ඒ පසුගිය යහපාලන යුගයේදී ජවිපෙ නායක අනුර කුමාරද ඇතුලුව එම ආණ්ඩුවේ කණ්ඩායමක් 'දූෂණ විරෝධී කමිටුව' නමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට පිහිටුවා ගත් නීති විරොධී කමිටු රැස්වීමේ සාමාජිකයකු වීම පදනම් කරගෙන නැගෙන චෝදනාවලට එරෙහිවය. අනුර කුමාරලා යහපාලන යුගයේදී කළ දේශපාලන පළිගැනීම් නිසා අගතියට පත්වූ පාර්ශ්වයට යුක්තිය ඉටුවීම විය යුතු බව ඒ පිළිබඳ පරික්ෂා කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබිණි. කළ වරදේ තරම ගැන පැහැදිලි කරමින් කොමිසම නිර්දේශ කළේ මේ දූෂණ කමිටු සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවය. ඒ අනුව ඒ වෙනුවෙන් වූ නව කොමිසක් පිහිටුවා ඒ ගැන වැඩිදුරටත් පරික්ෂාකර අදාල දණ්ඩනයන්ට යටත් කරවීම විය යුතු බවත් නිර්දේශ කර තිබිණි.
ජවිපෙ වැනි බහුජනතාවගෙන් ප්‍රතික්ෂේප වන සංවිධානයකට තමන්ගේ ත්‍රාඩ දේශපාලනය පවත්වා ගැනීමට මෙවැනි තත්වයන් වුවමණාය. ජවිපෙ දේශපාලනය පටන් ගත් අවධියේමත් එහි නිර්මාතෘ රෝයණ විජේවීරට අවශ්‍ය වූයේ පක්ෂය කෙසේ ආණ්ඩුව ලවා තහනම් කරවාගැනීමටය. ඒ හරහා තමන්ගේ බලාපොරොත්තුව වූ අවිගත් රහසිගත දේශපාලනයට විජේවීර ඉතා දැඩි ආසාවකින් පසු විය. සමාජය කෙරෙහි වන වෛරීසහගත මානසික පීඩාවකින් ඔහු පෙළීම ඊට හේතු වූ බවත් එම සමකාලීනයන්ම පවසා තිබේ. කොහොම නමුත් ඔහුගේ මුල් කාලීන පක්ෂ සාකච්ඡාවල මූලික ආවධාරණය වූයේ ආණ්ඩුව තමන්ව තහනම් කර මර්දනය කරනු ඇති බවය. ඒ වෙනුවෙන් පක්ෂය මුල සිටම සූදානම් වීමේ අවශ්‍යතාවය මතු කෙරිනි. එය ඉක්මන් කරගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවල යෙදුනු අතර ඒ අනුව සමඟි පෙරමුණු රජයට එම ව්‍යාපාරයෙන් රටට සිදුවිය හැකි හානිය වැලැක්වීමට පියවරයන් ගැනීමට සිදුවිය. 71 කැරැල්ල පැන නැගුනේ එම තත්වයන් දඩමීමා කරගෙනය. එහෙත් තමන් විසින්ම අවුලනු ලැබූ ගින්නෙහි වගකීම පක්ෂයේ වෙනත් ජේෂ්ඨනායකයන් පිට පටවා ඔවුන් පාවා දී තමන් සුදනා වෙන්නට ද විජේවීර උත්සහ ගත්තේය. එහෙත් ඔහුටද දඬුවම් හිමිවිය.
පසුව ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ඔවුන්ට නිදහස ලබාදීමට කටයුතු කෙරිණි.
ඒ ලැබුණු ඉඩ කඩෙනුත් යළි ජවිපෙ පිවිසියේ තමන්ට එරෙහිව කටයුතු කළ සමඟි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිව සිටි සිරිමා බණ්ඩාරනායකගේ සහ ශ්‍රීලනීපය ඇතුලු වමේ පක්ෂවල දේශපාලනය විනාශ කිරීම වෙනුවෙනි. ජේ ආර් ජයවර්ධන විසින් වංචාකාරී ඉඩම් ගනුදෙනුවක් පටලවා ඒ සම්බන්ධයෙන් සිරිමා බණ්ඩාරනායකගේ දේශපාලනය අවසන් කිරීම වෙනුවෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පැනවීය. එහි තීන්දුව වූයේ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය හත් වසරකට තහනම් කිරීමය. සිරිමාවෝට එරෙහිව මේ ගත් පියවර එදා ජවිපෙ විසින්ද ඉහළින්ම පිළිගනිමින් කටයුතු කළේය. එදා 'ශ්‍රී ලනිපයේ ගමනක අවසානය' නමින් රට පුරා රැස්වීම මාලාවක් පවත්වමින් ජේ ආර් , සිරිමාවෝට එරෙහිව ගන්නා පියවර සාධාරණීය කරණය කිරීමටත් ජවිපෙ දැඩි උත්සාහයක් ගනු ලැබීය. මෙම කොමිසම හමුවේ සිරිමාවෝට එරෙහිව සාක්ෂි දිමටද ජවිපෙ ඉදිරිපත් විය. එදා මේ වෙනුවෙන් විජේවීරගේ සමීපතම මිතුරා සහ එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ කෙලී සෙනානායකත් තවත් ජේෂ්ඨ නායකයකු වූ නන්දන මාරසිංහත් ඉදිරි පත් විය. (පසුව මේ දෙදෙනාව ඝාතනය කිරීමට ජවිපෙ තීන්දු කළ අතර ඒ අනුව මාරසිංහව ඝාතනය කළ නමුත් කිහිප වතාවකදීම කළ ඝාතන උත්සාහයන්ගෙන් බේරී සිටීමට කෙලී සමත් විය)
එදා ඒ දේශපාලන පළිගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස රටේ නීතිය බල්ලට දමා සිරිමාවෝට එරෙහිව ක්‍රියාත්මක වූ ජේ.ආර්. ගේ මජර භාවිතාව ඉහළින් පිළිගත් ජවිපෙට අද දෛවයේ සරදමකට මෙන් තමන්ගේ නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අනතුරුදායක තත්වයට මුහුණපාන්නට සිදුව තිබේ. එදා සිරිමාවෝට එල්ල කළ චෝදනා 11 කින් 10ක්ම පදනමක් නැති බව ඔප්පු කිරීමට ඇයට හැකි වූ නමුත් ඉතා සුළු කරුණක් අරභයා ඇගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම ජේ ආර් ගත් කැත දේශපාලන තීන්දුවක් විය. එහෙත් අද ජවිපෙට එල්ල වන චෝදනා දැනටමත් තහවුරුවී අවසන්ය.
කොහොම නමුත් ජවිපෙට තමන්ගේ ඒ 'සූරවීර' ඉතිහාසය අමතක කර අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්කළ කොමිසමට එරෙහිව කතා කළ නොහැක. මේ කොමිසම අනීතික නම්, ප්‍රජාතතන්ත්‍ර විරෝධී නම්, මෙය දේශපාලන පළිගැනීමක් නම්, එදා සිරිමාවෝට එරෙහිවත් ක්‍රියාත්මක වූයේ එම තත්වයමය. එදා ජේ ආර් නිවැරදි වන්නත් අද ගෝඨාභය වැරදි වන්නත් විය නොහැක. අද මේ කොමිසම පත්කරන්නේ එදාත් රටේ තිබුණු ජේ. ආර්. ගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. එනම් නීතිය එකමය. ඒ අනුව දඬුවමත් එකමය.
අනුර දැන් මේක බාරගත යුතුය. මේකට එරෙහිව තමන්ගේ පක්ෂ සාමාජිකයන් පාරට බස්සවා, කැරලි ගසා ඔවුන්ගේ ජීවිත බිල්ලට දී යළි මහ විනාශයක් කරන්න වන සූදානම් මේ රටේ සාමකාමී, බුද්ධිමත් මිනිස්සු පිළිගන්නෙ නැත. ජවිපෙ දේශපාලනය ගැන දන්නා මේ රටේ මිනිස්සුන්ට යළි යළිත් පට්ට කෙබර ඇද බා බා මහ හයියෙන් කියන දෙයක් තවත් ඉතිරිව නැත. කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගෙන හරි කන ජාතියේ අවස්ථාවාදී හිරිකිත දේශපාලන ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික අවසානයක් ගැන මිස මේ රටේ මිනිස්සුන්ට තවත් ඒ ගැන හිතනන් දෙයක් නැත.
විජේවීරලාගේ දේශපාලනය අවසන් වූ නමුත් එහි දිගුව වන අනුර කුමාරලාගේ දේශපාලනය විජේවීරගේ න්‍යායෙන් වෙනස් වූයේ විජේවීර අභිබවා ගොස් දහදුරාකම් වලින්ම යැපෙන බඩගෝස්තරවාදී කාලකණ්නිම දේශපාලන භාවිතාවකට අනුරලා ඇද වැටීම පමණි. අඩුම තරමින් විජේවීර තමන්ගේ දේශපාලන හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටියේය. අවසානයේ තමන්ගේ ජීවිතයේ පැවැත්මද අහෝසි කරගත්තේ ඒ අවංකකම නිසාය. එහෙත් අනුරලා කවදාවත් එහෙම අවංක දේශපාලනය කරන්නේ නැත. තමන්ගේ පැවැත්ම සියල්ලට වඩා ඔවුන්ට තීරණාත්මකය. ඩීල් දේශපාලනය කප්පම් දේශපාලනය ඔවුන් තෝරා ගත්තේ ඒ වෙනුවෙනි. සමාජවාදී විප්ලවයක් ගැන සිහිනයක හිරවී සිටින මිනිස්සුන් පිරිසක් හෝ ජවිපෙ වටා එක් වී සිටියේ පක්ෂය අවංකවම එම කටයුත්තේ නියැලෙන බවට වු මෝඩ විශ්වාසය නිසාය. ඒ වීජේවීරලාගේ පරපුර දුන් ආදර්ශයන් නිසාය. ඔවුන්ගේ ඉගැන්වීම් නිසාය.
එහෙත් අද විමසුමකින් තොරව, වහල්ගැති භාවයකින් පමණක් පක්ෂය තුල රැඳී සිටින ඉතාම සුළු පිරිසක් අද ජවිපෙ ක්‍රියාකාරීන්ව ඉතුරුව සිටී. තව විදිහකින් කියතොත් ඒ පක්ෂයෙන් වැටුප් ලබන කම්කරුවන් පිරිසකි. ඔවුන් පක්ෂ නායකයන් දෙන ඕනෑම නියෝගයක් පිළිපැදීමට සැදීපැහැදී සිටී. ජවිපෙ නායකයන් රට පුරා රැස්වීම් පවත්වමින්, ඇඟේ හිරිගඩු පිපෙන ගින්දර කතා පවත්වමින්, මේ මිනිසුන්ව අවුස්සමින් තවදුරටත් ඔවුන්ව එම වහල්භාවයේම තබාගැනීම දිගටම කෙරෙමින් තිබේ, ඒ හැර මේ රටේ මිනිස්සු තමන් කියන කරන දේවල් නොපිළිගන්නා බවද ජවිපෙත් ඉතා හොඳාකරවම දන්නා දෙයකි.
ජවිපෙට කළ හැකි වන්නේ මේ වහල්ලු ටික කුලප්පුකර පාරට බස්සවා කැරැලි ගසා මහා විනාශයක් සිදු කිරීම පමණි. ජවිපෙ දේශපාලනයේ ඇති අනතුරුදායකම තත්වය එයය. අනුරලා අද පාවිච්චි කරන ස්වරය අනුව මේ මෝඩ අනුගාමිකයන් මොන විනාශයක් කරයිද කියන බිය ජනිත වීම වැලැක්විය හැකි නොවේ. ඔවුන් හඟවමින් සිටින්නේ තමන්ට ආණ්ඩුව එරෙහි වුවහොත් රටට මහා අනතුරකට මුහුණ දිමට සිදුවෙනු ඇති බවය.
චෝදනා ඔප්පු වී ඇති ජවිපෙ පෙර වැරදිවලට රජය දඬුවම් පමුණුවීමට තීරණය කිරීම තුළ ඇත්තේ මේ රටේ පිළිගත් නීතිය අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල කළ හැකි ක්‍රියා පිළිවෙතකි. ඒ හැර ප්‍රජා අයිතිය අහෝ කිරීමේ නිර්දේශය තුල වෙනත් යමක් නැත. අනුරලාට ඊට මුහුණ දී ප්‍රශ්නය නීත්‍යානුකූලව බේරාගැනීමේ හැකියාව නොමැතිකමට පාලකයා හෝ පුරවැසියා පළි නැත. අනුරලාට අවශ්‍යවන්නේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වළක්වා ගැනීම වෙනුවෙන් පවතින සාමකාමී නීතිගරුක පරිසරය කැරැලි ගසා විනාශ කර රටම අඩපණ කර චෝදනාවෙන් ගැලවීමටය.
මේ රට ජවිපෙ නිසාම කැරැළි දෙකකට මැදි විය. ලක්ෂ ගනනකගේ ජීවිත ඉන් විනාශ විය. ඒ අතර වටිනා කියන මිනිස්සු, භික්ෂූන්, පූජකයන්, දේශපාලන නායකයන් ලක්ෂයක් පමණ දෙනා නිකරුණේ ප්‍රමාණයක් විනාශ විය. එදා ඒ විනාශ කළ රාජ්‍ය දේපොළ ප්‍රමාණය තිස් වසරක එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ යුද්ධයෙන්වන් විනාශ වූයේ නැති තරම් යැයි කිව හැකිය. ජවිපෙට යළි මෙවැනි තැනකට රට ඇද දමන්න ඉඩ දෙනවාද යන්න මේ රටේ මිනිස්සු ඉතා වගකීම් සහගතව කල්පනා කළ යුතුය.
කොහොම නමුත් මේ නව කොමිසම නිසා ජවිපෙ පැළඳගෙන සිටින වෙස් මුහුණු යටින් වන ඇත්ත මෘග සතා එළියට පැනීම සිදුව තිබෙන බැවින් මේ ගැන මේ රටේ පුරවැසියාට තීන්දුවක් ගැනීම පහසු කරද තිබේ. මේ අනුව ජවිපෙ නායක අනුර කුමරගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පමණක් නොව මේ ජවිපෙ නම් ත්‍රාඩ දේශබාලන කල්ලිය ද මේ රටෙන් අතුගාදැමිය යුතු බව රටේ ජනතාව තීරණය කරන්නේ නම් ඒ ගැන ද කිසිසේත්ම පුදුම විය යුතු නැත. එය සර්ව සාධාරණය.
-the novemberist