2024 විපක්ෂයේ පොදු අපේක්ෂකයා මංගල නොවේනම් වෙන කවුද? Featured

Thursday, 15 April 2021 14:29

එළඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන දැන් මාස කිහිපයක සිටම දේශපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු කතා බහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම 2024 වන විට මේ රටේ ජේෂ්ඨතම (වයසින්) දේශපාලන නායකයන් ගනනාවක්ව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම, ඇතැම් විට ජීවිතයෙන් සමුදීම හො වයෝ වෘද්ධභාවයට පත්වීමට නියමිත වන නිසා අලුත් තරුණ නායකත්වයන් බිහිවීම ගැන අපේක්ෂාවන් වර්ධනය වී තිබේ.

මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පක්ෂ තුළද විපක්ෂ පක්ෂවලද එකම ආකාරයේ නායකත්ව හිඩැස් නිර්මාණය වෙමින් තිබේ.

ඒ කොහොම නමුත් ආණ්ඩු පක්ෂය තුළ තවදුරටත් රාජපක්ෂ පවුලේ නායකත්වය තීරණත්මකව තිබෙන නිසා එතැන ගැටලුව එම පවුලේ ප්‍රශ්නයක් ලෙස විසැ‍ඳෙනු ඇතැයි කල්පනා කළ හැකිය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නැවැත ඉදිරිපත්වීමට අදහසක් නැති බවට ඔහුගේ හිතවතුන් සමඟ පැවැසූ බවට මාධ්‍ය වාර්ථා පළවීමත් සමඟ මීලඟ නායකත්ව අනුප්‍රාප්තිකයා පිළිබඳ කතා බහ එම කඳවුරේ සාකච්ඡාවට ගැනිනි. ඒ අතර පොදුජන පෙරමුණ ලෙස බැසිල් රාජපක්ෂ ගැන අපේක්ෂා ප්‍රකාශයට පත්කරන විට විමල් වීරවංශ ප්‍රමුඛව අනෙක් කොටස්කාර පාර්ශ්වයක් ඊට එරෙහි මතයක් රෝපණය කරමින් සිටී. ශ්‍රී ලනීපයද නැවත වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන අදසක් මතු කරමින් තිබේ. මේ වන විට විමල් වීරවංශද ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ නම් අතර ඉහළින් නම ‍රැඳවීමට සමත්ව තිබෙන බවත් පැහැදිලිය.

එහෙත් විශේෂයෙන්ම බැසිල් - විමල් පාර්ශ්ව දෙකෙහි ගැ‍ටුම නිමාවෙනු ඇත්තේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂව අභිෂේක කිරීමෙන් බවට ඇතැම් දේශපාලන තොරතුරු මාර්ග විසින් පෙන්වා දෙයි. බැසිල් රාජපක්ෂව වලක්වා ඒ අපේක්ෂකත්වයට නාමල්ව ගෙන ඒම විමල් විසින් කරන දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත් ඒ පි‍ටුපස මහින්ද රාජපක්ෂද සිටින බවත් ඔවුන් සැකකරයි. එසේම මේ වන විට ජනාධිපති ගෝඨාභයගේ සහයද නාමල් වෙත ලබාගැනීමට සමත්ව ඇති බවත් පෙන්වා දෙන මේ පිරිස පසුගියදා ගම සමඟ පිළිසඳර වැඩ සටහන සම්බන්ධ පසුවිපරම් වෙනුවෙන් ඇති කළ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස නාමල් සහ ඔහුට හිතවත් කණ්ඩායමක් පත්කිරීම සිදුවුයෙ ඒ නිසා බවත් පැවසේ. ගම සමඟ පිළිසඳර වැඩ සටහන බැසිල් යටතේ වන කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන අතරතුර ඒ ගැන පසුවිපරම් කිරීමට නාමල් යටතේ වෙනම බලකායක් නිර්මාණය කිරීම විවාදිත තත්වයකි. ඒ කොහොම නමුත් එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණෙහි අපේක්ෂකයා කවුද යන්න රාජපක්ෂ පවුලේ තීන්දුවක් පමණක් වෙනුඇත. ජනාධිපත් ගෝඨාභය තමන් ඉදිරිපත්වීම හෝ නොවීම ජනතාව විසින් තීරණය කරනු ඇති බවට ප්‍රකාශයක් ද පසුගිය කාලයෙහි කර තිබිණි.

විපක්ෂයේ තීරණය

මෙ අතර විපක්ෂ කණ්ඩායම්වලද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන යම් තරගකාරිත්වයක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම සමගි ජන බලවේගයෙහි නායක සජිත් ප්‍රේමදාස සහ එහිම කොටස්කාරයකු වූ පාඨලී චම්පික රණවක ඒ වෙනුවෙන් දැන් එළිපිට සටනක යෙදී සිටී. දැනට පැහැදිලිවම මතුපිට තලයේ දී පෙන්නුම් කරන දේශපාලන ප්‍රවණතා අනුව ප්‍රධාන විපක්ෂය පාර්ශ්වයෙන් ජනාධිපති අපේක්ෂකයා වෙනු ඇතැයි සිතිය හැක්කේ සජිත් හෝ චම්පිකය.

එහෙත් මේ වන විට ඇතැම් නිහඬතා තුළ වෙනත් බලවේග රැසක් යම් දේශපාලනික මෙහෙයුමක නියැලී සිටින බව විටින් විට පෙන්නුම් කරමින් තිබේ. විශේෂයෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මංගල සමරවීර.. නිහඬ නමුත් අතිශය තීරණාත්මක දේශපාලන මෙහෙයුමක මේ මොහොතේත් යෙදි සිටින බවට සැකකළ හැකි තත්වයන් පෙන්නුම් කරමින් තිබේ. මේ අතරින් රනිල් හෝ චන්ද්‍රිකා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීම සිදු නොවෙන බව පැහැදිලි කරුණකි. එහෙත් මංගල සමරවීර යනු ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස සුදුසුකම් විශාල ප්‍රමාණයක් එකතුකරගෙන සිටින විපක්ෂ පාර්ශ්වයේ සිටින ප්‍රභලම දේශපාලන ක්‍රියාධරයා ලෙස හැඳින්වීම වැරදි නැත. ඔහු හමුවේ සජිත්, චම්පික වැන්නවුන්ට පසුබසින්නට සිදුවීම අනිවාර්ය තත්වයකි. මංගල පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් නොවී මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වන බවට තීන්දු කිරීමෙන් පසුව ඔහු විසින් ක්‍රියාත්මකකරමින් සිටින වැඩපිළිවෙල සහ සංවාදයට බඳුන්කරමින් සිටින දේශපාලනික මතවාදයන් දිශාගත කළහැක්කේ රටේ මීළඟ නායකත්වයට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකසමින් සිටින බවය. ඔහු විසින් මේ වන විට සමාජගත කරමින් තිබෙන නව අදහස් ඉදිරියේදී සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හී සාකච්ඡාවන්ට ගැනීම ඔහුගේ කණ්ඩායම විසින් සිදුකෙරෙන තත්වය තුළ මංගලව මඟහැර යෑමට කිසිදු දේශපාලන කණ්ඩායමකය නොහැකිවනුද ඇත.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ දේශපාලන පක්ෂයක ඉහළ තනතුරු තානාන්තර හෝ නොදරණ නිකම්ම නිකම් සිවිල් පුරවැසියකු ලෙස ඔහු සිටියත් මංගල යනු මේ මොහොතේත් මේ රටේ සියලු විපක්ෂ බලවේග එකට එකතුකර ගතහැකි ප්‍රබලම දේශපාලන බල කේන්ද්‍රයකි. එජාප සජබ සහ සම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මත දරන සියලු පක්ෂත් ජවිපෙ වැනි වාමාංශික පක්ෂත් ඔහුට නම්මවා ගැනීම අසීරු දෙයක් නොවේ. ඒවා ඔහුගේ මිතුරන්ගේ පක්ෂය. ස්වාධීන මතදරණ, පක්ෂයකට අයත් නොවන රටේ දේශපාලනය කෙරෙහි තීරණාත්මකවන කණ්ඩායම සහ පුද්ගලයන් අති විශාල පිරිසක් ද මංගල සමඟ පෙළ ගැසීමද බලාපොරොත්තු විය හැකි තත්වයකි. එසේම ඇතැම් ජාතිකවාදී බලවේග පවා මංගලට සහය දෙනු ඇත. එසේම දෙමළ මුස්ලිම් ජන කොටස්වල විශ්වාසයද වැඩි ප්‍රමාණකින් මංගලට හිමිය. එසේම ජාත්‍යන්තර වශයෙන් ඔහුට ඇති පිළිගැනීමද මංගලගේ ජයග්‍රහණයට බරපතල ලෙසින් දායක වෙනවා ඇත.

අදටත් රාජපක්ෂවරුන්ට එරෙහිව කෙලින් කටින් සිට ගැනීමට හයියක් තිබෙන විපක්ෂයේ එකම දේශපාලන නයකත්වය් ලෙස මංගල බව ඔහු පෙන්නුම්කර තිබීමත් ඔහුට එරෙහිව දූෂණ වංචා ආදී චෝදනා නොමැතිවීමත් යම් දර්ශනයක්, ප්‍රතිපත්තියක් සහිතව වැඩකර එහි සාර්ථකත්වයන් පෙන්වා තිබීමත් ආදී හේතු රැසක් නිසා ඔහුගේ අපේක්ෂකත්වය බහුතර ජනතාවකගේ පිළිගැනීමට ලක්කිරීම අපහසු දෙයක් නොවේ. ඒ අනුව මංගල ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත්වීම රාජපක්ෂවරුන්ට අභියෝගයක්වීම ද වැලක්විය හැකි නොවේ. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවවන්නේ ඔවුන් බලයට පත්කළ ජාතිකවාදී බලවේගවල අපේක්ෂා මුදුන්පත් කරදීමට අසමත්වීම තුළ එම කඳවුරේ ඇතිව තිබෙන කළකිරීමය. එමෙන්ම රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික ගැටලුව මතුපිටින් පෙනෙන තත්වයට වඩා අනතුරුදායක වන අතර ඉදිරි වසර කිහිපය තුළ මේ තත්වයන් වර්ධනයවීම සිදු වෙනු ඇතැයි කල්පනා කළ හැකිය. විශේෂයෙන්ම චීන රාජ්‍යයේ සහ අමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් ලංකාව සම්බන්ධයෙන් ඇතිකර ගන්නා ගැ‍ටුම නිසි පරිදි කළමනාකරණ කරගැනීමට වත්මන් පාලනය අසමත් වුවහොත් බලාපොරොත්තු නොවෙන අර්බුද රැසකට රට ගොදුරු වනු ඇත. එම තත්වයන් විපක්ෂ පාර්ශ්වයන් විසින් පාවිච්චි කරන ආකාරය අනුව ආණ්ඩුවට මුහුණදීමට සිදුවන අභියෝගය සුළුප‍ටු වන්නේ නැත. එහෙත් එය ආණ්ඩුව නොදන්නවා නොවේ. කොහොම නමුත් මංගල ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකත්වය බාරගන්නවා නම් ඔහුට වඩා වාසිදායක තත්වයන් ගොඩනැගෙමින් පවතින බව පැහැදිලිය.

පහත දැක්වෙන්නේ ඔහු පසුගියදා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැත්වූ සාකඡාවය.

''..ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ එකම කොන්දේසිය කරගන්නේ ජනාධිපතික්‍රමය. තමන් දිනා ගන්නා ධුරය දිනාගෙන, පාර්ලිමේන්තුවේ පළවෙනි පණත හැටියටම ඉදිරිපත් කරනවැයි කියලා පොරොන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. 

නමුත් එවැනි විශ්වාසයක් අවුරුදු 30ස් ගාණක් දේශපාලනය කරලා දැනට මට තියෙන්නේ මම ගැන  විතරයි.''

https://www.youtube.com/watch?v=g2Or-epyGPM&t=7s

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us