දෙපැත්තම බේරගැනීම දේශපාලනික නැත. එය අවස්ථාවාදී තක්කඩිකමකි. නමුත් දෙපැත්ත බේරගන්න කරන දැඟලීම් මෙන්ම දෙකෙන් එක්ක තෝරගන්න බැරුව කරන දැඟලීමද මේ වන විට මෙරට දේශපාලනය තුළ දකින්නට ලැබෙයි.
ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස 5ක 6ක ක තරම් කාලයකි. ජනාධිපතිධුරය සඳහා දැනට පෙනෙන පළමු පෙළ තරග කරුවන් තිදෙනෙකි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකය සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාරය.
ජනාධිපති රනිල්ට බේරා ගන්න දෙපැත්තක් නැත. ඔහු හැමදාම හිටපු පැත්තේ අදත් සිටියි. ඒ දක්ෂිණාංශක කඳවුරය. ඔහු ඊට නායකත්වය් සපයයි. ප්‍රතිපත්ති ආරවුල් නැත. එය නිරවුල්ය. වැඩපිළිවෙල ශක්තිමත්ය. රට ගොඩගියේ ඒ වැඩපිළිවෙල නිසාය. අනාගතය ගැන බය නැත. ඊට සරිලන නිවැරදි මාර්ග සිතියම ඔහු සතුව තිබේ. යායුතු ඉලක්කය ඔහු නිශ්චිත කර කියා ඇත. දැන් ගමන් කරමින් සිටින්නේ ඒ ඉලක්කය වෙතය. ආපහු හැරීමක් හෝ නැවැතීමක් නැත. දෙකෙන් එකක් කියා ගන්න තින්දුත් නැත. රනිල් හැමදාම ගත්තේ එකම තීන්දුවකි. ඒ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තමන්ගේ පක්ෂ දේශපාලනය වුව පරදුවට තබන බවය.
රනිල් අද භාවිතයෙන්ම එය නැවත ඔප්පු කර ඇත.
එහෙත් අද විපක්ෂ නායක සජිත්ට සිදුව ඇත්තේ ඒ පැත්තද මේ පැත්තද කියා තීරණය කරගැනීමට නොහැකි අර්බුදයකටය. දෙකෙන් එක්ක තෝර ගැනීමට නොහැකි වීමේ ආර්බුදයකටය. කොටින්ම තමන්ගේ සජබය බේරාගැනීමටවත් නොහැකි තරම් අර්බුදයකටය. ජනාධිපති රනිල් දිගින් දිගටම සියලු පක්ෂ වලට රට අර්බුදයෙන් ගොඩදැමීම සඳහා එකතුවෙන්නැයි ආරාධන කරයි. විශේෂයෙන්ම සජබයට පක්ෂයක් ලෙස පැමිණ මේ කටයුත්තට උර දෙන්නැයි කිහිප විටක්ම ඉල්ලා ඇත. එහෙත් සජිත් කීවේ රනිල් එක්ක ගනුදෙනුවක් නැත කියාය. සජබයේ මන්ත්‍රීවරු ගනනාවක්ම මේ මොහොතේ ජනාධිපතිවරයා සිදුකරමින් යන ආර්ථික ප්‍රතිසංස්කරණය සාර්ථක කරගැනීමට සහය වීම රට වෙනුවෙන් කරන වගකීමක් යුතුකමක් බව පැහැදිලි කර දීමට ගත් උත්සාහයන් සියල්ලම අපතේ ගොස් තිබිණි. නමුත් මේ මන්ත්‍රීවරු තමන්ගේ උත්සාහය අත්හැර නැත. මේ වන විට මන්ත්‍රීවරු 22ක් සජබය ජනාධිපති රනිල්ට සහය විය යුතු බවට විධිමත් ලියවිල්ලක් ලෙස එය සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කිරීමේ සුදානමක පසුවන බව දැනගැනීමට තිබේ. එසේ නොවුණහොත් ඔවුන් දේශපාලන තීන්දුවක් ගැනීම සිදුවෙන බවත් මෙයින් දැන්වීමට නියමිතව ඇත.
එකවර මෙතරම් මන්ත්‍රිවරු ප්‍රමාණයකින් සජිත්ට බලපෑමක් මින් පෙර සිදුව නොතිබිණි. මෙය සජිත් බලාපොරොත්තු නොවුණ දෙයකි. දැන්ටමත් සජබයේ මන්ත්‍රීවරු ගනනාවක් එයින් වෙන්වී සිටින මොහොතක තවත් 22 ක් යනු සජබය හොදාපාළුවට ලක් වීමකි. සජිත්ගේ ජනාධිපති සිහිනය තබා අනාගතත විපක්ෂ නායක ධුරයත් නැති වෙන තැනකි. මෙවර පැරදුනොත් දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සජිත්ට සිදුවෙන බව ඊයේ පෙරේදා කියා තිබුණේ සජිත්ගේ කැම්පේන් මැනෙජර්මය. එය වෙලාසනම කියා තැබුවේ දැන් සජිත් සිටින්නේ බිත්තියටම හේත්තු වුණු ගමන් නිසාද විය හැකිය. සජබය රැකගන්න ගිහින් ඒ අත්තත් නෑ මේ අත්තත් නෑ කියා වැළලෙනවාද? ජනාධිපති රනිල්ට සහය වෙමින් එජාපය හා එක් වී ජාමවත් බේරාගන්නවාද කියන එක සජිත් තීරණය කළ යුතුව තිබේ. දෙකෙන් එකක් තීන්දු කළ යුතුය.
මේ අතර සමාජ විප්ලවවාදී ජවිපෙ හා ඔවුන් ගොඩනැගු ලිබරල්වාදී ජාතික ජන බලවේගයේ නායකයන්ටත් පාක්ෂිකයන්ටත් ඒ පැත්තද මේ පැත්තද කියා තෝරගැනීමට නොහැකි වීමේ බරපතල අවුලකට පත්ව සිටී. දෙකෙන් එක්ක තීන්දු කරගැනීමට නොහැකිව සිටී.
ජවිපෙය, ජාතික ජන බලවේගය හැදුවේ ජනතාවගේ පිළිකුලට වෛරයට පාත්‍ර වුණ ජවිපෙයට ඒ නමින් තවදුරටත් මේ මැතිවරණ දේශපාලනය තුළ පැවැත්මක් නොමැති නිසාය. ජවිපෙ වෙනුවට නම පාට ලකුණු වෙනස් කරගෙන, ලිබරල් මුහුණුවරකින් වෙන ගේමක් ගැසීමට පැමිණි ජවිපෙට දැන් සිදුව ඇත්තේ ජාතික ජන බලවේගයෙන්, ජවිපෙ බේරාගැනීමට සිදුවෙන ආරවුලකය. එමෙනම ජාතික ජන බලවේගයට ජවිපෙට බාහිරෙන් එකතු වූ පිරිසට ජවිපෙන්, ජාජබය බේරාගැනීමේ සටනකට අවතීරණය වෙන්න සිදුව ඇත.
දෙපක්ෂයම ප්‍රතිපත්ති ගැටුමක, නායකත්ව ගැටුමක ආදි වශයෙන් ගැටුම් රැසක පැටලී එකක්වත් ලෙහා ගැනීමට නොහැකිව සිටී. ජවිපෙ නලීන් හේවගේලා, ලාල් කන්තලා වෙතින් ආපහු 88-89 කාලයේ ජවිපෙ වගේ මර්දනයක් තමන්ගේ පාලනයක් යටතේ සිදුවන්න නියමිත බව ඇඟවෙක කතා කියන විට ජාබයේ ලිබරල් උගත් වියත් ප්‍රජාවට රෙද්දක් ඇඳගෙන ජවිපෙ සමඟ දේශපාලනය කළ නොහැකිය. ජවිපෙ තමන්ගේ සමාජවාදී ප්‍රතිපත්තිය මිස වෙනකක් ජාජබ ආණ්ඩුවක ක්‍රියාත්මක නොවන බව කියද් දී ජජබයේ නායකයෝ හිතුවේ ජවිපෙ සුළුතරය නිසා බහුතර තමන්ට එය මතවාදීව පරාජය කළ හැකි බවය. එහෙත් දැන් ජවිපෙ එන්නේ ගහනවා මරනවා කොටනවා ලයින් එකෙන්ය. ඒකට උත්තරය ජාජබය සොයාගත යුතුය. ඒවගේම ජවිපෙ හිතන් ඉන්නේ තමන් නැතිනම් ජාජබය නොපවතිනු ඇත කියාය. මන්ද ජවිපෙ මුල් වී හැදු බොහෝ සංවිධාන ජවිපෙ විසින් අතරමග අත්හැරි විට ඒවාට සිද්ද වුණේ එයම නිසාය. නමුත් මේ ගමන ජවිපෙ නැති ජාජබයක් වුව නිර්මාණය විය හැකිය. ජවිපෙට දිය හැකි නියම උත්තරය එය විය හැකිය. ඒ ජාජබය සංවිධානාත්මකව ජවිපෙ අභිබවා ගොස් ඇති නිසාය. ජන කැමැත්ත ඇත්තේ ජාජබයට මිස ජවිපෙට නොවන නිසාය.
කොහොම වුණත් අඩුම තරමින් තමන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද කියාවත් හරියට එක දෙයක් තීරණය කළ නොහැකි කල, ජනතාව ගොනාට ඇන්දවීම හැර කළ හැකි දේශපාලනයක් නම් මේ දෙතුන්ගොල්ලන්ටම නැත.
The Chatham Street Journal
මුල් පුවතිනි.