පෘථිවියට සමාන ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ Featured

Friday, 24 May 2024 15:01

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් ඇති, පෘථිවියට සමාන සහ වාසස්ථාන සුදුසු ග්‍රහයක් සොයා ගැනීමට සමත්ව ඇත.

Gliese 12b නමින් නම්කර ඇති මෙම ග්‍රහලෝකය මේ දක්වා පෘථිවියට සමාන ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට ඔවුන් උපකල්පනය කරයි.

තවද ඔවුන් පවසා සිටින්නේ මෙය පෘථිවියට හොඳ සහකාරියක් විය හැකි බවයි.

එහි මතුපිට උෂ්ණත්වය 42C වැනි සාමන්‍යය අගයක් ගන්නා බවත් පෘථිවියට සමාන ප්‍රමාණයක් ගන්නා බවත් ඔවුන් සොයාගෙන තිබේ.

විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ, ග්ලීස් 12 බී ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු දැනටමත් හදුනාගෙන ඇති ග්‍රහලෝක කිහිපයට අයත් බවය.

Gliese 12b ලෙස නම් කර ඇති ග්‍රහලෝකය සොයා ගැනීමේ දී ඔවුන් සටහන් ද තැබීය

“එය බොහෝ විට පෘථිවි ප්‍රමාණයේ විය හැකි බවත්, එය බොහෝ විට සෞම්‍ය විය හැකි බවත්, එය ඇත්තටම ආසන්නයේ ඇති බවත් අපි සොයා බැලුවා. දවසක් ඇතුළත අපි හිතුවා, 'අනේ අපිට මේක ලියන්න වෙනවා. මේක නම් නියම දෙයක්.'' යනුවෙනි.

Gliese 12b යනු පෘථිවියේ විශාලත්වය හෝ සිකුරු මෙන් තරමක් කුඩා වේ. තවද එහි මතුපිට උෂ්ණත්වය සෞම්‍ය 42C ලෙස ගණන් බලා ඇත.

මෙම ග්‍රහලෝකය මීන රාශියේ පිහිටා ඇති සිසිල් රතු වාමනයෙකු වන අතර පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය මෙන් 1.6 ගුණයක ශක්තියක් ග්‍රහලෝකයට එහි තාරකාවෙන් ලැබෙන බවද වාර්තා වෙයි.

නව ග්‍රහලෝකය තහවුරු කිරීම සඳහා නාසා ආයතනය සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි ශිෂ්‍යාවක් වන ලැරිසා පැලතෝර්ප් සමඟ ධොලකියා කණ්ඩායමට සම නායකත්වය දුන්නේය .

ආචාර්ය විල්සන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ "පුදුමයට කරුණක් නම්, "මෙම ග්‍රහලෝකය අප දන්නා පෘථිවි ප්‍රමාණයේ සහ උෂ්ණත්වයට සමානම ග්‍රහලෝකය" බවය.

එමෙන්ම අප දැන් දකින ආලෝකය මීට වසර 40කට පෙර එනම් 1984 වර්ෂයේ නිකුත්වූවකි. එය පෘථිවියේ සිටින අප වෙත කරා පැමිණීමට එතරම් කාලයක් ගතවී ඇති බවද ආචාර්ය විල්සන් වැඩිදුරටත් පවසයි.

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us