දූෂිත රාජ්‍ය නිලධාරී මා‍ෆියාවෙන් ආණ්ඩුවත් ජනතාවත් බේරගන්න ! Featured

Sunday, 27 December 2020 15:00

රාජ්‍ය පාලනයේදී ඒ සඳහා රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ සහය උපරීමයෙන් ලැබිය යුතුය. 'රාජ්‍ය සේවකයා' යන්නෙහිම තේරුම රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමය. රාජ්‍ය සේවකයාට පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ඇතැම් තහංචි පනවා ඇත්තේද ඒ අපක්ෂපාතීව සිදුවිය යුතු ජනතා සේවයක් විය යුතු බැවිණි.

එමෙන්ම නීති රීති අණපනත් රැසකින්ම මේ රාජ්‍ය සේවය ස්වාධීනව දූෂණයෙන් වංචාවෙන් තොරව පවත්වා ගැනීම වෙනුවෙන් නෛතික ප්‍රතිපාදනද පනවා තිබේ. මෙරට වත්මනෙහි ක්‍රියාත්මක රාජ්‍ය සේවය සුද්දා විසින් පිහි‍ටුවනු ලැබූවක් වන අතර සියවසකට වඩා ඒ පැරණි යාන්ත්‍රණයකි. එදා සිටම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් අද දක්වාම වෙයි.

මේ අනුව රාජ්‍ය නිලධාරීයා යනු රජයේ ප්‍රතිපත්ති පිළිගත් නීතිමය තත්වයන් අනුව එහි දැඩිව පිහිටා කටයුතු කළ යුතු පුද්ගලයකු විනා තමන්ගේ හිතුමතේට තීන්දු තීරණ ගත හැකි අයකු නොවේ. ඔහු අපක්ෂපාතී වීම හෝ ස්වාධීන වීම රාජ්‍ය ප්‍රතිපත්තීන්ට හා නීතියට යටත් වන අතර ඔහු කටයුතු කළ යුත්තේ ඒ අනුවය.  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යස්ථාව අනුව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා දායක වීම, ඒ ක්‍රියාත්කම කිරීම සඳහා ප්‍රශස්ථ උපාය මාර්ග අනුගමනය කිරීම , කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා නායකත්වය හා මාර්ගෝපදේශකත්වය සැපයීම රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් වගවීම හා වගකීමද  රාජ්‍ය පරිපාලන නිලධාරියාගේ සුවිශේෂ කාර්යභාරය අතර වෙයි.  

අල්ලස් හෝ දූෂණ පනතේ 70 වන වගන්තිය සකස් වන්නේ ද රාජ්‍ය නිලධාරීන්ට හෝ දේශපාලකයන්ට එලෙස හිතුමතේ කටයුතු කිරීම වැලැක්වීමටය.

ඒ අනුව, ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස පාඩු සිදුකිරීමේ හෝ තමා වෙත හෝ යම් තැනැත්තකු වෙත අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නීතී විරෝධි ලෙස පාඩු සිදුවිය හැකි බව නැතහොත් යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස අර්ථලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක් එනම්, රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් රජයේ සේවකයකු පොළඹවන, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන, රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමේ ලා සහභාගී වන, රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටුකිරීමට හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීමට යම් තනැත්තකු පොළඹවන යම් රජයේ සේවකයකු දූෂණය පිළිබද වරද සම්බන්ධයෙන් වරදකරු විය යුතු ලෙස දැක්වේ. 

එම කරුණු කාරණා එසේ වූවද මෑතකදී පාර්ලිමේන්තුවේදීත් මාධ්‍ය මඟිනුත් අනාවරණය වූ සිදුවීම් රැසකදි දැනගත හැකි වූයේ ඇතැම් ඉහළ තනතුරු දරණ රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ අයතා ගනුදෙනු ගැනය. බොහෝ විටම අල්ලසට, දූෂණයට, කොමිස් ජාවාරම්වලට පැටළුනු නිලධාරීන් ගැන චෝදනා එල්ල විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකවම සොයා බැලූ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600 ක පමණ ප්‍රමාණයක් මෙලෙස අල්ලසට දුෂණයට යටවී ක්‍රියාකර තිබෙන බව හෙළි විය. මේ අතර ආන්දොලනයකට ද තුදු දී තිබෙන ආනයනික භාණ්ඩ ගනනාවක් සම්බන්ධ බදු වෙනස් කිරීම ගැනද බරපතල චෝදනා එලල් වී තිබේ. සීනි, තිරිගු පිටි, පොල් තෙල්, ෆාම් තෙල් ආදියෙහි බදු වෙනස් කිරීම හරහා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට බිලියන් ගනනින් උපයා ගැනීමට ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානින් අවස්ථාව උදා කර දී ඇති බව පැවැසිනි. මේ සම්බන්ධයෙන් විශය බාර ඇමැතිවරයාද කනස්සල්ලෙන් කතා කර තිබෙනු පෙනෙන්ට තිබිණි.

මේ අනුව පැහැදිලි වන්නේ දේශපාලන අධිකාරිය අභිබවා ගෝස් මේ දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එක්ව කටයුතු කරමින් තිබෙන බවය. රටේ නීති රීති අණපනත් කොතෙකුත් තිබුණද දේශපාලන අධිකාරිය ප්‍රතිපත්ති තීන්දු කර තිබුණද මේ දූෂිතයන් ඒ අස්සෙන් රිංගා යමින් අකටයුතුකම් වල යෙදෙමින් තිබේ.

මේ බරපතලම පීඩාව ජනතාව කෙරෙහි වන අතරම දේශපාලනික වශයෙන් ගත් කළ මෙහිදී පාලක අධිකාරියට විශාල හානියක් සිදු කරයි. මන්ද මහ ජනතාව මේවා තේරුම් ගන්නේ ආණ්ඩුවේ නොහැකියාව හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් නැතිනම් ජනාධිපති අගමැතිගේ අනුග්‍රහයෙන් මේවා සිදුවෙන බවටය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ අරමුණක් වී ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන අකාර්යක්ෂමතාවය, දූෂණය, වංචාව, නාස්තිය දුරලා එය රටේ සංවර්ධනයේ ප්‍රබලම යාන්ත්‍රණය ලෙස නව ජවයක් සහිතව ගොඩනැඟීම කෙරෙහිය. ඒ වෙනුවෙන් ඔහු පසුගිය වසර පුරාම මහන්සි විය, 2021 අවවැය මඟින්ද මේ වෙනුවෙන් නව යෝජනා පවා ගෙන එමින් පවතින ජරා ජීර්ණ තත්වයන් වෙනස් කිරීම වෙනුවෙන් ඔහුගෙ ඇති අවංක කැපවීම පෙනුම් කර තිබේ.

එහෙත් දේශපාලන අධිකාරියේ ප්‍රතිපත්තිය ඉලක්කයන් නොසලකා රාජ්‍ය සේවය හැසිරෙයි නම් ඒ ගන්නා තීන්දු තීරණවලින් ආණ්ඩුවටවත් ජනතාවටවත් සෙතක් සැලසෙන්නෙ නැත. මේ නිසා පවත්නා ආණ්ඩුවේ බලධරයන් මේ තත්වයන් වහා වෙනස් කිරීමට මුල පිරිය යුතුය. මේ හදිසි අවශ්‍යතාවයක්ව තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම ලෙස පැමිණ නමුත් දූෂණ චෝදනා එල්ලවන පුද්ගලයන් ගැන කඩිනම් තීන්දු ගැනීම ද විය යුතුය. ඒ වැරදි නිවැරදි කළ යුතුය.

වත්මන් ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය පවරා ඇත්තේ වසර 5 ක තරම් කෙටි කලකටය. දැනටමත් ජනාධිපතිවරයාගේ කාලය වසරකින් ගෙවී ගොස්ය. ඉදිර සිව් වසරක කාලය තුල මේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කර සැබෑ ලෙසින්ම එය රටේ සංවර්ධනයේ ප්‍රධාන දැති රෝදය කරගන්නට නොහැකි වුවහොත් ඉදිරි අනාගතයත් රට අඳුරේමය. රාජ්‍ය සේවය ප්‍රතිසංකරණය කිරීම යනු ලෙහෙසි දෙයක් නොවන බවත් පිළිගත යුතුය. දූෂිතයන් අරක් ගෙන තිබෙන මෙතැන ඔවුන් මා‍ෆියාවක් ලෙස ක්‍රියාත්මක වේ. අණ්ඩුවක පැවැත්ම තීරණය කිරීමට තරම් මේ මා‍ෆියාව බලවත්ය. එහෙත් මේ බලවත් දුෂ්ඨ මා‍ෆියාව පරාජය කිරීමේ හැකියාව වත්මන් ජනපති සතුව ඇතැයි කියන විශ්වාසය ආණ්ඩු විපක්ෂ භේදයකින් තොරව පිළිගැනීමට ලක්ව තිබෙන්නෙකි. එමෙන්ම අවංක කාර්යශූර රාජ්‍ය නිලධාරීන් ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම්ය. ඊටත් වඩා මෙරට ජනතාව ඒ හිස් මුදුනෙන්ම පිළිගන්නා බවට කිසිදු සැකයක් නොමැත. ඒ නිසා ආණ්ඩුව රැක ගැනීමත් ජනතාව රැක ගැනීමත් සහ සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් රාජ්‍ය සේවයෙහි ආකාර්යක්ෂමතා දුෂණ වංචා නාස්තිය වලකාලීම වෙනුවෙන් ජනාධිපති ගන්න ඕනෑම තීරණයක් සම්බන්ධන්ධයෙන් රටට ආදරය කරන ජනතාව එක පෙළට ජනාධිපතිවරයා සමඟ සිට ගන්නවා සිකුරුය.

the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us