විද්‍යා හා තාත්ෂණ ගැන ‘පර්යේෂණ සහ සංවර්ධනය’ (Research and Development - R&D )සම්බන්ධයෙන් වෙනම ක්ෂේත්‍රයක් තිබෙන බව ජවිපෙ දැන ගත්තේ ඊයේ පෙරේදාය. නවීන විද්‍යාවේ හා තක්ෂණයේ නව නිපැයුම්, ඩිජිටල් කරණයේ ජයග්‍රහණ මානව සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බව ජවිපෙ දැනගෙන සිටියේ නැත. මෑතකදී මේ නොදැනුමේ තරම ජවිපෙ ආර්ථික කමිටු ප්‍රධානි ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති ඉතා හොඳින් පැහැදිලි කර තිබිණි. ඩිජිටල් තොරතුරු තාක්ෂණයට වඩා මූද්‍රිත පොත් හොඳ බව ඔහු පෙන්වා දී තිබිණි. මිනිරන් වලින් ග්‍රැපයිට් නිපදවා රටේ ආර්ථික අර්බුදය විසඳනවා යැයි අනුර කුමාර කිව්වෙත් මේ නොදැනුම නිසාය.
මේ කතා වල හැටියට පාසල් වල ස්මාර්ට් පංති කාමර සංකල්පයටත් මේ අය විරුද්ද විය යුතුය. ඩිජිටල් තිරයට වඩා කළු ලෑල්ල හොඳබව කියනු ඇත. ටැබ් එකට වඩා අච්චු පොත් සුපිරි බව කියනු ඇත.
මෙවැනි යෝජනා ජාතික ජන බලවේගයේ තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශන වලත් එහෙන් මෙහෙන් සඳහන්ව තිබිණි. ගෘහස්ත විදුලි උපකරන භාවිතය අධෛර්යමත් කර දර ලිපට පොල් කටු ලිපට මාරුවිය යුතු බව එහි පැහැදිලිව සටහන් වූ එක් කාරණයකි.
කොහොම නමුත් ජාතික ජන බලවේගයට ඊයේ පෙරේදා එකතුකරගෙන සිටින විදේශගත විද්‍යාඥයන්ය වියතුන්ය කියන කණ්ඩායමකි ජාජබයට විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියක් සකසා දී තිබිණි. එම ප්‍රතිපත්තිය ප්‍රකාශනය අනුව මේ පිරිස් ජීවත් වන්නේ මෙරට නොවන බවත් ඔවුන්ගේ සිහින අනුවත් පෙනෙන්නට තිබිණි. කොහොම නමුත් හඳුන්නෙත්තිලාගේ කතා ජාජබයේ තිබුණු ප්‍රතිපති ප්‍රකාශනව වලට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාජබයේ ආණ්ඩුවක් ආවොත් කරනවාය කියන බොහෝ කරුණු කාරනා අඩංගුව තිබිණි. ඉංග්‍රීසියෙන් ඇති නිසා මෙහි අඩංගුවේ මොනවා තිබෙනවාද යන්න බොහෝ මාලිමා පාක්ෂිකයන් නොදන්නවා වුණත් මෙය ලංකාවේ ප්‍රථම වතාවට සිදු විශ්ව කර්ම වැඩක් ලෙස මේ අය උත්කර්ෂයට නංවමින් තිබීමත් දකිනන්ට පුළුවන.
ඒ කෙසේ වුණත් මේ අඩංගුවේ ඇති බොහොමයක් දේවල් වැරදි නැත. සාමාන්‍යයෙන් පොදුවේ මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින කතිකාවේ ඇති දේවල්ය. නමුත් තව ටිකක් උත්සහ කළා නම් විශේෂයෙන්ම මීට වඩා පුළුල් පරිපූර්ණ වාර්තාවක් කෘතිම බුද්ධියේ සහයෙන් නැතිනම් ChatGPT සහයෙන් සකසා ගැනීමේ පහසු හැකියාව තිබිණි.
කොහොම නමුත් මේ ඉදිරිපත් කරන සංවර්ධනය අත්පත් කරගත හැකි නම් රටකට ඉතාම හොඳය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් රටකදී මේවා යථාර්ථවත් වීමේ ඉඩ කඩ අවම වීමය. ඒ හේතු පසෙකලා මෙවැනි ප්‍රතිපත්ති යෝජනා ඇති පදම් සැකසීමට ඉතා පහසුය. ChatGPT පාවිචිචි කිරීමට දන්නේ නම් එය තප්පර ගානක වැඩකි.
ඒ කෙසේ නමුත් මේ වියතුන්, මේ රටේ පර්යේෂණ සහ සංවර්ධනය කියන ක්ෂත්‍රයේ තුළ යම් සැලකිය යුතු දේවල් සිදු ඇති බව ප්‍රතික්ෂේප කර නැත. මන්ද දැනටත් එවැනි දේ මෙරට සිදුවෙමින් තිබෙන බැවිනි. මේ වියතුන්ද ඒ ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් මීට පෙර සම්බන්ධ වූවන්ද වේ. මෙරටේ අදත් පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයතන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතරිනුත් රාජ්‍ය අංශයේ මැදිහත් වීම පෞද්ගලික අංශයට වඩා වැඩි බව මේ පිළිබඳ සංඛ්‍ය දත්ත අනුව පැහැදිලිවේ. එය එසේ නමුත් ජාජබයේ පාක්ෂිකයන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය හිස් හිස මත තබාගෙන දුවන්නේ මෙතෙක් ලංකාවේ මේ කියන කිසිවක්ම මීට පෙර ඉතිහාසයේ සිදුව නොමැති බව විශ්වාස කරගෙනය. පෙර සඳහන් කළා සේ එහෙම දේවල් මේ රටේ වෙනවා යැයි නොදන්න කම නිසාය.
කොහොම නමුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙම වියතුන් කියන්න උත්සහ ගෙන තිබුණේ මේ සඳහා රජයේ මුල්‍යමය දායකත්වය ප්‍රමාණවත් නැතිබවත් මෙම පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපලයන් මෙරට ආර්ථිකය හා සම්බන්ධ වීමේ ඌනතාවයක් තිබෙන බවය. දැනට මේ වෙනුවෙන් ද.දේ.නි.යෙන් සියයට 0.12 ක ප්‍රමාණයක් වැය කරමින් තිබේ.
ඒ නිසා මේ අය වේදිකා වල සිට යෝජනා කර තිබෙන්නේ මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 2ක් වත් මේ වෙනුවෙන් වෙන් කළ යුතු බවය. දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 2 ක් යැයි කියන විටත් ඒ සුළු දෙයක් බව හැඟී යයි. නමුත් මෙරට සමස්ත අධ්‍යාපනයටත්, සෞඛ්‍යයටත් වැය කරන්නේ දළ දේශිය නිශ්පාදනයෙන් සියයට 1 කට මදක් වැඩි ප්‍රමාණයන්ගෙනි. මේවා සුළු ප්‍රතිශතයන් ලෙස පෙනුනත් රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලු විට විශාල ප්‍රතිශතයකි.
2024 වසරේ රාජ්‍ය ආදායම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 4164 කි. දළ දේශීය නිශ්පාදනය රුපියල් බිලියන 30,000 ක් (ආසන්නව ඩොලර් බිලියන 900 ක් ) පමණ වේ. දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 1ක් යනු සාමාන්‍යයෙන් රුපියල් බිලියන 300 ක් පමණ වේ. ඒ අනුව මෙම මුදල රාජ්‍ය ආදායමෙන් සියයට 14 ක් පමණ වේ. පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් යෝජනා කරන්නේ එමෙන් දෙගුණයකි.
මේසා මුදලක් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කිරීම කිසිසේත්ම සිදු කළ හැකි නොවේ. රජයට තමන්ගේ ආදායමෙන් වැඩිම පංගුවක් වැටුප සහනාධාර ආදී පුනරාවර්තන වියදම වෙනුවෙනුත් ඉතිරිය ණය හා පොලී ගෙවීම් වෙනුවෙනුත් වැය කිරීමට සිදුව ඇති තතු යටතේ රටේ සාමාන්‍ය සංවර්ධනය කටයුතු වෙනුවෙන් රජයට වැය කරන්න මුදලක් ඉතිරි නොවෙන තරම්ය. මේ නිසා පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් රජයට වැය කළ හැකි ප්‍රමාණය ද.දේ.නි.යෙන් සියයට දශම ගනනක් වීම තාර්කිකය.
එහෙත් එය නොතකා මේ වියතුන් වෙනත් දියුණු රටවල් පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් ද.දේ.නි.යෙන් වෙන් කරන පංගුව උත්කර්ෂයට නංවමින් ලංකාවෙත් එහෙම කළ යුතු යැයි කියති. නමුත් එම රටවලට එවැනි මුදලක් වෙන් කරන්න තිබෙන හැකියාව කුමක්ද යන්න මේ වියත්තු පෙන්වා නොදේ.
දියුණු කාර්මික රටවල් නැතිනම් සංවර්ධනය වූ හෝ ඒ මට්ටමට ආසන්න රටවල් දිගින් දිගටම පර්යේෂණ, නවොත්පාදනයන් සිදු කරන්නේ මේ අයගේ ආර්ථික සංවර්ධනයේ පැවැත්ම ගැට ගැසී ඇත්තේ මේ සමඟ නිසාය. කාර්මික කරණයේ ගෝලීය තරගය නිසාය. එම නිසා ඒ වෙනුවෙන් දැවැන්ත මුදලක් වෙන් කරයි. එම මුදල් වෙන් කරන්නේ රජයට වඩා පෞද්ගලික අංශයෙනි. නමුත් රජයත් දැවැන්ත ආයෝජනයක් සහ පහසුකම් ලබා දිම සිදු කරයි. සෑම රජයකම පාහේ රාජ්‍ය ආදායමේ වැඩිම පංගුව බදු මුදල්ය. එම රටවල බදු අය කිරීම් ප්‍රතිශතය ද.දේ.නි.ට සාපෙක්ෂව ඉතා ඉහළය. ලෝකයේ පර්යේෂණ හා සංවර්ධන වෙනුවෙන් වැඩිම දායකත්වයක් සපයන රටවල් වල බදු ආදායමේ තරම පහත වගුවේ ඒ පැහැදිලිව පෙන්වා ඇත.
ලංකාවේ දදේනිය අනුව රාජ්‍ය ආදායම පසුගිය වසරේ සියයට 11.5 ක පමණ මට්ටමේ පැවැතිනි. 2019 දී සියයට 14 ක පමණ විය. බදු කප්පාදුව නිසා 2021දී සියයට 8 කඩා වැටී තිබිණි. ඒ තත්වයන් තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම පවා අර්බුදයකය තිබිණි. වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් තුළ මෙම අගය 2027 වන විට සියයට 15 ක ඉලක්කය අත්පත් කරගැනීමේ දුෂ්කර ව්‍යයාමයක රජය යෙදී සිටී.
නමුත් මේ රාජ්‍ය ආදායම වැඩි කරගැනීම වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන විට ඒවාට මාරාන්තික ලෙස විරුද්ධ වූයෙත් මේ ජාජබයේම පිරිස්ය. ඒ අනුව රාජ්‍ය ආදයම් වැඩි කරගැනීමට ඉඩ නොදී සමාජ සුබ සාධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු පහසුකම් සංවර්ධනයට, පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයට අරමුදල් ලබා දෙන ක්‍රමවේදය මේ අය කියන්නේ නැත. මේවාට පෞද්ගලික අංශයට විශේෂයෙන්ම විදේශ ආයෝජනයක් සිදු වේ නම් ජවිපෙ එකහෙලාම විරුද්ධ වෙයි. මේ දිනවල නැගෙනහිර වෙරළ තීරයේ ඛනිජ වැලි නිධි ඇත්දැයි ගවේශනය කිරීමේ කටයුත්ත විදේශ සමාගම්වලට බාරදීම ගැන මේ අය කියන්නේ ඛනිජ වැලි නිධි ටික විකුණලා හමාර බවය. නමුත් විකුණන්න තබා විකුණන්න තරම් වැලි නිධි තිබෙනවාදැයි තවමත් සොයාගෙන නැත.
ප්‍රතිපත්තියක් නැති වුණත් කියන දේ කරන්නේ කොහොමද කියා කියන්න බැරි ජාජබය වෙනුවෙන් පෙනී සිටින මේ ජාත්‍යන්තර වියතුන්, පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් මෙරට දදේනි.යෙන් සියයට 2 ක තරම් මුදලක් වෙන් කරන හැටි කියන්නේ නැත. ඒ වෙනුවෙන් කපා හැරෙන වියදම් මොනවාද නැතිනම් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න අලුතෙන් බදු ගහන්නේ මොනවාටදැයි කියන්නේ නැත.
මේ අනුව ඉතාම පැහැදිලි කරුණ නම් මේ කියන දේවල් තනිකර හිතලු බවය. කරන්න බැරි වැඩය. මේවා තමන්ගේ පාක්ෂිකයාත් ගොනා කර රවටන මිත්‍යා ප්‍රබන්ධයන්ය.
එහෙත් කොහොම නමුත් පර්යේෂණ හා සංවර්ධන විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් රජය යම් මැදිහත් වීමක් කළ යුතුය. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සහ විදේශ ආයෝජක සහය ගත යුතුව තිබේ. එසේම නවෝත්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා සකසා දීමත් සිදු විය යුතුය. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත දියුණුවට මේ නව සොයාගැනීම් යෙදවිය යුතුය. අපනයනය ඉලක්ක කළ කර්මාන්ත ඇතිවිය යුතුය. ඒ සියල්ල මෙරට ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් දිශාගත කළ යුතුය. ඒ ගැන තර්කයක් නැත.
මෙතුවක් කාලයක් මෙරට රජය මේ වෙනුවෙන් කර ඇති මැදිහත් වීමක් තිබේ.
පසුගිය 2020 වසරට පෙර යුගය ගැන සලකා බැලුවහොත් මේ සම්බන්ධයෙන් රජයෙත් පෞද්ගලික අංශයෙත් මැදිහත් වීම ගැන තොරතුර වලින් යම් සාදනීය තත්වයක් දැකිය හැකිය. ඒ ප්‍රමාණවත් නොවුණත් ඒ වඩා සංවර්ධිත අදියරකට ගෙන යෑමේ හැකියාව තිබේ. ඒ වෙනුවෙන් ගත් පියවරයන් ද රැසක් තිබේ.
එමෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙනුවෙන් කරන මැදිහත් වීමේ ප්‍රමාණය අතිශය ඉහළ බව පෙන්වා දිය හැකිය. කොටින්ම ජාතික ජන බලවේගය තමන් නොදන්නා විෂය පථයක් ගැන ජාත්‍යන්තර වියතුන් සකසා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වා ස්වයං වින්දනයට පත් වෙන මොහොත වෙන විට, මෙම ප්‍රකාශනයේ අඩංගු බොහෝ දේ ජනාධිපති රනිල් ක්‍රියාත්මක කර අවසන්ය. නව පියවරයන් රැසක්ම ගෙන තිබේ. රනිල් මේ වැඬේ පටන් ගත්තෙත් අද ඊයෙක නොවේ. ඔහු මුලින්ම කර්මාන්ත ඇමැතිවරයාව සිටි සමයේ සිට මේ ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මැදිහත් වූවෙකි.
2024 අය වැය යෝජනා වලිය තුළත් පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ නව යෝජනා ගනනාවක් තිබේ. එමෙනම් විදේශ රාජ්‍යයන් සමඟ පෞද්ගලික අංශය සමඟ ආරම්භ කර තිබෙන වැඩපිළිවෙල ගනනාවක් වේ. මේ වෙනුවෙන් සහය ලබා ගත හැකි නව මාර්ග විවෘත්ත කරගැනීමට කළ මැදිහත් වීමද ඉහළය.
ජනාධිපතිවරයා පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැලසුමක් අනුව සිදු කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමේ සිට ආයතන රැසකට මේ සඳහා ප්‍රතිපාද්න සැලසීමද සිදු කර ඇත.
එහෙත් රටේ සංවර්ධනය කළ යුතු නම් රට තුළම පර්යේෂණ සිදු කරමින් නවෝත්පාදනයන් කරමින්, එම රටේම භාණ්ඩ නිශ්පාදනය කර රට පැටවීම කළ යුතුය, කියන මිත්‍යාව වැපිරවීමත් මේ වියතුන් කිසි වගවිභාගයක් නොමැතිව සිදු කරනු පෙනෙන්නට තිබේ.
සංවර්ධිත රටවල් ඔවුන්ගේ නිශ්පාදන ආර්ථික වුවමණාවන් වෙනුවෙන් විශාල අරමුදල් යොදවා කරන පර්යේෂණ ප්‍රතිපල මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව ඇත. චීනය අමරිකාවට පමණක් දෙවැනි ආර්ථිකයක් හා ලෝකයේ නව නිශ්පාදනයන් අතර ප්‍රමුඛයා වී ඇත්තේ පර්යේෂණ හා සංවර්ධන වැඩ වලට අනෙක් දියුණු රාජ්‍යයන් තරම් අරමුදල් යොදවා නොවේ. ද.දේ.නි.යෙන් සියයට 3 කි. එසේම සංවර්ධනයේ ඉහළ පළ නෙලා ගනිමින් විශාල දියුණුවක් අත්පත් කරගනිමින් සිටින බොහෝ රාජ්‍යයන්ගේ තත්වයත් එසේමය. ලෝකයේ බොහෝ රටවල සිදු වන්නේ අනුන්ගේ දැනුම, අනුන්ගේ පර්යේෂණ ප්‍රතිපළ, අනුන්ගේ නවෝත්පාදන මිලදී ගෙන තමන්ගේ දෙයක් නිශ්පාදනය කරගැනීමය. නැතිනම් එවැනි ගෝලීය මහා නිශ්පාදන කර්මාන්ත දාමයකට සම්බන්ධ වී රටට ආදායම් උපයා දෙන මාර්ග විවෘත්ත කරගැනීමය. එනම් ලෝකයේ යම් රටක යම් නිශ්පාදන ක්‍රියාවලියක් සිදු වේ නම් එහි කොටසක හෝ නිශ්පාදනයට දායක වීම සිදු කළ හැකිය. අද ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනයේ මාර්ගයට පිවිස ඇත්තේ එවැනි උපක්‍රම මගිනි. බිලියන සිය ගනනින් පර්යේෂණ වෙනුවෙන් යෙදවීමට වඩා ඒ ප්‍රායෝගිකය එමෙන්ම වාසි සහගතය.
මේ නිසා අඩු ආදායම් සහිත රටක් ලෙස අපේ තරමට අනුව ප්‍රායෝගිකව සාර්ථක කරගත හැකි මට්ටමේ වැඩ යෝජනා වී විය යුතුය. නැතිනම් වෙන්නේ රසායනික පොහොර තහනම් කර පැය විසි හතරෙන් කාබනික පොහොර වලට මාරු වුණා වගේ දෙයකි. අඩුම තරමින් මේ රට තුළ පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් නවෝත්පාදනය වෙනුවෙන් නව ව්‍යවසායකත්වයන් වෙනුවෙන් ජනතාවගේ ඇති උනන්දුව කැපවීම ගැන අදහසක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් ඓතිහාසිකවත් මෙරට මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇති අවධානය ප්‍රමාණවත් නැත. මේ සඳහා පෙළඹවීම මුලින් ඇති කළ යුතුය. නිදහසෙන් පසු ඉතිහාසය පුරාම සෑම රජයක්ම මේ වෙනුවෙන් කටයුතු කර ඇති බවත් කිව යුතුය.
මේ ආදී තත්වයන් මත, මැතිවරණ සටන් දිනා ගැනීම වෙනුවෙන් ජනතාව ඇන්දවීමට ලොකු කතන්දර කිව හැකි නමූත් අඩුම තරමින් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි පොරොන්දුවත් දීමේ සදාචාරයක් දේශපාලන පක්ෂ වලට තිබිය යුතුය.
විශේෂයෙන්ම වියතුන්ගේ ලණු කෑමෙන් පරිස්සම් විය යුතුය.
Himā Kalhara
තබා තිබු ෆේස්බුක් සටහනක්
ඔය table එකේ තියෙන දේ ගැන ලොකු දෙයක් කියන්න අවශ්‍යය නෑ. 25% - 40% GDP ප්‍රතිශතයක් බදු වශයෙන් ගන්න රටවල් කරන කෙරුම්. 11% GDP ටත් අඩු බදු ආදායමක් තියෙන ලංකාවට කරන්න බෑ කියලා මොලේ කූඹි පුකක් තරම් තියෙන එකෙක්ට උනත් තේරෙනවා. ඒ නිසා එතනින් එහාට කතාව කියන්නම්....
ලෝකෙ දැනට නිශ්පාදන ජාලවල අති බහුතරයක් කේන්ද්‍රීයව පාලනය කරන චීනය Budget එකෙන් වැඩිම R & D වලට වෙන් කරපු ලැයිස්තුවේ නෑ. ඒක අපිට ඇහැට පේන මානයේ විසඳුවොත් අපි අතේ තියෙන ඇපල් ෆෝන් එකේ උත්තරය තියෙනවා.
පිටිපස්ස හරවලා බලන්න මෙහෙම ඇති.
? Designed in California assembled in China
වානිජමය අර්ථයෙන් ගත්තම R & D කියන්නෙ නිශ්පාදන ක්‍රියාවලියක තියෙන එක පුරුකක් විතරයි. බංකොලොත් වෙලා යථාවත් වෙමින් ඉන්න රටක් විදිහට අපි ඒ පුරුක වෙනුවෙන් ඩොලර් මිලියන හය හත්සීයක් අමතර වියදම් කරන්න කලින් හිතන්න ඕන අපිට හොඳටම පුළුවන් දේ R & D ද කියන එක, ඒ වගේම ලෝකෙ අනික් රටවල් වලට සාපේක්ෂව අපිට ඒ මට්ටමට ආසන්නයට වත් යන්න R & D කරන්න ශක්‍යතාවයක් තියෙනවද කියන එක.
මොකද කියනවා නම් ලෝකෙ අද නිශ්පාදන වෙන්නෙ එක රටක R & D කරලා ඒ රටේම අමුද්‍රව්‍ය වලින් ඒ රටේම හදලා පිටරට යවන විදිහට නෙවෙයි. ලෝකෙ දැනට ක්‍රියාත්මක වෙන අති බහුතරයක් සමාගම් ක්‍රියාත්මක වෙන්නෙ දැවැන්ත බහුජාතික සමාගම් වල subsidiary විදිහට. ඒ සමාගමක එක් එක් නිශ්පාදනය R & Dකරන්නෙ කොහෙද, හදන්නෙ කොහෙද, තැන් කීයකද, එසෙම්බල් කරන්නෙ කොහෙද, විකුණන්නෙ මොන රටේද කියලා තීරණය කරන්නෙ ඒ ඒ රටවලින් ලැබෙන තරඟකාරී වාසියත් එක්ක.
අපිට දැනටත් R & D කරන්න පුලුවන් ක්ෂේත්‍ර තියෙනවා, ඇඟලුම් නිශ්පාදන, තේ, රබර් ආශ්‍රිත නිශ්පාදන, කෘෂිකාර්මික නිශ්පාදන කීපයක්. ඒත් ඒ කිසිවක් කෙටිකාලීනව දැවැන්ත ආර්ථික පිම්මකට යන්න පුලුවන් දේවල් නෙවෙයි.
දැවැන්ත පිම්මක් ගන්න ඕන නම් කරන්න තියෙන එකම දේ ආයෝජකයො ගේන එක, කප්පං ගන්න යූනියන් වලින් ඒ ආයෝජකයෝ ආරක්ෂා කරන එක, ඔවුන්ට අවශ්‍යය යටිතල පහසුකම් ලබාදීම, රෙගුලාසි සරල කිරීම, කෙටිකාලීන බදු සහන ලබාදීම, ඒ වගේම විශේෂයෙන්ම කොමිස් කපුටන්ගෙන් ආරක්ෂා කිරීම. ඒ හැර කෙටිකාලීන ඉදිරි පිම්මකට වෙන විකල්පයක් නෑ.
එච්චරයි