දුම්කොළ භාවිතා නොකරන්නෙක් ජීවත්වීම නොවටියි Featured

Published in අනං මනං
Wednesday, 11 April 2018 12:06

චීනයේ වෙරළක් යැයි සිතා ගෙන 1494 ඔක්තෝබර් 12 දින උදෑසන ක්‍රිස්ටෝපර් කොලොම්බස් බහාමාස් වල දූපතකට ගොඩ බැස්හ. ආගන්තුක සත්කාර වලට ලැදි ස්වදේශිකයෝ ඔහුට පළතුරු වර්ග, ධාන්‍ය වලින් සාදන ලද පාන් වර්ග,වියලි කොළ වර්ගයක් තෑගි කළහ. කොලොම්බස් වියලි කොළ ටික මුහුදට විසිකර අනෙකුත් දෙවල් තබා ගත්හ.

ඊට දින කිහිපයකට පසුව කියුබාවේ වෙරළට ගොඩ බැස බ්‍රසීලයේ ස්වදේශිකයන් Y හැඩැති ලී පයිප්ප වලින් දුම්කොළ පානය කර අඩසිහියෙන් සිටින හැටි නිරීක්ෂණය කළහ. මීට කලින් දිනක විසිකළ කොළ වර්ගයේ වටිනාකම කොලොම්බස්ට වැටහුනේ එවිටය.

ස්වදේශිකයන් දුම්කොළ මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා නොකළහ.ඔවුන් භාණ්ඩ හුවමාරුව සදහා දුම්කොළ බහුලව භාවිතා කළහ. එය එක්තරා ආකාරයක මුදල් ක්‍රමයක් වීමට පුලුවන. ස්වදේශිකයෝ තම ජීවිතයේ විවිධ අවස්ථා සැමරීම සදහා මෙය භාවිතා කළහ. කුඩා ළමයි පවා දුම්කොළ පානය කළහ. බොහෝවිට ගෝත්‍රයේ මන්ත්‍රාචාර්යවරයා විසින් දුම්කොළ දත්කැක්කුම, උණ හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස ඇතුලු බොහෝ රෝගවලට බෙහෙතක් ලෙස හා තවත් කටයුතු රාශියකට භවිතා කළේය. දුම්කොළ ඔවුන්ගේ දෙවියන් විසින් දෙන ලද තෑග්ගක් බවත් ඒවා පානය කිරීමෙන් තම සිතිවිලි හා යාතිකා දෙව්ලොව කරා යැවිය හැකි බවත් ඔවුහු විශ්වාස කළහ.

ඉන් පසු කාලයේ දුම්කොළ යුරෝපය පුරා වේගයෙන් පැතිරී ගියේය. 15-16වෙනි ශතවර්ශවලදී සුලු හන්දිපත් රුදාවේ සිට මහා වසංගත දක්වා සියලුම ලෙඩ රෝග සදහා බෙහෙතක් ලෙස දුම්කොළ යොදාගත් බව සදහන්ය. ඒ පිලිබදව පොත් පත් දුසිම් ගනන් ලියැවින. පෘතුගාලයේ ප්‍රංශ තානාපති Jean Nicot 1560 දී දුම්කොළ වල nicotaine ඇතිබව සොයාගන්නා ලදී. එය බොහෝ ලෙඩරෝග වලට එරෙහිව යොදා ගතහැකි බව සොයාගත්තේය. "දුම්කොළ වගේ වෙන කිසිම දෙයක් මේ ලෝකයේ නොමැත. එය ඔබගේ මොලය පිරිසිදු කරයි, ආතමයට මග පෙන්වයි. දුම්කොළ භාවිතා නොකරන්නෙක් ජීවත්වීම නොවටියි" යන්න එකල පොදු මතයවිය.

Sir John Hawkins විසින් 1565දී ෆ්ලොරිඩාවට කළ සංචාරයකින් අනතුරුව එංගලන්තයට දුම්කොළ හදුන්වාදුන්නේය. Nicotiana rustica හා Nicotiana tabacum යන දුම්කොළ වර්ග දෙක ප්‍රධාන වශයෙන් එංගලන්තයේ උද්භිද උද්‍යානවල, ඉතා කුතුහලයෙන් පසුවූ විද්‍යාඥයන් විසින් ඉතා පරෙස්සමෙන් වගාකළහ.

ඖෂධීය ගුණාංග මෙන්ම ඉතාම අහිතකර රසායනිකයන් රාශියක් අඩංගු දුම්කොළ නූතනයේදී බහුලව මත්ද්‍රව්‍යක් ලෙසින් භාවිතා කරන අතර පෙනහළු පිලිකා, මුඛ පිලිකා. හදවත් රෝග ඇතුලු මාරාන්තික රෝග ගනනාවකට වගකිවයුතුය. වගාබිම් නිසරු කරන ශාඛයක් ලෙසින් ද දුම්කොළ හැදින්වෙයි. දුම්කොළ ලෝකයපුරා මහාපරිමාණයෙන් වගාකරන්නේ එයට තියෙන අධික ඉල්ලුම හා ලැබෙන මිල නිසයි.

උපුටා ගැනීම - Dinudaya Weerasekara
linkedin.com


වැඩි විස්තර සදහා පහත සැබැඳි බලන්න-

■ History_of_tobacco
https://en.wikipedia.org/wiki/History_of_tobacco

■ tobacco-the-early-history-of-a-new-world-crop
http://www.nps.gov/…/tobacco-the-early-history-of-a-new-wor…

■ Tobacco
https://en.wikipedia.org/wiki/Tobacco

■ Types of tobacco
https://en.wikipedia.org/wiki/Types_of_tobacco

■ GROWING YOUR OWN TOBACCO
http://www.tobaccoseed.co.uk/Growing_Tobacco.html

■ How to grow and process tobacco at home for personal use

http://www.howtogrowtobacco.com/

 

 

Gossip

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ න...

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.   

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුව...

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන   

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශ...

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ව...

අනං මනං

දිනක්ෂිට සුබ උපන්දිනයක්  (Photos')

දිනක්ෂිට සුබ උපන්දිනයක් (Photos')

වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනි ආදරණීය දිනක්ෂි ප්‍රියසා...

Connet With Us