මේ නිසාම ගොඩක් දෙනෙකුට තරබාරු බව සහ ශරීරය කළු පැහැය ලොකු ප්රශ්නයක්. මෙහිදී ඒක ශාරීරිකව බලපාන දෙයකට වඩා මානසිකව බලපානවා. ඒත් අපි නොහිතුවට ලස්සන ගැන ලෝකේ තිබෙන මතවාදයන් කලින් කලට වගේම රටින් රටට වෙනස් වෙනවා.
ඒවගේම අපි හැමෝටම බටහිර නිළියකට වගේ ශරීරය සිහින්ව පැහැපත්ව පවත්වාගෙන යන්න බැරි වෙයි. අපේ ආහාර පුරුදු, ජීවත්වෙන පරිසරය, ජානමය බලපෑම් අපේ ශරීරයේ හැඩයට සහ පැහැයට බලපානවා.
Carey Fruth නම් ඡායාරූප ශිල්පියා ලස්සන පිළිබඳ ඇත්ත ලෝකයට අනාවරණය කිරීම සඳහා ඡායාරූප එකතුවක් නිර්මාණය කොට තිබෙනවා. මෙම ඡායාරූපවල මල්පෙති වලින් සිරුර සැරසීමේ තේමාව ගෙන තිබෙන්නේ ප්රසිද්ධ ඇමරිකන් චිත්රපටයක් වෙන ‘American beauty’ හරහායි. මෙහි තේමා පාඨය වන්නේත් ‘American beauty.
Carey පවසන විදිහට ශරීරයේ පැහැය හැඩය වෙනස් උවත් ලස්සනේ නම් කිසිම අඩුවක් සිදුවන්නෙ නෑ. ඒවගේම ඇමරිකාව වැනි රටක ජීවත්වෙන පුද්ගලයන්ගේ පවතින විවිධත්වයත් මේ ඡායාරූප පෙළ හරහා පැහැදිලි වෙනවා.