රනිල් සජිත් සීතල යුද්ධය විපක්ෂයේ ඉතිරි ටිකත් ඉවර කරයිද?? Featured

Saturday, 19 June 2021 11:19

පස් වතාවක් අගමැති පදවියේ දිව්රුම් දෙමින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තබා සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසීමට සැරසේ.

එයද මහජන ඡන්දයෙන් කළ තෝරා ගැනීමක් නොව පක්ෂයට ලැබුණු ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනකට වීමද විශේෂත්වයකි. එසේම පරාජිතයන්ට ලැයිස්තු මන්ත්‍රීකම් නොදෙන බවට ඔහුම පැනවූ නීතියද කඩා දමමිනි.

දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා දේශපාලනයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලන චරිත කිහිපය අතරට එක්වෙයි.1993 මැයි පළමුවෙනිදා ජනාධිපති ආර් ප්‍රේමදාස LTTE ප්‍රහාරයකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව එවක අගමැති පදවියේ සිටි ඩී බී විජේතුංග ජනාධිපති පදවියට අනුප්‍රාප්තවීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කරනු ලැබිණි. එය ඔහු අගමැති පදවියට පත් පළමු අවස්ථාව විය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන දිවියෙහි ඔහු බලවත් දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථාවන් කිහිපයක් වේ. ඉන් එකක් වන්නේ ඔහු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයෙහි දෙමළ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟ සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමය.

එසේම 1988-89 භීෂණ සමයෙහි පවත්වාගෙන යන ලදැයි පැවසෙන 'බටලන්ද වධකාගාරය' පිළිබඳව දැන සිටි බවට රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල විය. එම වධකාගාරය පිළිබඳව විභාග කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය විසින් 'බටලන්ද කොමිසම' පත් කරන ලදී. වික්‍රමසිංහයන් සිය දීර්ඝ දේශපාලන ජීවිතයෙහි මුහුණදුන් එම බරපතල චෝදනා අභිමුඛයෙහි එම කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට රනිල් වික්‍රමසිංහට සිදුවිය.

ඔහු දෝෂ දර්ශනයට ලක් වූ අනෙක් අවස්ථාව ලෙස 2015 පාලන සමයෙහි සිදු වූ ''මහබැංකු කොල්ලය'' නමින් හැඳින්වෙන මූල්‍ය අපචාරය මුල්තැනක් ගනී. තවද ඔහුට එල්ලවූ චෝදනා අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ට තොරතුරු ලැබී තිබියදීත් එම විනාශය වළක්වා ගැනීමේ වගකීම සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රනිල් වික්‍රමසිංහද දැඩි දෝෂාරෝපණයට ලක් වූ චරිත විය.

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ සදාකාලික නායකත්ව බල පොරයෙහි දීර්ඝ කුලල්කාගැනීමේ ඉතිහාසයක් සහිත දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බව රටම දන්නා කරුණකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන කරුණු මත වැඩියෙන්ම විවේචනයට ලක්වෙන දේශපාලනඥයන් කිහිපදෙනා අතර රනිල් වික්‍රමසිංහ මුල්තැනක් ගනී . ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ඔහු සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දහරාවේ වර්තමාන ශ්‍රී ලාංකික පිළිබිඹුවයි. තවත් අයට ඔහු දේශපාලන උපායෙහි හපන් ''සූත්තර පුංචෙකි''.ඒ කෙසේවෙතත් සාමාන්‍ය ජනතාවට නම් ඔහු පරඩැලකී.

කෙසේවෙතත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබිමත් සමග එජාපය දෙකඩ කඩා තැනු සමගි ජන බලවේගය කැළඹුණි. මෙම ආරංචිය සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මරු පහරක් වීම නොවැලැක්විය හැකි දෙයක් නොවීය.
සජිත් ප්‍රේමදාස යනු වත්මන් දේශපාලන භූමිකාව තුල සිටින ඔර්ජිනල් දේශපාලන කවටයෙකු බව සැවොම දන්නා කරුණකි. ගසක් කිසිවිටෙකත් මුල ශක්තිමත් නම් චණ්ඩ මාරුතයන්ට කිසිවිටෙකත් බිය නොවෙති.. නමුත් ගස බිය වන්නේ මුල ශක්තිමත් නොමැති බව ගසට වැටහුණහොත් පමණි. දැන් රනිල්ගේ පැමිණීමෙන් සජිත්ට සිදු වී ඇත්තේද ඒ හා සමාන සිදුවීමකි. එය වඩ වඩාත් සනාථ වන්නේ රනිල්ගේ පැමිණීමත් සමග පසුගියදා සමගි ජන බලවේගයට සහය දුන් ගම්පොල නගර සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීමේ සිදුවීමත් සමගයි. මෙවැනි තවත් සිදුවීම් කිහිපයක්ම පසුගියදා වාර්ථා විය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස සැනසුම් සුසුම් හෙළුවේ අලියා හබක් යැයි සිතමිනි. දැන් තමාට නිදහසේ දේශපාලන ගමන් මග යා හැකියැයි ඔහු මෙතක් සිතා සිටි සත්‍ය වේ. එපමණක් නොව රනිල්ගේ පැමිණීමට සෘජුවම සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් සජබයේ සිටීම සජිත් වෙව්ලවන භයංකර තත්වයක් බවට පත්ව තිබේ. මේ කණ්ඩායමට චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු වැන්නන් අයත් බව දැන් නොරහසකි. තම රැහේ උන්ම රනිල්ගේ පැමිණීමට සහය දැක්වන විට ඒ දෙස සජිත්ට දැන් බලා ඉන්නට සිදුවනවා මිස වෙන කළ හැක්කක්ද නැත. මීට පෙර සජබ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහය දුන් විට සජිත්ට කළ හැක්කක්ද නොවීය.

එසේම බටහිර රාජ්‍යයන් ප්‍රමුඛව ජාත්‍යන්තර වශයෙන් රනිල්ට තිබෙන පිළිගැනීම හමුවේ රනිල්ගේ මේ පාර්ලිමේන්තු ආගමනය කිසිවතුය සුළුකොට තැකියද නොහැක. පසුගිය දා සමාජයම කතා බහට ලක් වූ එක්තරා ප්‍රබල සිදුවීමක් ඇත. එනම් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ නොවූ රනිල් වික්‍රමසිංහව ඔහු පුද්ගලිකව හමුවීමය. ඒ අනුව සිතන විට රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිටුපස විශාල දේශපාලන හස්තයක් ඇති බව සිතිය හැක.

සජිත්ගේ පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ඇති එකම වැදගත්කම විපක්ෂ නායක ධුරය හිමිව් තිබීම පමණය. අඩුම තරමින් විපක්ෂයක කාර්යභාරය තුළින් ගොඩ නගා ගත් දේශපලන වැදගත් කමක් හෝ දැනට නම් නැත..එකම විසුළුකාර භුමිකාවක මිස අපට මේ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය ගැන වෙනත් කතා කළ හැකි කිසිවක්ම නැත. මේ නිසාම එදා එජාපය නියොජනය කළ පසුව සජබය මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පිවිස සිටින හිටපු එජාප ප්‍රබලයන් සහ සිහි බුද්ධියක් ඇති මන්ත්‍රීවරු රනිල් වටා එක රාශී වීම සිදු විය හැකි අතරම විපක්ෂ නායකධුරය නිල නොවන ලෙස රනිල්ගේ ගිණුමට බැර වීම නිතැතින්ම විය හැකිය.

මේ අලුත් තත්වය තුළ විපක්ෂයේ දේශපාලනය වෙනස් වියද හැකිය. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ රනිල්ගේ දේශපාලනය රටට කෙසේනම් බලපායිද යන්නය. රනිල් ආණ්ඩු බලය සහිතව සිටිනවාට වඩා විපක්ෂයේ සිටියදී ඔහුගේ දේශපාලනය ගුප්ත මෙන්ම බයංකර බව අපි අත්දැකීමෙන්ම දන්නා දෙයකි. කෙසේ වෙතත් රනිල්ගේ පැමිණීම සජිත්ගේ විපක්ෂයටනම් බරපතල හානිගෙන දීම වැලක්විය නොහැකි බව අපි දනිමු. ඇතැම් විට ඔහුගේ සහය වත්මන් ආණ්ඩුවටම හිමිවීමද විය හැකිය. මන්ද ඔහු බලය අත්පත්කර ගැනීමට වඩා තමන්ට නැති බලය සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය අයෙක් නිසාවෙනි .
ඒ කෙසේ වුවත් නැවතත් සජිත් සහ රනිල් සීතල සටන උණුසුම් වන අයුරු ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව නම් සැබෑවකි. හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට යැයි පරණ කියමනක් ඇත..එහෙත් දැන් එළිවෙන ජාමෙ කෙසේ වෙතත් හොඳ හොඳ දේවල් නිතර දෙවේලේ ඉදිරියේදී දැකගත හැකි බව නම් කිව හැකිය.

-පංචාලි

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us