපිට දැන් ණය ගෙවන්න බෑ.. එ්වා ටික අත් ඇරලා දාපල්ලා කිව්වාම එ් මචංලා එය සිදු කරන බවය. එ් කියන්නෙ මේ යාළුවෝ හඳුන්නෙත්තිට එහෙම පුලුවන් කතාවක් කියා ඇති බවය.

මේ අනුව පෙනෙන දෙය නම් මම් හඳුන්ගෙ සහ හර්ෂගෙ මචංලා සෙට් එක එකම පිරිසක් විය හැකිය.

හඳුන්ලා හර්ෂලාගේ මේ යාලුකම් මෙන්ම ඔවුන්ගේ ආර්ථික විද්‍යා විශේෂඥතාවයෙත් තරම දැන් නම් ඉතාම් පැහැදිලිය.

මේ අයට තමන්ට පුළුවන් බව කියමින් රටේ බලය දැන් ඉල්ලන්නේ රනිල් හදපු රට තමන්ට ඕන ඕන විදිහට කරගෙන යන්න පුළුවන් කියා කල්පනා කරන නිසාද විය හැකිය.

මන්ද දැන් 2027 වෙන තුරු ණය ගෙවීමට කරදර වෙන්න වුවමණාවක් නැත. 2027 සිට 34 දක්වා ණය ගෙවන්න වන්නෙ ද කුඩා වාරික වලිනි. එසේම ණය සහ පොලී බර අඩු වීමෙන් ඉන් පසුවත් රටට ලැබී ඇත්තෙ විශාල සහනයකි.

රනිල් හදපු ආර්ථිකය අනුව තව වසර කිහිපයක් තුළ මේ රට යළි දැවැන්ත සංවර්ධන ගමනකට මුලපුරනුද ඇත. රනිල් බොහෝ දේ නීතිගත කරමින් එක එක පිස්සු පූසන්ට රටේ ආර්ථික සමඟ සෙල්ලම් කිරීමේ හැකියාවද සීමා කර ඇත. මේ වන විට කෙ‍ටුම්පත් කර ඇති ආර්ථික පරිවර්තන පනතේ ඇති ආර්ථික ඉලක්කයන් සපුරාලීම සිදු වන්නේ නම් ඔ්නෑම ගොබිලෙකුට රට සංවර්ධනය කරගෙන යාමේ හැකියාවද ඇත.

එහෙත් මෙම විපක්ෂ ගොබිලන් විශ්වාස කළ නොහැක. ආර්ථික ගැන දැනුමක්, දැක්මක්, සැලසුමක් හෝ මෙලෝ අලබෝලයක් නොදන්නා වුන් මෙන්ම රට ගැන වගවීමක් නැති වුන්ට රටක බලය ගියහොත් සිදු විය හැක්කෙ විනාශයක්ම පමණක් බව ඉතිහාසයෙ ඕනෑ තරම් අත් දැකීම් තිබේ. මේ නිසා තවදුරටත් රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්නෙ නම් රටේ නායකත්වය රනිල් අතම තිබිය යුතුය.

මේ රාජ්‍යතාන්ත්‍රික විශිෂ්ටයා රට අහිමි කරගැනීම නොවිය යුතුය. රට සංවර්ධනයේ පීල්ල දිගේ ඉදිරියට ඇදගෙන යා හැක්කේ රනිල්ටම පමණකි. එ් බව ඔහු දැනටමත් ඔප්පු කර හමාරය. මේ ඇත්ත තේරුම් ගන්න අබ ඇටයක තරම් මොළයක් තිබුණත් ප්‍රමාණවත්ය.

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us